ඇහැළේපොළ වලව්ව ශ්‍රී දළදා මාලිගාවට පවරා දෙයි
ඇහැළේපොළ වලව්ව ශ්‍රී දළදා මාලිගාව වෙත පවරාදීම සම්බන්ධයෙන් 2024-2-19 දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණය අනුව අදාළ සියලු පාර්ශවයන් සමඟ සාකච්ඡා කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම්ට දැනුම් දී තිබේ.
ඒ අනුව ඉදිරිපත් කර ඇති වාර්තාව මගින් ඇහැලේපොළ පවුල ප්රමුඛ කර ගනිමින් වසර සිය ගණනකට එපිට පැවති මහනුවර රාජධානිය ශ්‍රී විභූතිය හා එම පරිසරයේ පසුබිම නිරූපණය වන අයුරින් මෙම ගොඩනැගිල්ල තුළ ඉටි රූප කෞතුකාගාරයක් පිහිටුවීමටත් එමඟින් එම ඉතිහාසය පිළිබඳ තොරතුරු වර්තමාන ජන සමාජය වෙත වඩාත් ආකර්ෂණීය අයුරින් ඉදිරිපත් කිරීමට සහ දේශීය හා විදේශීය සංචාරක ආකර්ෂණය ඇති කිරීමත් අරමුණු කරගනිමින් ශ්‍රී දළදා මාලිගාව විසින් ඇහැලේපොළ වලව්ව ආශ්රිත ව්‍යාපෘතියක් සකස් කරනු ලැබ ඇත.
එබැවින් අදාල ගොඩනැගිල්ල ශ්‍රී දළදා මාලිගාව වෙත පවරාදීම සුදුසු බවට නිර්දේශ කර තිබේ.
ඒ අනුව ඇහැලේපොළ වලව්ව හා ඊට අයත් භූමිය පූජා ඔප්පුවක් මගින් දළදා මාලිගාව වෙත පවරාදීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

