saravita-anim2

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා

Latest News - timelapse 332 hours ago

LATEST

රජය සිදුකරන ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය අගය කරනවා - අයි.එම්.එෆ්.

calendar_today 2025 සැප් 30 - 17:39 remove_red_eye - 92  

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාව සඳහා වන මෙහෙයුම් මණ්ඩල ප්‍රධානී, Evan Papageorgiou මහතා අද (29) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

අම්පාර දිස්ත්‍රික්කයේ අකක්රපත්තුව පොලිස් බල ප්‍රදේශයේ අස්රෆ් නගර් ඔලුවිල් 4 වසා දමා ඇති රහුමාන් ජුම්මා පල්ලිය පිටුපස කැසිකිළිය තුළ දිනක පමණ වයස ඇති කුඩා දැරිවියක් බෑගයක දමා එම ස්ථානයේ දමා ගොස් තිබියදි හමුවි තිබේ.

Read More

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ඇප මත මුදා හැර තිබේ.

Read More

වර්තමානයේ ඉහළ මට්ටමේ දේශපාලන අල්ලස් ඉල්ලීම අඩු වී ඇති බව පෙනෙන්නට තිබුණද, වත්මන් රජය යටතේ පවා, විශේෂයෙන් මුල් බැසගත් නිත්‍ය උනන්දුවක් දක්වන පාර්ශ්වයන් තුළ ආයතනික දූෂණය දිගටම පවතින බව ශ්‍රී ලංකාවේ ආයෝජන වාතාවරණය පිළිබඳ එක්සත් ජනපදය නිකුත් කළ නවතම ප්‍රකාශයක දැක්වෙයි.

Read More

සිය වගාභූමිය වන අලින්ගෙන් රැක ගැනීම සදහා යතුරු පැදියකින් වගාභූමියට යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු සූරියවැව මහගල්වැව පරණ රන්මුදුවැව මාර්ගයේදී 29 රාත්‍රී 08ට පමණ වන අලි ප්‍රහාරයකට ලක්ව එක පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයකු අතුරුදහන්ව තිබූ අතර ඔහුද වන අලි ප්‍රහාරයෙන් මියගොස් සිටියදී අද (30)පෙරවරුවේ සොයාගත් බව සූරියවැව පොලිසිය පවසයි.

Read More

මේ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමේදී ‘ගිනස් වාර්තාවක්’ යන්න වෙනුවට ‘නොබෙල් තෑග්ගක් යන වචනය මා අතින් අත්වැරදීමකින් ප්‍රකාශයට පත් වූ අතර ඒ පිළිබඳව කණගාටු වෙමි.

Read More

2025 කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය තව සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතව තිබේ.

Read More

කොට්ටාව සිට මත්තල දක්වා දිවෙන දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමනයේ යෙදෙන රියැදුරන්ට සහ මගී ජනතාවට විවේකය ලබා ගැනීම හා පහසුකම් සපයා ගැනීම වෙනුවෙන් මාතර, උඩුකාව ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත විවේක ගැනීමේ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල සී. කේ. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) ආරම්භ කෙරිණ.

Read More

මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස රෝහිත අබේගුණවර්ධන මහතා තේරී පත්වීම බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (30දා) ප්‍රතික්ෂේප කරනු ලැබිණි.

Read More

ජපාන - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික වෙළඳ සහ ආයෝජන සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් සහ පෞද්ගලික අංශය ඊට දිරි ගන්වමින්, ශ්‍රී ලංකාවේ නැගී එන ආර්ථික අවස්ථා සොයා බැලීමට එක් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපාන ව්‍යාපාරික ප්‍රජාවට ඇරයුම් කළේය.

Read More

අල්ලස් චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ සංස්කෘතික අංශයේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතීෂ් ගමගේ මහතාට ඇප ලබා දී තිබේ.

Read More

ඉන්දුනීසියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් මේ වන විට පුද්ගලයන් 3 ක් මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මිය ගිය අය අතර එම පාසලට අලුතෙන් එක්වූ සිසුවෙක්ද සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. සිසුන් හා කම්කරුවන් පිරිසක් සුන්බුන් අතර සිරවී ඇති අතර ඔවුන් බේරා ගැනීමට සහන කණ්ඩායම් කටයුතු කරමින් සිටියි.

Read More

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 2025 ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගාවලියේ (Mrs Sri Lanka World - 2025 ) ප්‍රධන විනිසුරුවරිය ලෙස කටයුතු කිරීම සදහා 2024 වසරේ ලෝක විවාහක රූ රැජින තරගාවලියේ දී ප්‍රථම ස්ථානය දිනා ගත් , දකුණු අප්‍රිකානු ජාතික ෂෙගෝ ගලේ ( Tshego Gaelae ) මහත්මිය 09/29 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .

Read More

කුරුණැගල ග්‍රාමිය මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ ඉකුත් වර්ෂය තුල (2024) රුපියල් දාහතරකෝටි, හැත්තැඑක්ලක්ෂ, හතලිස්දෙදහස්, හත්සියවිසිපහක (147,142,725) මුදලක් වැයකොට ව්‍යාපෘති 98ක් ක්‍රියාත්මක කොට තිබුණද කුරුණැගල දිස්ත්‍රික්කයේ ප්‍රා දේශිය ලේකම් කාර්යාල 10ක් තුල කිසිදු මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් සැලසුම් කිරිමට හෝ ක්‍රියාත්මක කිරිමට පියවරගෙන නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

Read More

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 14 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Read More

කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය් අදින් (30දා) ඇරඹේ.

Read More

ගුවන් මගියෙකු නොවන පුද්ගලයෙකු , කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය වෙත පිවිස , එයින් රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත මත්පැන් බෝතල් 75 ක් මිළදී ගෙන , ඒවා ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යමින් සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් 09/30 දින අලුයම අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ගාසා තීරය සඳහා නව සාම සැලැස්මක් සඳහා එකඟ වී තිබේ.

Read More

බැංගගෝර් මධ්‍යම අපරාධ අංශය (CCB) විසින් දේවානහල්ලිහි මහල් නිවාසයක නීතිවිරෝධී ලෙස රැඳී සිටි ශ්‍රී ලාංකික පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.ඔවුන් පිළිබඳව කළ විමර්ශනලදී සැකකරුවන් ශ්‍රී ලංකාවේ අපරාධවලට සම්බන්ධ වී මාස ගණනාවක් තිස්සේ ඉන්දියාවේ සැඟවී සිටි බවට පොලිසිය සැක කරයි.

Read More

• ශ්‍රී ලංකාව සමඟ හවුල්කාරිත්වය තවදුරටත් වර්ධනය කර ගැනීම අපේක්ෂාවයි - ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා මහතා • සංවර්ධනය සහ ස්ථාවරත්වය වෙනුවෙන් ජපානය සමඟ එක්ව කැප වෙනවා - – ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා

Read More

එක්සත් ජනපදයේ නිෂ්පාදනය නොකරන ලද සියලුම චිත්‍රපට සඳහා 100% තීරු බදු පැනවීමට කටයුතු කරන බවත් ඇමරිකානු චිත්‍රපට කර්මාන්තය වෙනත් රටවල් විසින් ’’සොරකම් කර’’ ඇති බවත් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය.

Read More

මෙරටින් ගොස් විදේශයන්හි රැඳී සිටිමින් අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරනු ලබන අපරාධකරුවන් 72 කෙනෙකුට ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත්කොට ඇති බවත් එම අපරාධකරුවන් අතරෙන් අපරාධකරුවන් 32 දෙනෙකු සැඟව සිටින ස්ථාන මේ වන විට හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා කියයි.

Read More

ආණ්ඩුව එක් වරකදී මන්ත්‍රී චාමර සම්පත් දසනායක අත්අඩංගුවට ගන්නා බවත් එසේ නොමැතිනම් තමන්ව අත්අඩංගුවට ගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා පැවැසීය. අධිකරණයේදී ඇප ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

Read More

පසුගිය පළාත් පාලන මැතිවරණයේ වියදම් වාර්තා නිසි ලෙස ඉදිරිපත් නොකිරීමේ චෝදනාව මත වරෙන්තු නිකුත් වූ ස.ජ.බ මහ ලේකම් රංජිත් මද්ධුමබණ්ඩාර නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වෙයි.

Read More

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ඉන්දියාවේ සංචාරයක නිරත වෙමින් ඉන්දීය බලශක්ති, නිවාස හා නාගරික කටයුතු අමාත්‍ය ශ්‍රී මනෝහර් ලාල් කට්ටාර් (Manohar Lal Khattar) සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ශ්‍රී ප්‍රලාද් ජෝෂි (Shri Pralhad Joshi) යන මහත්වරුන් හමුවී දෙරට අතර බලශක්ති සහයෝගීතාව වර්ධනය කිරීම, දැනට ඉන්දියාව සමග මෙරට ආරම්භ කර ඇති ව්‍යාපෘති වල ප්‍රගතිය මෙන්ම අනාගත ආයෝජන අවස්ථා පිළිබදවත් සාකච්ඡාවක නියැළිණි.

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍ය දෙපාරථමේන්තුව පවසයි.

Read More

ලබන වසරේදී ට්‍රිලියන 3ක ණය ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් ලබන අයවැයෙන් අලුත් බදු පනවා නොටිසීමට හැකි සියලු පියවර ගන්නා බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් අමතමින් පැවැසීය.

Read More

ජනාධිපති අරමුදල හරහා විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යාධාර ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව වැඩබලන විදේශ කටයුතු, විදේශ රැකියා අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සදහන් කරයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා ඇප මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Read More

කඩුගන්නාව පොලිස් වසමේ ඌරාපොළ හන්දිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ලබමින් සිටි 24 හැවිරිදි සිසුවෙකු මියගොස් ඇති බව පොලිසිය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.