දැනට නියම කර තිබෙන බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදාහරින ලෙස කර තිබූ ඉල්ලීම කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
ඥානසාර හිමියන්ගේ සෞඛ්‍ය තත්වය සැලකිල්ලට ගෙන අභියාචනාධිකරණය ඉදිරියේ අභියාචනයක් විභාග කිරීම ප්‍රමාද වීම සලකමින් උන්වහන්සේ ඇපමත මුදා හරින ලෙසට ඥානසාර හිමියන්ගෙන් නීතිඥයන් විසින් මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් කර තිබිණි.