saravita-anim2

2025 ඔක්තෝබර් මස 09 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 09 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 3590 hours ago

LATEST

දැඩි ආරක්ෂාවක් යටතේ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ලංකාවට

calendar_today 2023 ජුලි 09 - 11:10 remove_red_eye - 757  

ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරග දෙකකින් යුතු තරගාවලියක් සඳහා එක්වීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

රාජ්‍ය නායකයන් ගණනාවකගේ නිල නිවාසය ලෙස පරිහරණය කළ “විසුම්පාය” සුපිරි හෝටලයක් (Boutique Hotel) බවට පත් කිරීමට යයි.

Read More

දියර කිරි නිෂ්පාදනයට මෙන්ම භාවිතය සඳහා රටේ ජනතාව තුළ උනන්දුවක් පවතින බවත්, දියර කිරි කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම තුළින් කිරි ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම රටේ ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරාලීමට ද හැකියාව ලැබී තිබෙන බවත් පශු සම්පත් සංවර්ධන අමාත්‍ය ඩී.බී හේරත් මහතා පැවසීය.

Read More

HIV අවදානම අවම කිරීමේ ඖෂධ නොමිලේ ලබාදීමේ විශේෂ සායනය විශේෂ සායනය අද (09) ඉරිදා - සේරම් පෙදෙස ,කොළඹ 10 - ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ ප්‍රධාන සායනයේදී,පෙරවරු 08.30 සිට පස්වරු 02.00 දක්වා සිදුකරන බව ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ජාතික වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය පවසයි.

Read More

රිදියගම සෆාරි උද්‍යානයේ සිටින සතුන් 900ක් අතුරින් සතුන් 485 දෙනෙකුගේ ස්ත්‍රීපුරුෂ බව හෝ හඳුනාගෙන නොමැති බව පාර්ලිමේන්තුවේදී අණාවරණය විය.

Read More

2018 සිට 2020 දක්වා කාලය තුළ විදේශීය පක්ෂීන් මිලදී ගැනීමේදී ඇතැම් පක්ෂීන් සදහා ඇස්තමේන්තුගත මුදල රු. 50000 ක් පමණ වුවද මිලදී ගෙන ඇත්තේ රු. මිලියන 1.5 කට පමණ බව පසුගියදා පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. මේ අනුව ඇස්තමේන්තු ගත මුදලට වඩා මිලදී ගෙන ඇති මුදල 3000%ක පමණ වැඩිවීමක් බවද මෙහිදී හෙළි විය.

Read More

ශ්‍රී ලංකා ත්‍රී පෝෂ සමාගමේ ත්‍රී පෝෂ නිෂ්පාදනය උපරිම ධාරිතාවයෙන් යුතුව සිදුවන බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු පිළිබඳ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා විසින් කැඳවන ලද සාකච්ඡාවක් ඊයේ (07) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

Read More

ඉදිරි දශකය තුළ රටට විදේශ විනිමය උපයා දෙන ප්‍රමුඛ ක්ෂේත්‍රයක් බවට සංචාරක කර්මාන්තය පත් කරනවා

Read More

හෝමාගම දියගම පිහිටි මොරටුව ඉංජිනේරු පීඨයේ කාන්තා නේවාසිකාගාරය ඉදිරිපිට අසභ්‍ය ලෙස හැසිරුණු පුද්ගලයෙකු (06) දා රාත්‍රී අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි .

Read More

පොලිස්පතිවරයා පත් කිරීම ඉදිරි පැය කිහිපය තුළ සිදුවනු ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන සතියේ මුල් දින කිහිපය තුළ ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වේ. ඉන්දියාවෙන් ලද ආරාධනාවකට අනුව මෙම සංචාරයේ නිරත වීමට නියමිතය.

Read More

පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම්වලට සහභාගි වීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්ගෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් මාලාවක්

Read More

ගලෙන්බිදුනුවැව පොලිස් වසමේ හුරුුුළු නික වැව ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියක් වස පානය කිරීම හේතුවෙන් දැඩි ලෙස අසාධ්‍ය වී අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පෙරේදා (5දා) ජීවිතක්ෂයට පත්ව ඇති බව ගලෙන්බිඳුනුවැව පොලිසිය පවසයි.

Read More

දේශීය ණය ප්‍රශස්තකරණය නිසා, අහිමිවීමට ඉඩ තිබූ මෙරට වැඩකරන ජනතාවගේ අරමුදල් සුරක්ෂිතවන බව ශ්‍රී ලංකා බැංකු සංගමය සඳහන් කළේය.

Read More

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සිය ධුරයෙන් විශ්‍රාම යෑමත් සමග මේ වන විට හිස්ව ඇති පොලිස්පතිධුරය සඳහා සුදුසු නිලධාරියකු පත්කිරීම තවදුරටත් කල්ගත වෙනු ඇති බවට වාර්තා වෙයි.

Read More

පළාත් පාලන නියෝජිතයින් යළි කැඳවීමට අදාලව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යොජනා 03 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීත්‍යානුකූලභාවයට පටහැනි ඒවා වන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සිය පක්ෂ මූලස්ථානයේදී අද (06දා) පවත්වන ලද මාධ්‍ය හමුවට එක්වූ එම නියෝජිතයින් විසින් අවධාරණය කරන ලදී.

Read More

ගාලු මුවදොර පිහිටි අවන්හලක සේවය කරන ඉන්දීය ජාතික සේවකයෙකු විසින් තවත් ඉන්දීය ජාතික සේවකයෙකු ඝාතනය කර තිබෙන බවත්, ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

Read More

පොලිස් නිලධාරීන්ගේ මෙන්ම නිළ ඇඳුමේ ගෞරවයද කෙලෙසන ආකාරයෙන් පිළියන්දල පොලිසිය වෙත පැමිණි සියලුම තරාතිරමේ නිලධාරීන් ට බැන වැදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සහකාර පොලිස් අධිකාරීවරයා පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය වෙත අද (6දා) කැඳවා පැය 7 කට අධික කාලයක් ප්‍රකාශ ලබා ගත් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට නම් ශ්‍රී ලංකාව දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ නිල එකඟතාවන්ට පැමිණිය යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

Read More

පොලිස් විශේෂ කාර්යාංශයට ලද තොරතුරකට අනුව බෝගහවෙල ප්‍රදේශයේ පාළු නිවසක් අද (6දා) පරීක්ෂා කිරීමේදී යුධ හමුදාව භාවිත කරන නිල ඇදුම් කට්ටල ඇතුලු උපාංග රැසක් සොයා ගෙන තිබේ.

Read More

වෙළෙඳපොලේ සිමෙන්ති කොට්ටයක උපරිම සිල්ලර මිල රු. 2300ක් දක්වා අඩුකිරීමට සිමෙන්ති සමාගම් එකඟ වූ බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 300 පහළ දැමීමට සමාගම කටයුතු කර ඇති අතර ඒ අනුව නව මිල රුපියල් 3690කි.

Read More

චීනයෙන් ගෙන්වන ලද පොහොර සඳහා ඩොලර් මිලියන 6.9ක් වැය කළ බවත් එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් මිලියන 1382ක් බවත් එම ගණුදෙනුවෙන් ලබා දුන් බාල පොහොරවලට වන්දියක් ලෙස එම මුදල නැවත ලබා ගන්න බැරි වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Read More

රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සේවය පිණිස නීතිඥ සාගර කාරියවසම් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පහත සඳහන් මන්ත්‍රීවරයන් තමා විසින් පත් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (06) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

Read More

තායිලන්තයෙන් මෙරටට ත්‍යාග කෙරුණු ඇතුන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ විවිධ පුවත් සංසරණය වුවත් තායි රාජා, කණ්ඩුල රාජා හෝ තායිලන්තයෙන් මෙරටට ලබාදුන් කිසිදු ඇතෙකු යළි ලබාගැනීම සම්බන්ධයෙන් තායිලන්ත රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති පොජ් හර්න්පෝල් මහතා පවසයි .

Read More

මැතිවරණයක් නොපවත්වා විසුරුවා හරින ලද පළාත් පාලන ආයතන නැවත කැඳවීම සඳහා SLPP පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ප්‍රජාතන්ත්‍ර විරෝධී පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) විසින් හෙළා දකියි.

Read More

2019 ජනාධිපතිවරණයෙන් පසුව මාසයක් දෙකක් හෝ තුනක් ඇතුළත රටේ සුපිරි ධනවතුන්ට බිලියන 600ත් 700ත් අතර බදු සහන ලබා දුන් බවත් ඒ නිසා රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 12 සිට 8 දක්වා පහළ වැටුණු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

Read More

ඉහළ කොත්මලේ ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමග ජල පහරවල් ඔස්සේ ජලාශයට විශාල ලෙස කැළි කසළ එකතුවීමේ අවධානමක් මතුව ඇතැයි උඩරට පරිසර සංගම් නියෝජිතයෝ පවසති.

Read More

එක් අලියෙක් පිටරටකට ගෙන ගිය විට ඒ සම්බන්ධයෙන් හඬනගා මෙරට බෞද්ධ සංස්කෘතියට පහර ගැසීමටත් සංස්කෘතිය වෙනස් කිරීමටත් සෝදාපාළුවට ලක් කිරීමටත් නොයෙක් සංවිධාන ක්‍රියා කරමින් සිටින බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී නාහිමියෝ පවසති .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.