saravita-anim2

2025 මැයි මස 25 වන ඉරිදා

2025 මැයි මස 25 වන ඉරිදා

Latest News - timelapse 3260 hours ago

LATEST

ජාත්‍යන්තර වෙසක් උත්සවය ධවල මන්දිරයේදී

calendar_today 2023 මැයි 09 - 16:41 remove_red_eye - 999  

බුදුන් වහන්සේගේ උපත, සම්බුද්ධත්වය සහ පරිනිර්වාණය සිහිපත් කෙරෙන වෙසක් උත්සවය මෙවර තෙවැනි වරටත් ඇමරිකානු ජනාධිපතිවරයා ගේ, උපදෙස් මත මැයි 05 දින ධවල මන්දිරයේදී පැවැත්විනි.

එක්දින තරග තුනකින් සමන්විත ක්‍රිකට් තරගාවලියකට එක්වීම සඳහා ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

ශ්‍රී ලංකාවේ නව තාක්ෂණික සොයා ගැනීම් හා පර්යේෂණ සංවර්ධනය වෙනුවෙන් නව පනතක් ගෙන ඒමට අපේක්ෂා කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කරයි.

Read More

සමෘද්ධි සහනාධාර මුදල් ගෙවිම රාජ්‍ය බැංකු වෙත ලබා දීම හරහා ආණ්ඩුව සමෘද්ධි බැංකු අකර්මන්‍ය කිරීමේ උත්සහයක නිරත වන බව සමෘද්ධි වෘත්තීය සංගම් එකමුතුවේ ජාතික සංවිධායක චාමර මද්දුමකළුගේ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා මග බැංකුව පනත් කෙටුම්පත සඳහා, මුදල් අමාත්‍යංශයේ උපදේශක කාරක සභාවේදී සංශෝධන යෝජනා කරන ලෙසද එය මේ සතියේ පාර්ලිමේන්තුවේ විවාදය නොගන්නා බවද, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, පාර්ලිමේන්තුවේදී 2023.05.09 දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

Read More

අඩු ආදායම්ලාභී නිවාස 25000ක් සඳහා සූර්ය පැනල නොමිලයේ ලබාදීමේ ක්‍රියාවලිය කැබිනට් අනුමැතිය ලැබුණු පසුව ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි.

Read More

දැනට ඉදිරිපත්ව ඇති ’’ශ්‍රී ලංකා මහ බැංකුව කෙටුම්පත’’ වෙනුවට, ශ්‍රේෂ්ඨාධිකරණයට ලබාදුන් ප්‍රතිඥාවන්ට අනුකූලව, නව කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා, විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා වෙත පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී 2023.05.09 දින ලිපියක් භාර දුන්හ.

Read More

මන්නාරම මැදවච්චිය මාර්ගයේ කුංචිකුලම් ප්‍රදේශයේදී කාර් රථයක ප්‍රවාහනය කළ රුපියල් මිලියන 12 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (08) සවස අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ දැනට සිදු කෙරෙන බිම්මල් වගාව තවදුරටත් පුළුල් කිරීමට පියවර ගන්නා ලෙස චීන රජයේ මෙරට තානාපති චී ෂෙන්හොන් මහතා තමන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

Read More

කළුතර බාලිකා විදුහලේ 11 වසරේ ඉගෙනුම ලැබූ 16 හැවිරිදි පාසල් සිසුවියක ලැගුම්හලකට ගෙනගොස් පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියයාම සම්බන්ධයෙන් සොයමින් සිටී ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට කළුතර දකුණ පොලිසිය සමත්ව තිබේ.

Read More

අනියම් බිරිඳගේ නොමේරු දරු ගැබ ඉවත් කර ගබ්සාවක් කර දෙන ලෙසට තර්ජනය කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ මාතෘ හා නාරිවේද වෛද්‍ය ප්‍රතිකාර වාට්ටුවේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකුට පහර දීමට තැත් කළ තරුණයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මැල්සිරිපුර පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Read More

ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරමින් කටයුතු කරන ජන පීඩක ආණ්ඩුව සමඟ එක්නොවිය යුතු බවත්, තනතුරු ලබා නොගතයුතු බවත් සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ.

Read More

ලාංකීය ලියෝ බහු මණ්ඩල දිස්ත්‍රික් 306 විසින් මෙවර ලියෝ සමාජ වැඩසටහන සඳහා තවත් නවමු පියවරක් තබා ඇත එනම්, මාලදිවයිනට ලියෝ සමාජ වැඩසටහන ව්‍යාප්ත කරමින් මාලදිවයිනේ නැගී එන තරුණ නායකයින් සවිබල ගැන්වීමට එක්වීමයි. මෙසේ මාලදිවයිනේ ලියෝ සමාජ වැඩසටහන දියත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාව පසුගිය අප්‍රේල් 25 වැනි දින රාජගිරිය සිංහ ක්‍රියාකාරී මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

Read More

පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතු කොටස් ඉන්දියාවේ ටාටා සමාම වෙත පැවරීමට මූලික වටයේ සාකච්ඡාවක් සිදුවන බවට රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

නාථගනේ ස්තූපය හා පුරාවිද්‍යාත්මක නටබුන් සහිත ප්‍රදේශයේ කැනීම් කටයුතු මේවන විට සිදු කර අවසන් බවත්, මෙම පුරාවිද්‍යාත්මක ස්ථානය ඉදිරි පරම්පරාවන් වෙත ද දායාද කිරීමට ආරක්ෂා කරන ලෙස ජනතාවගෙන් ද ඉල්ලා සිටින බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

Read More

මේ වන විට ඩෙංගු රෝගී තත්ත්වයේ වැඩිවීමක් පෙන්නුම් කෙරෙන ගම්පහ දිස්ත්‍රික්කය තුළ විශේෂිත ඩෙංගු මර්දන වැඩසටහනක් කඩිනමින් ක්‍රියාවට නැංවීමට පියවර ගැනෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

විස්සයි විස්ස තරග 5කින් යුත් සංචාරයක් සඳහා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ජපානයේ සංචාරයක නිරත වේ. 15 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායමේ නායකත්වය ඩෙලන් පීරිස්ට හිමිවී ඇත. ජපානය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී,සී.) අර්ධ සාමාජික රටක් වේ.

Read More

කළුතර ලැගුම්හලක පස් වන මහලින් බිමට ඇද වැටී අභිරහස් ලෙස මියගිය බව කියන 16 හැවිරිදි රූමත් පාසල් සිසුවිය එම ලැගුම්හලට රැගෙන ආ බව කියන මෝටර් රථය කළුතර පලාතොට ප්‍රදේශයේ සඟවා තිබියදී සොයා ගත් බව කළුතර දකුණ පොලිසිය කියයි.

Read More

මේ වසරේ මැයි මස මුල් සතිය වන විට දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් ඩෙංගු රෝගීන් විසි දෙදෙනෙකු වාර්තා වී ඇති බව එම කාර්යාල තොරතුරු සඳහන් කරයි.

Read More

වලසකුගේ දරුණු ප්‍රහාරයකට ලක් වූ සිවිල් ආරක්ෂක භටයකු ඊයේ (7දා) වැඩි දුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව තන්තිරිමලේ පොලීසිය පවසයි.

Read More

නුවරඑළිය නගරයේ ඉදිකිරීම් හා සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කල විශේෂ කැබිනට් පත්‍රයට අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සැලසුම් කමිටුව ස්ථාපනය කිරීම අද (08) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි සිදු කෙරිණ.

Read More

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමට 2019.02.10 දින පැවති සීමිත තරග විභාගය සමත් අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයට කැඳවීම මැයි 22 සිට ජුනි 01 දින දක්වා අධ්‍යාපන අමාත්‍යංශයේදී සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා www.moe.gov.lk වෙත පිවිසෙන්න.

Read More

උතුරු පළාතේ දේශාපාලන පක්ෂ නියෝජිතයින්ට මේ මාස ජානාධිපතිවරයා හමුවී සාකච්ඡාවක් සඳහා ඇරයුම් ලබා තිබුණද නැගෙනහිර පක්ෂ සඳහා කිසිදු ඇරයුමක් නොලැබීම හේතුවෙන් උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ අතර මතභේදයක් හටගෙන ඇත.

Read More

එංගලන්තයේ චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වීම සදහා එරටට ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත ඇතුළු දූත පිරිස අද (08දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.

Read More

වරකාපොල, හොරගස්මංකඩ පවත්වාගෙන යන ප්‍රකට පෙළේ රබර් කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක් ඇතිව තිබේ. ගින්න හේතුවෙන් එම කර්මාන්තශාලාවට දැඩි අලාභ හානි සිදුව තිබේ.

Read More

ගම්පහ සාම මහා විහාරය මගින් ඊයේ (6දා) පවත්වන ලද පෙරහරේ ගමන්ගත් නිලමේවරයෙකු අලියා පිටෙන් බිමට ඇද වැටිණි.

Read More

ඉන්දියාවෙන් ගෙන්වූ බෙහෙතක විෂබීජ තිබීමෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි සැත්කම් කළ දහ දෙනෙකුගේ ඇස් පෙනීම දුර්වලවී ඇති බව නුවරඑළිය මහ රෝහල අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න මහතා පැවසිය.

Read More

2027 සිට 2030 දක්වා පුනර්ජනනීය බලශක්ති ඒකාබද්ධ කිරීමේ සැලැස්ම පසුගිය සතියේ ලංවිම විසින් ඉදිරිපත් කරන ලද බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජෙසේකර මහතා කියයි.

Read More

මාතර ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගි වී යළි නිවෙස කරා යමින් සිටි වෑන් රථයක පිටුපසින් පැමිණි මෝටර් රථයක් අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 8 දශම 4 කහතුඩුව වෙනිවැල්කොළ ප්‍රදේශයේදී 07 දා දහවල් අනතුරක් සිදුව ඇති බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශය පවසයි.

Read More

අලුතින් ආණ්ඩුකාරවරුන්, ඇමතිවරුන් පත් කිරිමට රජය කටයුතු කරමින් සිටින බවත්, එසේ කවුරු පත් කළත් පැවැත්වීමට නියමිත කිසිදු මැතිවරණයකින් වත්මන් රජයට බලයට ඒමට නොහැකි බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක නුවරඑලිය දිස්ත්‍රික් පා.ම පලනි දිගම්බරම් මහතා පැවසිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.