2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීයාව සහ පාකිස්තාන කණ්ඩායම අතර තරගය තව සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතව තිබේ.
චක්‍රලේඛ ප්‍රකාරව දුරකථන දිමනා දෙකක් ලබා ගැනිමට නොහැකි වුවද මහනුවර මහනගර සභාවේ නිලධාරින් 38 දෙනෙකු දුරකථන දිමනා දෙකක් ලබාගෙන ඇති බැවින් වැඩිපුර ගෙවා ඇති දුරකථන දිමනා අයකළ යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.
Read Moreබැඳීම් බිඳ දැමීමට කරන උත්සාහයන් තුළින් තවදුරටත් බැඳීම් ශක්තිමත් වන බව සඳහන් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය සමාජ මාධ්‍ය තුළ සටහනක් තබමින් සඳහන් කර තිබේ.
Read Moreශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවේ ප්‍රථමික ශිල්පීය නොවන සේවා ගණයේ III ශ්‍රේණියේ තැපැල් සහයක තනතුරට 731 දෙනෙකු තෝරා ගෙන ඇත. එම තෝරාගත් පිරිස සඳහා ස්ථීර පත්වීම් ලිපි ප්‍රදානය ලබන සඳුදා (2025.10.06) පෙරවරුවේ අරලියගහ මන්දිර පරිශ්‍රයේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.
Read Moreඇගිලි සලකුණු යන්ත්‍ර භාවිතා කිරිමකින් තොරව ශ්‍රි ලංකා රේගුවේ නිලධාරින් 2335 දෙනෙකු සදහා වැටුප්,වේතන,අතිකාල, නිවාඩු දින වැටුප් සහ දිරිදිමනා වශයෙන් ඉකුත් වර්ෂයේ දි (2024) රුපියල් තුන්සිය තිස්නම කෝටි, පනස්අටලක්ෂ, හැටහත්දහස් එකසිය විසි එකක (3,395,867,121) මුදලක් ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
Read Moreඅද 05 අලුයම 0230 ට පමණ කොළඹ සිට අක්කරේපත්තු දක්වා ධාවනය වූ ලංගම බස් රථය හා කුරුණෑගල දෙස සිට නාරම්මල දෙසට ධාවනය වූ මැක්සිමෝ බට්ටා වර්ගයේ ලොරි රථය නාරම්මල පොලිස් ස්ථානයට මීටර් 200 පමණ දුරින් පිහිටි රිවසයිඩ් හෝටලය අසල දී මුහුණට මුහුණ ගැටීමෙන් සිදු අනතුරින් ලොරි රථයේ ගමන් කළ රියදුරු හා තවත් පුද්ගලයින් දෙදනකු මියගොස් තිදෙනෙකු තුවාල ලබා නාරම්වල හා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බව නාරම්වල පොලිසිය කියයි.
Read Moreඋඩරට අර්තාපල් ගොවීන්ගේ අස්වනු කුණු කොල්ලයට යෑම වැළැක්වීම සඳහා එක් ගොවියකුගෙන් කිලෝ දෙදාහක් බැගින් රජය මිලදී ගන්නා බව වැවිලි කර්මාන්ත ඇමැති සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය .
Read Moreසවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එබැවින් ඒ සමඟ ඇති විය හැකි තද වැසි, තද සුළං සහ ප්‍රබල අකුණු මඟින් සිදු වන් අන්‍තුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
Read Moreඇල්පිටිය ,ගනේගොඩ ඉහල ඕමත්ත ප්‍රදේශයේදී ඊයේ (4) රෑ නිවසකට නාදුනන තුවක්කුකරුවන් වෙඩි තබා පලා ගොස් ඇතැයි ඇල්පිටිය පොලීසිය කියයි.
Read Moreහාලිඇල නාරංගල කන්ද තරණය කිරිමට ගිය දේශීය තරුණ කණ්ඩායම් තුනක් අද (4) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ශාවත් අධික සුලං හේතුවෙන් කදු මුදුනෙ අතරමං වී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
Read Moreඋඩුනුවර සමූපාකාර සමිතියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය තෝරාපත්කර ගැනීම සඳහා වු ඡන්දයේදී පොදු විපක්ෂ නියෝජනය කළ කණ්ඩායම ඡන්ද 09-00 ක් වශයෙන් ජයග්‍රහණය කොට තිබේ.
Read Moreඅම්බලන්ගොඩ මාදම්පේ ඉඩම්තොට සුවිසුද්ධාරාම විහාරස්ථානය විසින් සංවිධාන කර ඊයේ (3) රාත්‍රී සංචාරය කෙරුණු පෙරහරක කාවාඩි නටමින් සිටි විසි හැවිරිදි තරුණයකු හදිසියේම අසනීපවී මරුමුවට පත්වී ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
Read Moreතද වැසි පිළිබඳව කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද පස්වරු 5.30ට නිකුත් කර ඇති මෙම නිවේදනය ඉදිරි පැය 24ක කාලයක් සඳහා වලංගු වෙයි. බස්නාහිර, වයඹ හා සබරගමුව පළාත් හා ගාල්ල, මාතර, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.
Read Moreපවතින අධික වර්ශාවත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් අද (4) පස්වරු 6.00 සිට හෙට (5) පස්වරු 6.00 දක්වා දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10කට නායයාමේ පුර්ව අනතුරු හැගවීමේ පනිවිඩ නිකුත් කර ඇත .
Read More“පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. ඒ ව්‍යපෘති නිසා ජනතාවට මතුවන ගැටළු මානුෂිකව සළකා බලා ඒවා විසදන්නත් ගත හැකි සියළු පියවර ගන්නවා. පුනර්ජනනීය බලශක්ති උත්පාදනය ජාතික අවශ්‍යතාවයක් සහ ජාතික වැඩපිළිවෙලේ කොටසක් බව හැමෝම වටහා ගත යුතු යැයි” බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කලේ ගාල්ල හියාර ප්‍රදේශයේ ඉදිකරන කරන ලද මෙගාවොට් 5ක සූර්යබලශක්ති ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට අද (04) එක් වෙමිනි.
Read More2025 කාන්තා එක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ.
Read Moreජපානයේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා කාන්තාවක් තෝරා පත්කරගෙන තිබේ.
Read More2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තරගයක් අද (04දා) පැවැත්වේ.
Read Moreදෙහිවල, දුම්රියපොළ අසලදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසය පැවසීය.
Read Moreතංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය නඩුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බෙලිඅත්තේ සනා නොහොත් වීරසිංහගේ සනත් නැමැත්තා රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණය විසින් ඊයේ (03) අවසර ලබා දී ඇත.
Read Moreමධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත - මීරිගම කොටස ඉදිකිරීම සඳහා ලබා ගැනීමට අපේක්ෂිත ණය මුදල් පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බැලිණි. ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
Read Moreචීන හා ඉන්දියා සබඳතා ක්‍රමයෙන් සාමාන්‍යකරණය කිරීමේ තවත් පියවරක් ලෙස, ඉන්දියාව සහ චීනය මෙම මාසයේ දී රටවල් අතර සෘජු ගුවන් ගමන් නැවත ආරම්භ කරන බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය පවසයි. හිමාලයානු දේශසීමාවේ මාරාන්තික චීන හා ඉන්දිය හමුදා ගැටුම් වලින් පසුව, 2020 සිට දෙරට අතර සෘජු ගුවන් ගමන් නවතා දැමීය නමුත් පසුගිය වසරක පමණ කාලය තුළ, දිල්ලිය සහ බීජිං දේශසීමාවේ ආතතීන් සමනය කිරීමට පියවර ගැනීම ඇතුළුව සබඳතා නැවත ගොඩනඟා ගැනීමට කටයුතු කරමින් සිටියි. ඉන්දියාව
Read Moreඅද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ සමස්ත මිල දර්ශකය ඒකක 22000ක අගයක් වාර්තා කරමින් සුවිශේෂී කඩඉමක් පසු කළේය.
Read Moreමේ වසරේ මුල් මාස 8 තුළදී පමණක් විදෙස් ගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන් ඇමෙරිකානු ඩොලර් මිලියන 5 116ක් ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
Read Moreමේ වසරේ ජනවාරි 1 දා සිට සැප්තැම්බර් 30 දා තෙක් පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 1 725 494ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එසේම සැප්තැම්බර් මාසයේදී සංචාරකයන් 158 971ක් පැමිණ තිබේ.
Read Moreතණමල්විල පොලිස් වසමට අයත් තණමල්විල වැල්ලවාය මාර්ගයේ කිතුල්කොටේ ප්‍රදේශයේ දෙසීය අසූඅට කණුව අසලදී අද (03) වෙනිදා අලුයම සිදුවූ රිය අනතුරින් තුවාල ලබා සිටි වෑන් රථ රියදුරුද මිය ගොස් තිබේ. ඒ අනුව මෙම අනතුරින් මිය ගිය සංඛ්‍යාව දෙදෙනෙක් බවට පත්විය.
Read Moreවිදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා හා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ඊශ්‍රායලයේ PIBA ආයතනය සමග සිදුකරන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස, ඊශ්‍රායල් රැකියා සඳහා බඳවාගැනීමට පවත්වන ලොතරැයි ක්‍රමයෙන් නොතේරුණු පිරිසට යළි රැකියා අවස්ථා හිමිවී තිබෙන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි.
Read Moreමිද්දෙණිය තෝරකොලයාය ප්‍රදේශයේ සිදුකල වැටලිමකදී අයිස් මත් ද්‍රව්‍ය සන්තකයේ තබා ගනිමින් ජාවාරමේ නිරත වු යුධ හමුදා සෙබලෙකු මිද්දෙණිය පොලිසිය විසින් 02 දින සවස අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමෙරට ජීවත්වන ජනතාවට ගෞරවයෙන් හා අභිමානයෙන් යුතුව සෞඛ්‍ය සේවා රැකවරණ පද්ධතියේ ප්‍රශස්ත ප්‍රතිලාභ වඩාත් සමීපව භුක්ති විදීමේ අයිතිය තහවුරු කිරීම උදෙසා නව රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය යටතේ දිවයින පුරා ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථාන දහසක් පළමු අදියර යටතේ පිහිටුවීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම අනුව එම අමාත්‍යාංශය මේ වන විට සැලසුම් කර ඇත.
Read Moreමෙරට කෘෂිකාර්මික අපනයන ආදායම මෙම වර්ෂයේ (2025) මුල්මාස අට තුලදි ඇමරිකානු ඩොලර් මිලියන 2,030.2 දක්වා සියයට 12.5 කින් ඉහළගොස් ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
Read More