පළාත් පාලන ඡන්ද අපේක්ෂකයන් වන රාජ්‍ය සේවකයන්, ඡන්දය ඉල්ලන ස්ථානයට ආසන්නත ම බලප්‍රදේශයේ සේවයට වාර්තා කිරීමෙන් සුළු පිරිසකට ගැටළුවක් මතුවී ඇත්නම්, සාකච්ඡා කර ගැටළුව විසඳන බව, අග්‍රමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා පළාත් සභා, ස්වදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී 2023.05.11 දින ප්
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් විනාශයෙන් සිදුවූ හානියට වන්දි අය කිරීමේ වැඩපිළිවෙළට සහායක් ලෙස සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය විසින් නීතිමය කටයුත්තකට ප්‍රවේශ වන බවත් ඒ යටතේ මූලික එන්තරවාසියක් මීට සම්බන්ධ ආයතන රැසකට යොමු කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.
Read Moreරට තුළ භයානක තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබෙන බවත් ඊයේ දින පියත් නිකේෂල මහතාට කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න විසින් සංවිධානාත්මක කණ්ඩායමක් සමග එක්ව මැර ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් මේ වන විට මැර ප්‍රහාරයට ලක් වූ සහ මැර ප්‍රහාරය එල්ල කළ දෙපළම අත්අඩංගුවට ගෙන් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
Read Moreතියුණු ආයුධ රැගෙන ගල්කිස්ස පීරිස් පාරේ එළවළු වෙළඳසලකට මහා දවාලේ කඩා වැදි තියුණු ආයුධ පෙන්වා ව්‍යාපාරිකයා බියගන්වා ඔහු පැළඳ සිටි රුපියල් ලක්ෂ 60කට ආසන්න රන් භාණ්ඩ තොගයක් කොල්ලකෑ දෙදෙනාගෙන් අයෙකු දෙහිවල කවුඩාන ප්‍රදේශයේ දී හොරයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
Read Moreපාසල් සිසුවියන් දාසය දෙනෙකුට පමණ ලිංගික අතවර සිදුකරමින් සැගව සිටී උපකාරක පංති ගුරුවරයා අද උදෑසන අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය සමත්ව ඇත.
Read Moreඅරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන ප්‍රියත් නිකේෂල නැමැත්තා තමන්ට පහරදුන් බවට කඩුවෙල මහ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න මහතා කළ පැමිණිල්ලක් අනව ප්‍රියත් නිකේෂල අත්අඩංගුවට ගත් බව පොලීසිය නිවේදනය කරයි.
Read Moreආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක මුවාවෙන් ගල්කිස්ස වෙඩිකන්ද ප්‍රදේශයේ නිවසක රහසිගතව පවත්වාගෙන යනු ලැබූ ගණිකා මධ්‍යස්ථානයක් ඉකුත් 10 වන දින ගල්කිස්ස දූෂණ මර්දන අංශය මගින් වටලා එහි කළමණාකරිය සමග ගණිකා වෘත්තියට පැමිණ සිටි කාන්තාවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.
Read Moreරුපියල් ලක්ෂ 217 ක අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුදල් අයකැමිවරයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය කියයි.
Read Moreබස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඉකුත් වසරේ මැයි මාසයේදී අරගලකරුවන් විසින් හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයා ඇතුලු පිරිසක් පහරදී බේරේ වැවට දැමීමේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පල කිරීමේ සිද්ධියක් මත තමන්ට පහර දුන් බවට, පහරකෑමට ලක් වූ ප්‍රියත් නිකේෂල තලංගම පොලිසියට සිදුකල පැමිණිල්ලෙහි සදහන් බවද පොලීසිය පවසයි.
Read Moreයක්කල පොලිස් බල ප්‍රදේශයට අයත් බැලුම්මහර ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 13 ක දැරියක් නිවසින් අතුරුදහන්ව ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති බව යක්කල පොලීසිය සදහන් කරයි.
Read Moreලෝක සංචාරක නගර සම්මේලනයේ 2023 වසරේ චං-ශා කඳුකර සංචාරක සමුළුව අද (10) හූනාන් හි වැං-ශා හිදී ආරම්භ විය.
Read Moreදුඹුරු සීනි මෙට්‍රික්ටොන් 607.5 ක් නීති විරෝධීව ආනයනය කළ සිද්ධියේ වරදකාර සමාගම ඊට අදාළ දඩ මුදල සම්පූර්ණයෙන් මහා භාණ්ඩාගාරය වෙත බැර කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.
Read Moreඅද පස්වරුවේ ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය 05ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreබස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අරගල භුමියට පහරදීමේ සිද්ධියේ සැකකරුවෙකු වශයෙන් නම් කර ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස යොමුකර ඇති ලිපියක් බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීමට අභියාචනාධිකරණය වගඋත්තරකරුවන්ට කල් ලබාදී තිබේ.
Read Moreජාතික පොලිස් කොමිසමේ නව සාමාජිකයින් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ.
Read Moreනිවසක් තුල අධික ශබ්දයකින් කැසට් යන්ත්‍රයක් ක්‍රියාත්මක කර තිබීම හේතුවෙන් ඒ අසල පිහිටි විහාරස්ථානයක ආගමික කටයුතු වලට සිදුවූ බාධාවත් සහ අසල්වැසි පිරිස් දැඩි පීඩාවක් ලක්ව ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව, එම නිවසට ගිය පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු හට එම නිවැසියන් පහර දීම හේතුවෙන් පහර කෑමට ලක් වූ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු ඊයේ(9දා) ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් හොරොව්පතාන පොලිසිය ස
Read Moreයාපනය ඉලවාලෙයි වසන්තපුරම් ප්‍රදේශයේ ගෙවත්තේ පිහිටි ළිඳකට ඊයේ (09) සවස අවුරුදු දෙකහමාරක් වයසැති දියණියක් වැටී දියේ ගිලීමෙන් මිය ගොස් ඇතැයි ඉලවාලෙයි පොලීසිය පවසයි.
Read Moreනීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයකුට හා රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරියකට අපහාසාත්මක වන ආකාරයේ වීඩියෝ යූටියුබ් නාළිකාව ඔස්සේ උඩුගත කිරීම වළක්වමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හඳුන්ගොඩ මහතාට එරෙහිව නිකුත් කර තිබෙන වාරණ නියෝගය ලබන 24 වනදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය අද (10) නියෝග කළේය.
Read Moreඩෙංගු රෝගය පිලිබඳව මෙම සතිය පුරාවට කල සමාලෝචනයකින් දිවයින පුරා ඩෙංගු රෝගීන් 186ක් වාර්තා වී ඇති බවත් ඒ අතුරින් වැඩිම රෝගීන් සංඛයාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පලාතෙන් බවත් ජනාධිපති කාර්යාලය පවසයි.
Read Moreපාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී %‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකා අනතුර සම්බන්ධ සභාව කල් තැබීමේ විවාදය දින දෙකකදී පැවැත්වීමට තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
Read Moreබිත්තර ආනයනය හා දේශීය බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීම යන කරුණු මූලික කර ගනිමින් මේ වනවිට රට තුළ උද්ගතව පවතින බිත්තර හිඟය සම්බන්ධව සියලු පාර්ශ්ව එක්ව ගැටළුව විසඳෙන තෙක් ඒකාබද්ධව කටයුතු කිරීමට අද (09) දින කෘෂිකර්ම අමාත්‍යංශයේ දී පැවැති රැස්වීමක දී සියලු පාර්ශ්ව තීරණය කරනු ලැබීය.
Read Moreශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ ගිනි ගෙන විනාශ වූ ’’ එක්ස්ප්‍රස් පර්ල් ’’ නෞකාවේ වන්දි මුදලින් කොමිස් ලබා ගත්තේ තමන් නොවන බවත් එම ප්‍රකාශ වලට එරෙහිව එංගලන්තයේ සිට ක්‍රියාත්මක වන වෙබ් අඩවියට එරෙහිව තමන් එරටට ගොස් නීතිමය පියවර ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ බවත් ගෝලීය ශ්‍රී ලාංකික කොංග්‍රසයේ නායක මංජු නිශ්ශංක මහතා කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අද දින සවස ප්‍රකාශ කළේය.
Read Moreතුෂාර සංජීව විතාරණ මහතා (පොදුජන පෙරමුණ) කුරුණෑගල නගරාධිපතිවරයාව සිටි කාලය තුළ වැරැදි කිසිවක් සිදු කර ඇත්දැයි සෙවීම සඳහා වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාගේ නියමයෙන් පත් කරන ලද ඒක පුද්ගල පරීක්ෂණ කොමිසම විසින් නිකුත් කර ඇති වාර්තාවට අනුව විතාරණ මහතාට එරෙහිව ඉදිරිපත් කරන ලද චෝදනා 18 කින් චෝදනා 11 කටම ඔහු වැරැදිකරු බවට තීරණය කර ඇත.
Read More’’පෞද්ගලික උපකාරක පංති නිසා දරුවන් දහම් පාසල මගහැරීම නිසා අශීලාචාර සමාජයක් බිහිවෙලා. දරුවන්ට ඉඩකඩම් දේපල හදනවා වගේ ඔවුනේ ඔළුව සහ පපුවත් හැදිය යුතුයි’’ යැයි නාගොඩ ජයවර්ධනාරාමධිකාරී පූජ්‍ය දොඩංගොඩ විදුරඥාන හිමියන් පැවසූහ.
Read Moreනුවරඑළිය මහ රෝහලේ අක්ෂි ශල්‍යකර්ම සම්බන්ධ සිද්ධිය කොළඹ ජාතික අක්ෂි රෝහලෙන් වාර්තා වූ සිද්ධියට පෙර ඇති වූ තත්ත්වයක් බව අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතා පවසයි.
Read Moreකටුගස්තොට බාලිකා විදුහලක 10 වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක එම විදුහලේ ගොඩනැගිල්ලක පළමු මහලෙන් පහළට පැනීම හේතුවෙන් බරපතළ තුවාල ලබා මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බව පොලීසිය කියයි.
Read Moreදූෂණ චෝදනා ලබා සිටින නිලධාරියෙක් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) තනතුර පිරිනැමීමට විරෝධය දක්වමින් දුම්රිය ස්ථානාධිපතිවරු අද (9) මධ්‍යම රාත්‍රීයේ සිට පැය 24 ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසීය.
Read Moreපාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද් අගනුවර මහාධිකරණය ඉදිරිපිටදී අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreලබන බ්‍රහස්පතින්දා (11) විවාදයට ගැනීමට නියමිතව තිබු ශ්‍රී ලංකා මහබැංකු පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය වෙනුවට ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකා අනතුර සම්බන්ධ සභාව කල් තැබීමේ විවාදය දෙවැනි දිනටත් පැවැත්වීමට අද (9) පෙරවරුවෙ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදි තීරණය වූ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
Read More