අලි මිනිස් ගැටුම විසදන්න වනවාසි රාහුල හිමි බලය ඉල්ලති
"මට බලය ලබා දුන්නොත් මම අවුදුරු තුනක් ඇතුළත ලංකාවේම තියෙන අලි මිනිස් ගැටුමට සියලු දෙනාටම එකඟ විය හැකි සාධාරණ විසඳුමක් ලබා දෙන්න පොරොන්දු වෙනවා. ඔය ඔක්කෝම ඉන්නේ වීදුරු කාමර වල , ඒ් අය වීදුරු කාමර වල ඉඳගෙන ප්ලෑන් හදනවා, ව්‍යාපෘති හදනවා ඒ් අය බිම් මට්ටමට ගිහින් මේකේ ඇත්ත මොකක්ද කියලා තේරුම් අරගෙන කටයුතු කරන ඒක්කෙනෙක්වත් නෑ, විභාග පාස් කරන්න පුලුවන්, වෘක්ෂ ලතා පිළිබඳව, සතුන් පිළිබඳව, පරිසරය පිළිබඳව ඔ්න කෙනෙකුට සහතික තියෙන්න පුලුවන්, හැබැයි බිම ඉඳලා ක්‍රියාත්මක වෙන වැඩපිලිවෙලක් නෑ. ඒ් නිසා මේකට අවබෝධයක් තියෙන මිනිස්සුන්ගේ දැනුම ලබා ගන්න කියලා මම ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලීමක් කරනවා." යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පවසති. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේ ජාතික නාමල් උයන පරිශ්‍රයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය.
"අවුරුදු ගානක් හැම රජයක්ම අලි -මිනිස් ගැටුමට යම් ප්‍රථිකර්මයක් කරනවා කියලා තමන්ගේ මැතිවරණ ප්‍රකාශන වල හැම කෙනාම ඇතුළත් කළා හැබැයි තව වෙනකල් මේ අලි මිනිස් ගැටුමට ප්‍රථිකර්මයක් කරන්න මොනම රජයකටවත්, මේ වර්ථමාන රජයටවත් බැරි වුණා.අලියා කියලා කියන්නේ මේ රටට ඩොලර් ගේන, විදේශීය සංචාරකයෝ ප්‍රිය කරන ඉතාමත් වටිනා, ජාතික සම්පතක්.මේකට විසඳුමක් හොයා ගන්න තාම බැරි වුණා.මේ ගැන හරිම කණගාටුදායකයි.මේ ගැන විවිධ මත මීට පෙරත් මම ප්‍රකාශ කරලා තියෙනවා.
මම අතිගරු ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලීමක් කරනවා මේ ලංකාව පුරාම තියෙන අලි මිනිස් ගැටුම සඳහා විසඳුම් අවුරුදු 03 ක් ඇතුළත මම ලබා දෙනවා, මට අවශ්‍යය යටිතල පහසුකම්, සහ බලය ලබා දුන්නොත් මම අවුදුරු තුනක් ඇතුළත ලංකාවේම තියෙන අලි මිනිස් ගැටුමට සියලු දෙනාටම එකඟ විය හැකි සාධාරණ විසඳුමක් ලබා දෙන්න මෙම පොරොන්දු වෙනවා.
රජයක් හැටියට කවුරුවත් මේකට ක්‍රියාත්මක නෑ, පහුගිය ආණ්ඩු කාළ වලත් අපි කථා කළා, බලන්න අලි මැරෙන සංඛ්‍යාව, අලි මිනිස් ගැටුම පුදුම විදිහට නිර්මාණය වෙලා තියෙන්නේ.දැන් ඔන්න කළාවැවේ වතුර දානවා අලි ඔක්කෝම මේ නාමල් උයනට තමයි එන්නේ.අපි ඒකට වෙන ක්‍රමවේදයක් හදලා නෑ, ඒ් ගොල්ලන්ට ඇවිත් ජීවත් වෙන්න අවශ්‍ය පරිසරයක් අපි හදලා නෑ,
ඒ් වගේම තමයි වන ජීවී දෙපාර්තමේන්තුවේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ තියෙන අණ-පනත් අවුරුදු සිය ගානක් පැරණි අණ-පනත් තියෙන්නේ. දැන් බලන්න කොච්චර වෙඩි තියනවාද කියලා. කොච්චර බෙහෙත් කරනවාද කියලා බලන්න.දොස්තර මහත්වරුන්ට අවශ්‍යය පහසුකම් ටික නෑ, ඔය සියලුම දේවල් අපිට කරන්න පුලුවන් මේවා විදිමත් ලෙස අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා පූර්ණ දායකත්වය අපි ලබා දෙනවා රජයට අපිට ඒ් බලතල ලබා දීලා අපිට ඒ් යටිතල පහසුකම් ටික ලබා දුන්නොත් අවුරුදු 03 ක් ඇතුළත මේ රටේ තියෙන අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා අවශ්‍යය කටයුතු අපි සම්පාදනය කරලා දෙනවා.
මේ අලියා කියන්නේ ජාතික සම්පත් නේ පැහැදිලිවම, කවඩුල්ල, මින්නේරිය, යාල, වනෝද්‍යාන වල මේ අලි පෙන්නලා මිනිස්සු කී දෙනෙක් ජීවත් වෙනවාද? ඩොලර් උත්පාදනය කරන සතෙක්නේ අලියා කියලා කියන්නේ, ඇයි අපි එයාලාව සංරක්ෂණය කරලා , එයාව ආරක්ෂා කරන වැඩපිළිවෙලක් ඇයි අපිට හදලා දෙන්න බැරි, අපි මෙච්චර මුදල් උපයනවා නම්, කාටවත් ඔ්නකමක් නෑ, හැඟීමක් නෑ, මේක බොක්කෙන්ම එන්න ඔ්න.
ඒක තමයි ඇත්තම කථාව.වනාන්තර පද්ධතියත් ආරක්ෂා කරන ගමන්, අලි ඇතුළු වනසතුන් ආරක්ෂා කරන ගමන් අලි සහ මිනිසුන් අතර ගැටුමක් ඇති නොවී සහජීවනයක් ඇති වෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක විය යුතුයි.මම දැක්කා අමාත්‍යයවරුන් සමඟ සාකච්ජා කරනවා, හැබැයි ඔය ඔක්කෝම ඉන්නේ වීදුරු කාමර වල , ඒ් අය වීදුරු කාමර වල ඉඳගෙන ප්ලෑන් හදනවා, ව්‍යාපෘති හදනවා ඒ් අය බිම් මට්ටමට ගිහින් මේකේ ඇත්ත මොකක්ද කියලා තේරුම් අරගෙන කටයුතු කරන ඒක්කෙනෙක්වත් නෑ, විභාග පාස් කරන්න පුලුවන් ඔ්න වෘක්ෂ ලතා පිළිබඳව, සතුන් පිළිබඳව, පරිසරය පිළිබඳව ඔ්න කෙනෙකුට සහතික තියෙන්න පුලුවන්, හැබැයි බිම ඉඳලා ක්‍රියාත්මක වෙන වැඩපිලිවෙලක් නෑ. ඒ් නිසා මේකට අවබෝධයක් තියෙන මිනිස්සුන්ගේ දැනුම ලබා ගන්න කියලා මම ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලීමක් කරනවා."
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

