හාල් හිඟයක් ලූනු හිගයක් ඇතිවූ විට ආනයනය කරනවා මෙන් ඖෂධ හිඟයක් ඇති වූ විට එම ඖෂධ හෝ උපකරණ ක්ෂණිකව ආනයනය කිරීමේ හැකියාවක් රජයට නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියයි.
නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද ජීප් රථයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.
Read Moreඊශ්‍රායලයේ කෘෂී අංශයේ රැකියා අවස්ථා සදහා බඳවාගන්නා බවට යම් යම් පුද්ගලයින් හෝ කණ්ඩායම් විසින් පළකරන සමාජ මාධ්‍ය දැන්විම් මුළුමනින්ම අසත්‍ය බව ශ්‍රී ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි. මෙය වංචනිකව රැකියා අපේක්ෂිතයන්ගෙන් මුදල් ජාවරම් කිරිමේ අරමුණින් පළකරන බවයි කාර්යාංශය අවධාරණය කරන්නේ.
Read More“ජනතා විමුක්ති පෙරමුණේ නායකයා හම්බන්තොටට ආපුවාම දිවා හො රාත්‍රි ආහාරය දෙන්නේ මොහුයි.”
Read Moreටෙස්ලා හි ප්‍රධානී එලොන් මස්ක් ඩොලර් බිලියන 500 (£370.9bn) ඉක්මවා ශුද්ධ වත්කමක් අත්කර ගත් ලොව පළමු පුද්ගලයා බවට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
Read Moreකර්මාන්ත හා සේවාස්ථ රැකියා හෙවත් ගෘහස්ථ නොවන රැකියා සඳහා විගමනික ශ්‍රමිකයන් ස්වයං මාර්ගයෙන් (ඒජන්සි ආයතන හරහා නොවන) කාර්යාංශයේ ලියාපදිංචි වීමේදී, අදාල සේවා ගිවිසුම් තානාපති කාර්යාල හරහා සත්‍යාපනය කිරීමේදී අය කරන ගාස්තු සංශෝධනය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.
Read Moreහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චි මහතා ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
Read Moreසෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (02) පෙරවරුවේ මහනුවර මල්වතු මහා විහාරයේ දී මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ සහ අස්ගිරි මහා විහාරයේ දී අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
Read Moreමැණික්හින්න පොලිසියට ලද තොරතුරකට අනුව එම පොලිස් වසමේ ඉත්තමලියගොඩ ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී එම නිවසේ තිබී ඇමරිකාවේ නිෂ්පාදිත බෝර 16 නවීන පන්නයේ ගිනිඅවියක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
Read Moreබාහාළුම් මලු යනු සිලිසිලි බෑග් වශයෙන් පොදුවේ හඳුන්වනු ලබන මිලදීගත් භාණ්ඩ රැගෙන යාමේ කාර්යය සඳහා භාවිතා කරන අතලු සහිත කුමන හෝ ප්‍රමාණයෙන් යුතු මලු යන්න බව ඔවුන් වැඩිදුරටත් අවධාරණය කොට සිටියි.
Read Moreතංගල්ල සීනී මෝදර ප්‍රදේශයෙන් හමු වු අයිස් හා හෙරෝයින් මත්ද්‍රව්‍ය කිලෝ 705 ක තොගය මෙරටට රැගෙන ආ බව කියන ධීවර යාත්‍රාව හා එහි හිමිකරු අද (02) පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
Read Moreතාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශණ කටයුතු වලට නාමල් රාජපක්ෂ බිය විය යුතු නැති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.
Read Moreලෝක ළමා දිනය සමරන්න සිය විදුහලට මත් පැන් බෝතලයක් රැගෙන අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් පාසලක සිසුන් සිව්දෙනෙක් ඊයේ (1) පොලිස් භාරයට ගත් බව මීටියාගොඩ පොලීසිය කියයි.
Read Moreහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන මේජර් නෙවිල් වන්නිආරච්චි මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreබොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් ප්‍රථම වරට බිලියනපති සමාජයට එක්වී ලොව ධනවත්ම නළුවෙකු බවට පත්ව ඇති බව නව ලැයිස්තුවකට අනුව වාර්තා වේ.
Read Moreජීව විද්‍යාත්මක හේතූන්මත විවිධ ලිංගික නැමියාවන් ඇති ජනතාව සිටින බැවින් ඔවුන් කිසිවිටෙක අසාධාරණයට ලක් නොවිය යුතු අතර ඒ සම්බන්ධයෙන් කිසිදු පනතක් ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කර නැති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
Read Moreදේශීය වෙළදපොලේ දෙහි කිලෝවක සිල්ලර මිල රු.2000 දක්වා ඉහළ ගොස් ඇති බව පාරිභොගිකයන් කියා සිටියි. දෙහි ඵලදාව අඩු වීම සහ ඉල්ලුමට සරිලන සැපයුම ලබා දීමට නොහැකි වීම හුමවේ දෙහි කිලෝවක මිල මෙසේ ඉහළ ගොස් ඇති බවයි වෙළදුන් කියා සිටින්නෙ. දෙහි පවත්නා සිල්ලර මිල අනුව දෙහි ගෙඩියක සිල්ලර මිල රු.120-200ත් අතර මිලකට අලෙවි වෙයි.
Read Moreලෝක අමද්‍යප දිනය හෙටට(03) යෙදී තිබේ.
Read Moreමත්ද්‍රව්‍ය ජාවාරම්කාරියකට අයත් රුපියල් ලක්ෂ 573ක් වටිනා වත්කම් තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මෙසේ තහනම් කළ වත්කම් අතර බැංකු ගිණුම්වල පැවැති මුදල්, ඉඩම්, කඩ කාමර හතරක් හා තෙමහල් නිවසක්ද වන බව පොලීසිය කියයි.
Read Moreමෙරට යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ එක් පියවරක් වශයෙන් ස්වාධින අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කිරීමට රජය පියවර ගත් අතර, එම කමිටුවේ සාකච්ඡාවක් ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී පැවැත්විණි.
Read Moreබන්ධනාගාර ගත කර සිටින තමන්ව ඇප මත මුදාහරිණ ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමෙන් අනතුරුව එය නිෂ්ප්‍රභ කරන ලෙස කොළඹ මහාධිකරණය අද(02දා) නියෝග කළේය.
Read Moreමේ වනවිට දෙහි ඵලදාව ඉතාමත් අඩු මට්ටමක පැවතීමත්, වෙළදපොලේ පවතින ඉල්ලුමට සරිලන සැපයුමක් නෙමැතිවීම මීට හේතුවී ඇතිබව තොග වෙළදුන් පවසයි.
Read Moreනාවික හමුදාව කල්පිටිය කලපුවේ අරිච්චල් මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස රත්‍රං කිලෝ 4.454 සූක්‍ෂම ලෙස සඟවා ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (01දා) නාවික හමුදා භාරයට ගැනීමට ගැණින.
Read Moreආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් කුලිපදනම මත ලබා දි ඇති ගබඩා හා පරිශ්‍ර 32කින් හිග ගබඩා කුලි වශයෙන් රුපියල් දහනමකෝටි,දෙලක්ෂ හැත්තැපන්දහස් පන්සියහයක මුදලක් (190,275,506) අයවිමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
Read Moreවෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදු කළ අපරාධකරුවෙක්ට රැඳවුම් නියෝග ලබා ගත් බව පොලීසිය කියයි. ඩුබායි රාජ්‍යයේ අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව කටුනායකදී මෙම සැකකරු ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය.
Read Moreලංකාවට හඳුන්වාදුන් නව දෙළුම් විශේෂ දෙකක් සාර්ථකව පලදාව ලබාගැනීමට හැකිවී තිබෙනබව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂිකා(පර්යේෂණ) එල්. ජි. අයි. සමන්මලී මහත්මිය පවසා සිටිනවා.
Read Moreවිජේරාම ඉන්න කාලෙත් ඔහොම බලන්න ගියානම් හො ඳ යි. විජේරාමේ ඉන්න කොට මහින්ද රාජපක්ෂ මහත්තයා තියලා වෙන වෙන දේවල් කරගෙන හිටියා.
Read Moreළමයින් සම්බන්ධයෙන් ශාරීරිකව දඬුවම් කිරීම සම්බන්ධව දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මඟින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇතැයි අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreඅනුරාධපුර මිහින්තලයේ 15 හැවිරිදි සිසුවකු උරගයින් ඇතුළු සතුන් සංරක්ෂණය කරමින් පවත්වාගෙන ගිය පුංචි විද්‍යාගාරයේ සතුන් හා සත්ව නිදර්ශක කොටස් වනජීවී දෙපාර්තමේන්තුව භාරයට ගැනිමෙන් පසු පරිසර අමාත්‍යයතුමන් එම නිවසට ගොස් එම දරුවාට නැවත එම කටයුතු සිදු කිරීමට අවශ්‍යය පහසුකම් සපයන බවට පොරොන්දු විය .
Read More’’ඊයේ අපි රෑ වෙනකම් සාකච්ඡා කලා වැලිමඩ අර්තාපල් ගොවියාට සාධාරණයක් කරන්නේ කොහොමද කියලා. අද උදේ වසන්ත සමරසිංහ වෙළෙද ඇමතිවරයා මට කථා කරලා කිව්වා අර්තාපල් සතොස මගින් වැඩි මිළකට මිළදී ගන්නම් කියලා, අර්තාපල් කිලෝ 60000ක් ගබඩා කරන්න පුළුවන් ගබඩාවක් වැලිමඩ පැත්තෙන් හොයන්න කියලා මට කිව්වා. මම කිව්වා කොහෙන් හරි හොයලා දෙන්නම් කියලා. මේ දවස්වල වැඩිමඩ කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයේ අර්තාපල් කිලෝ 01ක් විකිනෙන්නේ රුපියල් 160ක් 170 කට වගේ පොඩි මුදලකට. ඒ ග
Read More