2023.06.30 දිනට හිඟ බදු ආදායම රුපියල් බිලියන 943 ක් බවත්, ඉන් බිලියන 767 ක් රදවා තබාගත් බදු ගෙවීමේ හැකියාව අවිනිශ්චිත තත්ත්වයේ (Held over) පවතින බවත්, එකතු කර ගත හැකි තත්වයේ (Collectable) හිඟ බදු ආදායම රුපියල් බිලියන 175 කට ආසන්න බවත් මෙහිදී අනාවරණය විය. ඒ අනුව දැනට එකතු කරගත හැකි මට්ටමේ හිඟ බදු ආදායම 20% ක් පමණක් බව මෙහිදී හෙළිදරව් විය
කොවිඩ් පාලනය සඳහා මෙරටට ගෙන්වන ලද ෆයිසර් එන්නත් මිලියන 14.05 කින් භාවිතා කොට තිබුණේ 13% ක ප්‍රමාණයක් පමණක් බවත්ඉතිරි එන්නත් කල් ඉකුත් වීම හේතුවෙන් විනාශ කර දැමීමට සිදු වූ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාමහනුවර දී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය .
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද (25) විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය.
Read Moreමීගොඩ 20 කණුව ප්‍රදේශයේ පවත්වාගෙන යන ගෘහ භාණ්ඩ තොග වෙළද සලකට අද (25) දින සවස මුහුණු සම්පූර්ණයෙන්ම ආවරණය වන සේ යතුරු පැදි හිස් වැසුම් පැළද ගිනි අවි දෙකක් අතැතිව පැමිණි පුද්ගලයන් දෙදෙනකු එහි සේප්පුවේ තිබූ රැපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් කොල්ලකා පලා ගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.
Read More2015 වසරේ ජනවාරි 05 වැනි දින කහවත්ත ප්‍රදේශයේ සිදුකල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලැබීමේ සිද්ධියට අදාලව එවකට නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට නොගන්නා ලෙසට බලපෑම් කිරීමේ චෝදනාවට සබරගමුව පළාත් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට රත්නපුර මහාධිකරණය විසින් වසර 05ක සිර දඬුවම් නියම කර තිබේ.
Read Moreඉන්දියාව විදුලි දුම්රිය ධාවනය සඳහා යොමු වීමත් සමග භාවිතයෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් කිහිපයක් මෙරටට ලබාදීමට එකඟතාව පළකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය.
Read Moreලබන 27 වැනි දින සිට සිට ඔක්තෝම්බර් 02 වැනි දින දක්වා දින සබරගමුව සහ බස්නාහිර පලාත්වල සියලු වාහන ආධායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතා තිබේ.
Read More34 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ බීච් වොලිබෝල් ජාතික තරගාවලියෙන් ප්‍රථම ස්ථානය දිනාගැනීමට, අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කල මැදවච්චිය උදාර ශ්‍රීනාත් පුශ්පදෙනිය සහ හර්ශ සදුන් බණ්ඩාර යන ක්‍රීඩකයන් දෙදෙනාට හැකි විය.
Read Moreවයස අවුරුදු 11 ක බාල වයස්කාර පිරිමි දරුවෙකු හට ලිංගික අතවරයක් සිදු කල චීවරධාරියෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (24දා) විමර්ශනයක් ආරම්භ කල බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.
Read Moreතරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද 25 නියෝග කළේය.
Read Moreබස් රථයක ගමන් කරමින් සිටි කාන්තාවක් ඇය හිද සිටි අසුන මත මියගොස් සිටි අයුරු දුටු රියදුරු සහ කොන්දොස්තර මල සිරුර රැගෙන පොලිසියට පැමිණීමේ සිද්ධියක් මහරගම පොලිසියෙන් වාර්තා වේ.
Read Moreඇඹිලිපිටිය, චන්ද්‍රික වැවේ නාමින් සිටි ළමයෙක් දියේ ගිලි ඇති අතර වහාම ක්‍රියා්මක වූ පොලිස් ජීවිතාරක්ෂක ඒ්කකයේ නිලධාරීන් ළමයා ගොඩට ගෙන ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂය පතව තිබේ.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර තීරණාත්මක සාකච්ඡාවක් හෙට (26දා) පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreමරදාන සිට අලුත්ගම බලා ධාවනයවූ මන්දගාමී දුම්රියේ පෙරේදා (24) රාත්‍රි ගැටී තරුණියක මියගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි .
Read Moreමඩොල්සිම පුංචි ලෝකාන්තයේ රාගල සානුව නැමති ස්ථානයේදී 23 වනදා සවස උපන්දින සාදයක් පවත්වමින් සිටියදී ප්‍රපාතයකට ඇඳවැටීමෙන් ලැබූ බරපතල තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබූ තරුණයන් දෙදෙනාගෙන් එක් අයෙක් 24 දා රාත්‍රී 8.00 ට පමණ මියගොස් ඇතැයි මඩොල්සිම පොලිසිය පවසයි.
Read Moreරුපියල් කෝටි 30 ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ඉතියෝපියාවේ සිට රැගෙන ආ කෙන්යානු ජාතිකයෙකු 09/24 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreගල්කිස්ස වෙරළ තීරයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දුන්පාසල් සිසුන් පස් දෙනකු ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
Read Moreමෙරට සමෘද්ධි බැංකු සහ එම බැංකු අඩංගු සමිති 2000 ක පමණ සිදුවී ඇතැයි පැවසෙන වංචා 107 කින් කෝටි විසි තුනකට වැඩි අලාභයක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය මගින් සැප්.18 වන දින නිකුත් කර ඇති අලුත් ම විගණන වාර්තාවක සඳහන් වේ.
Read Moreවිභාග දෙපාර්තමේන්තුව විසින් රුපියල් 546,264,452කවියදමක් දරා විභාග ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සඳහා ඉන්දියාවෙන් මිලදී ගනු ලැබූ වෙබ් ඩිජිටල් ප්‍රින්ටර් යන්ත්‍රය උපයෝගී කරගෙන 2022 මාර්තු මාසයේ සිට මුද්‍රණය කර ඇත්තේ සමස්ත ප්‍රශ්න පත්‍ර සංඛ්‍යවෙන් 3.5%ක්පමණක් බව ජාතික විගණන කාර්යාලයේ තොරතුරු මගින් අනාවරණය වෙයි.
Read Moreපාන් ගෙඩියක මිල රුපියල් 100 දක්වා පහත දැමීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
Read Moreවගා හානි වෙනුවෙන් ඉතිහාසයේ වැඩිම වන්දි මුදල මෙවර රජයට ගෙවීමට සිදුවන බවත් ඒ සඳහා රුපියල් බිලියන ගණනක මුදල් වෙන් කිරීමට සිදුවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි .
Read Moreසිව් දින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනිය බර්ලින් නුවරට අනිද්දා (26) පිටත්ව යාමට නියමිතය.
Read Moreමිහින්තලේ පොලිස් වසමේ සීප්පුකුලම ප්‍රදේශයේ නිවසක ඊයේ (23දා) පස්වරුවේ පැවති සාදයක් අතරතුර ඇති වූ බහින් බස් වීමක් දුර දිග ගොස් සිදු වූ ගුටි බැට හුවමාරුවකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මිහින්තලේ පොලිසිය පවසයි.
Read More2022 වර්ශයේ දෙසැම්බර් මස සිට 2023 මාර්තු මස දක්වා කාල පරාසයක් තුල අවුරුදු 2,මාස 9ක් වයස ඇති තම දියණිය අපයෝජනය කර පලා ගිය පුද්ගලයෙකු සොයා පොලීසිය මහජන සහය පතන අතර ඔහු වලස්මුල්ල පඹුරාව ප්‍රදේශයේ පදිංචි 29හැවිරිදි මිරිස්ස බඩල්ගේ ගිහාන් ධනුෂ්ක නැමැති පුද්ගලයෙකු බව ද පොලීසිය කියයි.
Read Moreවත්මන් රජය සෑම අවස්ථාවකම මිනිසුන්ගේ නිදහස අහෝසි කිරීමට උත්සාහ කරන බවත් එහි අලුත් ප්‍රවණතාව වන්නේ සමාජ මාධ්‍ය හා සමාජ මාධ්‍ය ජාලා පාලනය කිරීමට, බාධා කිරීමට හා අවහිර කිරීමට කටයුතු කිරීම බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreතමන්ට බලය ලැබුණු දිනක රටේ නීතිය හා ආරක්ෂාව පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෛත්‍රීපාල සිරිසේන මහතාට උගන්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.
Read Moreබිරිඳ විසින් සිය සැමියාට පිහියකින් ඇන නිදි යහනේදීම ඝාතනය කළේ යයි කියනු ලබන සිද්ධියකට සැක පිට එම කාන්තාව අද (24) අත්අඩංගුවට ගත් බව නුවරඑළිය මුලස්ථාන පොලීසිය පවසයි.
Read Moreපසුදින පැවැත්වෙන ආච්චි අම්මාගේ හත් දවසේ දානයට වැඩ කටයුතු කරමින් සිටී සිටි 24 හැවිරිදි තරුණයෙකු ගේ සිරුර නිවසේ ගබඩා කාමරයේ එල්ලෙමින් තිබියදී ඉකුත්සො දිනයා ගත් බව මල්වතු හිරිපිටිය පොලිසිය කියයි.
Read Moreඉදිරි වර්ෂයේ පළමු පාසල් වාරය ආරම්භ වීමට ප්‍රථම පාසල් පෙළපොත් සිසුන් අතට පත් කරන බව 2024 වර්ෂයට අදාළ පාසල් පෙළපොත් මුද්‍රණය කර බෙදා හැරීමේ වැඩසටහන යටතේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට අයත් හෝමාගම පිටිපන පිහිටි ප්‍රධාන ගබඩාවේ සිට ප්‍රාදේශීය මධ්‍යස්ථානවලට පෙළපොත් බෙදාහැරීම ආරම්භ කරමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ ය.
Read Moreගාල්ලේ රෙදි පිලි ව්‍යාපරිකයෙක් ඊයේ (23) රෑ වෙඩි තබා ඝාතනය කොට ඇතැයි ගාල්ල පොලීසිය කියයි.
Read More