දඩයම්කරුවෙකු විසින් තේ වත්තේ අටවා තිබු මන්දකට හසුවි මියගොස් සිටි කදුකර කොටියෙකුගේ සිරුරක් 03 දින හමු වු බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පැවසිය.
නොර්වුඩ් පොලිස් වසමට අයත් රොක්වුඩ් වතුයායේ තේ වත්තේ අටවා තිබු කම්බි මන්දකට කදුකර කොටියා හසු වි දින ගණනාවක් ගත විම නිසා කදුකර කොටියා ජිවිතක්ෂයට පත් වි සිරුර දැඩි ලෙන නරක් වි තිබු බවයි වනජිවි නිලධාරින් කියා සිටියේ.
ජිවිතක්ෂයට පත් කදුකර කොටියාගේ සිරුර එම වතුයායේ වතු කම්කරු විසින් දැක ඒ බව තම කාර්යාලය වෙත දැනුම් දුන් බවත්, කදුකර කොටියාගේ සිරුර හැටන් මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා රණ්දෙණිගල වනජිවි පශු වෛද්‍ය රෝහල වෙත යොමු කල බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පැවසිය.
මියගිය කදුකර කොටියා කමිබි මන්දට හසුවිම නිසා ගෙල සිර වි මියගොස් ඇති බවත්, අවුරුදු 4-5 අතර වයසක් ඇති මියගිය කදුකර කොටියා ගැහැණු සතෙකු බවයි පශ්චාත් මරණ පරික්ෂණය සිදු කල රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතා කියා සිටියේ.
කදුකර කොටින් පිලිබදව සමික්ෂණ සිදු කරන මෙරට සංවිධානයක් විසින් මියගිය කදුකර කොටියා කුඩා කල සිටම එම තේ වත්තේ හැදුණු වැඩුණු කදුකර කොටියෙකු බවට එම සංවිධානය විසින් හදුනාගෙන තමන් වෙත දැනුම් දුන් බවද අකලංක පිණිදෙණිය මහතා පැවසිය.
වල් ඌරන් දඩයම් කිරිම සදහා දඩයම්කරුවන් විසින් තේ වත්තේ අටවනු ලබන කම්බි මදු වලට කදුකර කොටින් හසු වන බවත්, තේ වතු ආශ්‍රිතව දඩයම්කරුවන් විසින් අටවනු ලබන මෙවැනි මදු ගලවා ඉවත් කිරිමට වතු අධිකාරිවරුන් සහ වතු කම්කරුවන් දැනුවත් කර ඇති බවද රණ්දෙණිගල වනජිවි පශු වෛද්‍ය රෝහලේ වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතා පැවසිය.
