තිස්සමහරාම රන්මුදුගම ප්රදේශයේ දැඩි ආර්ථික අපහසුතා මැද ජීවත් වූ දෙදරු පියකු වසක් ශරීරගත වීමෙන් මියගොස් ඇතැයි තිස්සමහාරාම පොලිසිය පවසයි.
තම පවුලට ආහාර සපයා ගැනීමට නොහැකිව සිටි බව කියන මෙම දෙදරුපියා වස පානය කළ බවට පොලීසිය සැක පල කරයි.
තම පවුල දින කිහිපයක් වේලක් ඇර වේලක් මඤ්ඤොක්කා ආහාරයට ගත් බවත් දරුවන්ට කෑම බීම නොදී ඔහුට ජීවත් වී පලක් නැති බව කියමින් හඬ හඬා සිටි බවට තිස්සමහාරාම පොලීසියට තොරතුරු ලැබී ඇත.
බිම ඇදගෙන වැටි වමන කරමින් සිටි තම ස්වාමිපුරුෂයා වස පානය කරන්නට ඇති කියන සැකය මත සුවසැරි ගිලන් රථය ගෙන්වා රෝහල්ගත කිරීමට කටයුතු කර බවද බිරිඳ පොලීසියටසඳහන් කර ඇත. සිද්ධිය සම්බන්ධ ව සොයා බැලීම සඳහා පොලීසිය පැමණීමෙන් අතරතුර ප්රදේශයේ සමෘද්ධි නිලධාරයා එම ස්ථානයට පැමිණ සිටි බවත් නිලධාරියා බිරිඳගෙන් සමෘද්ධිය නොමැතිද යන වග විමසා ඇත. ඇය සඳහන් කර ඇත්තේ මීට වසරකට පෙර සමෘද්ධිය කපා ඉවත්කර වගකි.ඒ වෙනුවට අස්වැසුම ලබාදීමට කටයුතු කරන බවත් එම නිලධාරීන් සඳහන් කළද මෙතෙක් කිසිදු දීමනාවක් නොලැබුණු බව සඳහන් කර ඇති බව තිස්සමහාරාම පොලීසිය පවසයි.
කවීෂා ගරුසිංහ