අයහපත් කාලගුණය නිසා මධ්‍යම පළාතේ සියලු පාසැල්වලට 19 සහ 22 නිවාඩු
මධ්‍යම කඳුකරයේ යළිත් වරක් මතුව ඇති අධික වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය මත හෙට (19) සහ 22 වන සඳුදා දින පළාතේ සියලු පාසල් සඳහා නිවාඩු ලබාදීමට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.
පවතින අවදානම් තත්ත්වය මත සිසුන් මෙන්ම , අචාර්ය මණ්ඩල සහ අනධ්‍යයන කාර්යය මණ්ඩලද පාසල් වෙත පැමිණීමේ දුෂ්කරතා අවම කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ අනුමැතිය මත පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මෙම තීරණයට එළැඹ තිබේ.
ඒ අනුව 19 සහ 22 වන දින මධ්‍යම පළාතේ සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදීමට මධ්‍යම පළාත් අධ්‍යපන අමාත්‍යංශය සහ එම දෙපාර්තමේන්තුව තීරණය කොට ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය සඳහන් කරයි. මෙම නිවාඩු දින වෙනුවෙන් වෙනත් සුදුසු දිනවලදී හිලව් පාසැල් දින පැවැත්වීමටද කටයුතු කර තිබේ.
මොහොමඩ් ආසික්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

