මහනුවර දිස්ත්රික්කයේ නාය යෑම් අධිඅවදානම් තත්ත්වයන් ලෙස සලකා ප්රාදේශිය ලේකම් කාර්යාල 17ක පවුල් 1539ක් හදුනාගෙන තිබු අතර ඉකුත් වර්ෂයේ 2024 දෙසැම්බර් මස 31 දිනවනවිට මින් නැවත පදිංචිකොට ඇත්තේ පවුල් 220ක් පමණක් බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
නාය යෑම් අධි අවදානම් තත්ත්වයන් ලෙස සලකා හදුනාගෙන තිබු පවුල් 1319 එම ස්ථානවලින් ඉවත්කොට නැවත පදිංචි කිරිමට කටයුතු කර නොතිබු බව.ද විගණන වාර්තාවේ සදහන් වේ.
නාය යෑම් අධි අවදානම් තත්ත්වයන් ලෙස සලකා මෙම පවුල් නැවත පදිංචි කළයුතු බවට හදුනාගෙන වසර 09කට අධික කාලයක් ගතවි තිබුණි. 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණකාධිපති වාර්ෂික වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.