මහවැලි ජලාශ වාන් දැමීම ආරම්භ වෙයි
මධ්‍යම කඳුකරයට ඇද ඇලෙන මහ වැසි හේතුවෙන් වික්ටෝරියා ඇතුළු මහවැලි ජලාශවල වාන් දොරටු විවෘත විම අද (18) දින පෙරවරුවේ සිදුවිණි.
ඒ් අනුව වික්ටෝරියා ජලාශයේ ස්වයංක්‍රීය දොරටු හයක්, පෙරවුරවේ විවෘත වී ඇති අතර ඒ් හේතුවෙන් තප්පරයට ඝණමීටර් 500 ක පමණ ජලය මුදා හරින බව වික්ටෝරියා වේල්ල භාර ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේය.
මීට සමගාමීව රන්දෙණිගල ජලාශයේ වාන් දොරටු දෙකක් ද මීටර් 01ක් බැගින් විවෘත කර ඇති අතර ඒහි ජලය රන්ටැඹේ ජලාශය වෙත ජලය මුදාහැරේ.
එමෙන්ම රන්ටැඹේ ජලාශයේද වාන් දැමීම මේ වනවිට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහ වැලි අධිකාරිය සඳහන් කරන අතර රන්ටැඹේ ජලාශයට පහලින් පහලින් මහවැලි ගග පරිහරණය කරන ජනතාවට විමසිලිමත්ව සිටින ලෙස එම අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටි.
මේ අතර පොල්ගොල්ල වේල්ලේ වාන් දොරටු 3 ක්, අඩි 3.6 (3.6’) බැගින් ඉහළට ඔසවා ඇති අතර මේ හේතුවෙන් ජලාශය පහළ මහවැලි ගඟට තත්පරයට ඝණ අඩි 6,714 ක පමණ ජල ප්‍රමාණයක් නිකුත්කරන බව එම වේල්ල භාර මහවැලි ඉංජිනේරු කාර්යාලය පැවැසීය.



ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

