නැහෙනහිර, ඌව හා මධ්‍යම පළාත්වල හා පොලොන්නරුව හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති වන බවත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 කා පමණ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වයඹ පළාතෙත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි බස්නාහිර හා සබරගමුව පළාත්වල හා ගාල්ල හා මාතර දිස්ත්‍රික්වලත් පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.