බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය හා කළුතර අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායම් විසින් පසුගිය 02 දා සිදුකරණලද වැටලීම් වලදී සංවිධානාත්මක අපරාධ කල්ලි කණ්ඩායමකට සම්බන්ධ පුද්ගයන් 7 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. ඒ් අතර වයස අවුරුදු 71ක සැකකරුවකුද වෙයි. කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් පානදුර පොලිස් වසමේ වැටලීමක් සිදුකර මොහුව අත්අඩංගුවට ගෙන ඇත.
මෙම මෙහෙයුම ආරම්භ කරන ලද 2024.03.19 වන දන සිට 2024.04.02 වන දින දක්වා සමස්ථ සැකකරුවන් හා සැකකාරියන් 252 අත්තඅඩංගුවට ගෙන ඇති අතර, සංවිධානාත්මක අපරාධ සිදු කිරීම සඳහා සෘජුවම සහය දැක්වීම, අපරාධ සැලසුම් කිරීම හා එම අපරාධ වලට ආධාර අනුබල දීම ආදී විවිධාකාරයෙන් සහය ලබා දුන් සැකකරුවන් හා සැකකාරියන් ඒ අතර වෙයි.
ඉන්ද්රමූර්ති ජයසූරිය