අප බැඳී සිටින්නේ රටේ ජනතාවගේ අපේක්ෂා සහ බලාපොරොත්තු සමඟ පමණයි ශ්‍රී ලංකාවේ නව පරිවර්තනයක් වෙනුවෙන් තැබූ පියවර ආපසු හරවන්නේ නැහැ වසරක් වැනි කෙටි කාලයක් තුළ රටේ සියලු ක්ෂේත්‍රවල තීරණාත්මක හැරවුමක් සනිටුහන් කළා
“ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” පිහිටුවීමේ නියමු ව්‍යාපෘතිය යටතේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය ගාල්ල මාපලගම දී ජනතා අයිතියට පත් කෙරේ.
Read Moreපාර්ලිමේන්තුව ඔක්තෝබර් 7 වැනි අඟහරුවාදා සිට 10 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. ඊයේ (25) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී ඇත.
Read Moreඇතිමලේ වැවිලි සමාගමට අයත් සියඹලාණ්ඩුව සීනි කර්මාන්ත ආයතනය කාබනික සීනි නිෂ්පාදනය කිරීම (26) වෙනිදා ආරම්භ කරන ලදි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට කාබනික සීනි නිෂ්පාදනය ඇරඹුවේ ඇතිමලේ ප්ලාන්ටේෂන්ස් (පුද්) සමාගමයි.
Read Moreඅනුරාධපුර දිස්ත්‍රික්කයේ ධාවනය වන පළාත් , අන්තර්පළාත්, සිසු සැරි, සිසු ප්‍රවාහන සේවා,ඇඟලුම් ප්‍රවාහන සේවා හා කාර්යාල ප්‍රවාහනයේ යෙදෙන බස් රථ වලින් 95%ක් බස් රථ ධාවනය වන්නේ භූමිතෙල් වලින් බව උතුරු මැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වයි.
Read More2012 වසරේදී සිදුකල ජන සංගණනයට අනුව මෙරට වැඩිහිටි ජනගණය 12.4 % වූ අතර එම ප්‍රමාණය 2024 දී සිදුකල ජන සංගණනයට අනුව 18.3% දක්වා ඉහළ ගොස් තිබෙන බව එම නිලධාරීහු දත්ත ඉදිරිපත් කරමින් කරුණු දැක්වුහ.
Read More• ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ කොටස් බෙදී ඇති ආකාරය අපැහැදිලි බැවින් මෙම ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ගැටලු ඇතිවිය හැකියි - කෝප් කමිටුව • පසුගිය කාලසීමාවේ පැය 18 පමණ විදුලිය කප්පාදු කිරීමට සිදු වූයේ පද්ධතියේ ගැටලුවක් නිසා නොව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට තිබූ ණය ගෙවාගන්න බැරි වූ නිසා - නිලධාරීන්
Read Moreපොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප් කමිටුව) අනාවරණය වන බරපතල මූල්‍ය වංචා හෝ දූෂණ ක්‍රියාවන්ට එරෙහිව නෛතික පියවර ගැනීමට අදාළව ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා යෝජනාවක් අද (26) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
Read Moreනව විශේෂාංග ඇතුළත් නවීන රියදුරු බලපත්‍රයක් ලබාදීමට අවශ්‍ය කටයුුතු සිදුකරගෙන යන බවත් ඉදිරියේදී එය ඩරියදුරන් වෙත ලබාදීමට හැකි වෙනු ඇති බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවැසීය. මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාපාර්ලිමෙන්තුවේදි යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසිය.
Read Moreසංකිර්ණ තත්ත්වයේ හෘද රෝගවලට ලක්ව සිටින ළමුන්ගේ හෘද සැත්කම් කිරිම සදහා එංගලන්තයේ සිට වෛද්‍ය කණ්ඩායමක් මෙවරද කරාපිටිය ජාතික රෝහලට පැමිණියහ. දැනට දශක දෙකක පමණ කාලයක සිට මෙම වෛද්‍ය කණ්ඩායම සෑම වර්ෂයකම ළමුන්ගේ හෘද සැත්කම් කිරිම සදහා කරාපිටිය රෝහලට පැමිණෙති.
Read Moreහැටන් නගරයේ බේකරියකින් මිලට ගත් පෙති කපා ඇසුරුම් කරන ලද පාන් ගෙඩියක එම බේකරියේ සේවයේ නියුතු සේවකයෙකුගේ ඇගිල්ලක තුවාලයක සමේ කොටසක් තිබී පාරිභෝගිකයෙකුට (25) දින හමු වී ඇත.
Read Moreසෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ ඇල්කොහොල් නිශ්පාදන ආශ්‍රිත ද්‍රව්‍ය යම් ප්‍රමාණයක් වලවේ ගඟට මුසුව ඇති නිසා මිට දින කීපයක සිට වලවේ ගඟේ මසුන් මැරී ඇති බව වාර්තා වූ අතර එමෙන්ම අම්බලන්තොට ජල පිරිපහදු මධ්‍යස්ථානයේ, ජල පිරිපහදු කටයුතු තාවකාලිකව විටින් විට නවතා දමන ලදී.
Read Moreරුපියල් එක් කෝටි අසූ ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු 09/26 දින උදෑසන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreඅමෙරිකා එක්සත් ජනපදයේ සංචාරය නිම කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානය බලා පිටව ගොස් තිබේ. ඊයේ (25) රාත්‍රියේ ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ජනාධිපතිවරයා ජපානය බලා පිටත්ව ගොස් ඇත.
Read Moreසම්පත් මනම්පේරි දින 90ක් රඳවාගෙන ප්‍රශ්නකිරීමට වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය අද (26) අවසර දුන්නේය. මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සම්පත් මනම්පේරි මේ වනවිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගරගතව සිටියි.
Read Moreආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය අද(26දා) පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreරඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින කෙහෙල්බද්දර පද්මේට අයත් බව කියන පිස්තෝල ගිනි අවියක්, ටී. 56 මැගසින් දෙකක්, ටී 56 ගිනි අවි උණ්ඩ 500ට ආසන්න ප්‍රමාණයක්, අත්විලංගුවක් හා හමුදා නිල ඇදුම්වලට සමාන නිල ඇඳුම් කිහිපයක් පොලීසිය විසින් සොයා ගනු ලැබීය.්
Read Moreක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවට අදාළව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින මුල් නඩු වාර්තාව කැඳවීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණය අද (26දා) එහි රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේය.
Read Moreවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ වත්මක් හා බැරකම් පෙරේදා දිනයේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ප්‍රසිද්ධ කර තිබේ. එම ප්‍රකාශය අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රු ලක්ෂ 900 ඉක්ම වූ ණය ප්‍රමාණයක් විවිධ බැංකු වල තිබේ.
Read More2026 විසර්ජන පනත් කෙටුම්පත ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා විසින් අද(26දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
Read Moreවෛද්‍ය සැපයුම් අංශයට තත්ත්වයෙන් අසමත් හා හානි වු ඖෂධ සපයා තිබිම වෙනුවෙන් දරනු ලැබු පිරිවැය මෙන්ම ඒ සදහා පරිපාලන ගාස්තු, තොග විනාශ කිරිමේ වියදම් සමග රුපියල් මිලියන 2,996.65ක මුදලක් ඖෂධ සැපයුම්කරුවන්ගෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අයවිමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.
Read Moreජනාධිපති මන්දිර අටක් නඩත්තු කිරිම සදහා ඉකුත් වර්ෂයේ (2024) රුපියල් අටකෝටි,එක්ලක්ෂ,පනස්හතරදහස් හාරසියවිසිදෙකක මුදලක් (80,154,422) ජනාධිපති ලේකම් කාර්යාලය මගින් වැයකොට ඇති බව අනාවරණය වි ඇත.
Read Moreඋසස් අධ්‍යාපන අංශය පිළිබඳ අනු කාරක සභාව විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමඟ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවට සම්බන්ධ කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීම සිදු විය.
Read Moreහැටන් කුඩාගම ප්‍රදේශයේ නිවාස රැසක් ප්‍රදේශයේ පවතින දැඩි අයහපත් කාළගුණයත් සමග තම නිවාස නායයෑමේ අවධානමක ලක් වී ඇති බව පීඩාවට පත් වී සිටින එම නිවාස වල පදිංචිකරුවන් කියා සිටියි.
Read Moreදිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
Read Moreදඹුල්ල බකමූණ ප්‍රධාන මාර්ගයේ රිදිඇල්ල රක්ෂිත ප්‍රදේශයේ දී 26 දින අලුයම කුකුළන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් වන අලියෙකුගේ ගැටීමෙන් ලොරි රථය පෙරළී ගොස් එහි රියදුරු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කොට ඇති අතර විශාල කුකුළන් පිරිසක් මියගොස් වන අලියා කැලෑවට පැන ගොස් ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.
Read Moreඑක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ විශේෂ නියෝජිත, එක්සත් ජනපදය විසින් ඉන්දියාවට නම් කරන ලද තානාපති සහ ධවල මන්දිර ජනාධිපති කාර්ය මණ්ඩල අධ්‍යක්ෂ සර්ජියෝ ගෝර් (Sergio Gor) මහතා අතර හමුවක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත කාර්යාලයේදී පැවැත්විණි
Read Moreතම ජනපතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ලිබියානු නායක කර්නල් මුවම්මර් ගඩාෆිගෙන් යුරෝ මිලියන ගණනක නීති විරෝධී අරමුදල් ලබා ගැනීමේ නඩුවට අදාළව වරදකරු වූ හිටපු ප්‍රංශ ජනාධිපති නිකොලස් සාකෝසිට වසර පහක සිර දඬුවමක් නියම කර තිබේ.
Read Moreනුවරඑලිය පිදුරුතලාගල රක්ෂිතයට ඇතුලු වී අවසරයෙන් කදවුරු බැද නතර වී සිටි තරුණ තරුණියන් 26 දෙනෙකු නුවරඑලිය අඩවි වන කාර්යාලයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර (25) දින එම සැකකරුවන් නුවරඑලිය මහේස්ත්‍රාත් ලංකාගනී ප්‍රබුද්ධිකා මෙනවිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම සැකකරුවන් අධිකරණය හමුවේ වරද පිලිගත් නිසා එම සැකකරුවන්ට දඩුවම් ලබා දීමට ඔක්තොම්බර් (16) වන දින දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කලහ.
Read Moreකුරුණෑගල මැල්සිරිපුර පන්සියගම පොලිස් බල ප්‍රදේශයේ පිහිටි නා උයන ආරණ්‍ය සේනාසන භූමිය තුළදී පීලි මතින් දිවෙන ඩක්කුවක් කඩා වැටීමෙන් භික්ෂූන් වහන්සේ හත් නමක් අපවත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සහ තවත් භික්‍ෂූන් වහන්සේ හය නමක් තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහව මහේස්ත්‍රාත් කංචනී නර්තනී අභිමානී සෙනෙවිරත්න මෙනවිය පන්සියගම පොලිසියට නියෝග කළාය.
Read More