saravita-anim2

2025 මැයි මස 25 වන ඉරිදා

2025 මැයි මස 25 වන ඉරිදා

Latest News - timelapse 3270 hours ago

LATEST

මූණු මාරු කළාට මැතිවරණ දිනන්න බැරිලු

calendar_today 2023 මැයි 07 - 15:47 remove_red_eye - 425  

අලුතින් ආණ්ඩුකාරවරුන්, ඇමතිවරුන් පත් කිරිමට රජය කටයුතු කරමින් සිටින බවත්, එසේ කවුරු පත් කළත් පැවැත්වීමට නියමිත කිසිදු මැතිවරණයකින් වත්මන් රජයට බලයට ඒමට නොහැකි බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක නුවරඑලිය දිස්ත්‍රික් පා.ම පලනි දිගම්බරම් මහතා පැවසිය.

හපුතලේ දුම්රිය ස්ථානය අසල දුම්රිය හරස් මාර්ගයේදී අද (7) බඩු ප්‍රවාහන දුම්රියක මෝටර් රථයක් ගැටී සිදුවූ අනතුරකින් මෝටර් රථයට හානි සිදුවී එහි සිටි එකම පවුලේ සිව් දෙනෙකුගේ ජීවිත බේරී ඇතැයි හපුතලේ පොලීසිය කියයි.

Read More

රුමේනියා රැකියා ලබා දෙන බව පවසමින් කොළඹ ප්‍රදේශයේ තරුණයින් පස් දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක් වංචා කළ බවට සැකපිට කොලොන්න ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බත්තරමුල්ල ප්‍රදේශයේ සුප්‍රසිද්ධ හෝටලයක රැදී සිටියදී අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයයේ විශේෂ විමර්ශන අංශය සමත්විය.

Read More

ඌව අමරපුර මහ නිකායික මූලස්ථාන විහාරස්ථානය වන බදුල්ල හිදගොඩ මහ තපෝධනාරාම විහාරස්ථානයේ විදුලිය වෙසක් පොහොය පෙනි පෙනි ලංකා විදුලි බල මංඩලයේ සේවකයන් විසින් විසන්ධි කිරිමත් සමඟ එම පුවත සැලවීමෙන් විහාරස්ථානයට පැමිණි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ ධන පරිත්‍යාගයෙන් රුපියල් 70000ක මුදලක් ගෙවා කඩිනමින් විහාරස්ථානයට යළි විදුලිය පහසුකම් ලබා දුන් බව බදුල්ල හිදගොඩ මහ තපෝධනාරාම විහාරස්ථානයේ විහාරාධිපති ඇකිරියේ සීවලි හිමියෝ පැවැසූහ.

Read More

පෞද්ගලික විශ්ව විද්‍යාලයක 18 හැවිරිදි සිසුවෙකු පදවාගෙන ආ වි 8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක් බම්බලපිටිය මුහුදු මාවතේදී මෝටර් රථ දෙකක හා විදුලි කණුවක ගැටී අනතුරට පත්ව ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි.

Read More

කතරගම දෙවියන් උදෙසා පූජාවන් සිදුකිරීමට පයින්ම උතුරේ සිට කතරගම දක්වා දින ගණනාවක් ගමන් කරන ලංකාවේ දිගම පාද යාත්‍රාව ලෙසින් සැලකෙන යාපනය කතරගම පාද යාත්‍රාව ඊයේ (06) සවස යාපනය තොණ්ඩමනාරු සෙල්වශාන්ති මුරුගන් හින්දු කෝවිලෙන් ආරම්භ විය.

Read More

පෙරේදා දිනයේදී ශ්‍රී ලංකාවෙන් කොවිඩ් මරණ තුනක් වාර්තා වි ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

2023/24 මහ කන්නයේ සිට පොහොර සැපයීමේ වගකීමෙන් රජය ඉවත්වන අතර, රටට අවශ්‍ය පොහොර සැපයීම සම්පූර්ණයෙන් ම පුද්ගලික අංශය වෙත පැවරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව කෘෂ්කර්ම අමාත්‍යාංශය පවසයි.

Read More

2022/23 මහ කන්නයේ දී බන්ඩි පොහොර මිල දී ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් රුපියල් බිලියන 08ක මුදලක් රජයට ලබා දුන් අතර එම මුදල් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ගොවි ජනතාවගේ ගිණුම්වලටම මුදල් බැර කරනු ලැබීය.

Read More

කටුනායක සිට ඉන්දියාවේ චෙන්නායි බලා ඊයේ දින දහවල් පිටත්ව යාමට නියමිත ගුවන් යානයේ ආරක්ෂක නිලධාරීවරයා ( Sky Marshall) සිය උණ්ඩ පිරවූ ගිනි අවිය (පිස්තෝලය) සමග කටුනායක ගුවන් තොටුපළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තය (Transit Passenger Terminal) වෙත පැමිණ සිටියදී කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් භාරයට ගැනීම නිසා එම ගුවන් යානය පිටත්ව යාම පැය හතරකින් පමණ ප්‍රමාද වීමකට ලක් වූ බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය .

Read More

2022-2023 වර්ෂය සදහා පැවැත් වු ශ්‍රි පාද වන්දනා වාරය වෙසක් පොහෝ දින (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කල බව ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් පැවසූහ.

Read More

හිටපු අමාත්‍ය, පොදු ජන පෙරමුණේ නායක බැසිල් රාජපක්ෂ මහතා අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය. බැසිල් රාජපක්ෂ මහතා සමග මෙම සංචාරය සදහා ඔහුගේ බිරිඳ ද එක් වී තිබේ. ඔවුන් 05/07 දින අලුයම 03.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණි .

Read More

මෙවර යල කන්නයේ දී ගොවිජනතාවට යූරියා පොහොර, බණ්ඩි පොහොර හෝ ගොවීන්ගේ අභිමතය පරිදි කාබනික පොහොර මිලදී ගැනීම සඳහා වවුචරයක් නිකුත් කිරීමට අනුමැතිය ඉල්ලා පසුගියදා (03) තමන් ඉදිරිපත් කළ යෝජනාවට මුදල් කමිටුවේ මෙන්ම ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල රාජ්‍ය නායක හමුවක් තෙවන චාල්ස් රජුගේ සහභාගීත්වයෙන් ඊයේ (05) ලන්ඩන් නුවර දී පැවත්වුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඊට සහභාගි විය.

Read More

ශ්‍රී ලංකාව පුරා වාසය කරන තරුණ තරුණියන්ගෙන් ප්‍රංශයට යවන බව පවසා රුපියල් කෝටියකට වැඩි මුදලක් සහ ඔවුන් සතු ගුවන් ගමන් බලපත්‍ර වංචනික ලෙස ලබා ගෙන සිටි පුද්ගලයෙකු 05/05 දින කටුනායක පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිතයන් 13ක් වාර්තා වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවෙන් මාස කිහපයකට පසුව කොවිඩ් ආසාදිතයන් 10 සීමාව ඉක්මවා වාර්තා විය. එම ආසාදිතයන් සංඛ්‍යව සමගින් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 672 207ක් දක්වා ඉහළ ගියේය.

Read More

දින හතරක් පමණ වයසැති බිළි‌දෙක් කෘරත්වයට පත්කර අතහැර දමා ගිය සැකකාර මවක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

Read More

කොළඹ සිට හපුතලේ දක්වා ඩීසල් ප්‍රවාහනය කළ බවුසරයක් අද (06) අලුයම දෙකයි තිහට2.30 ට පමණ හල්දුම්මුල්ල බත්ගොඩ ප්‍රදේශයේ දී පාරෙන් ඉවතට පැන නිවසක් මතට පෙරළීමෙන් එහි රියදුරු සහ සහයක තුවාල ලබා හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලීසිය කියයි.

Read More

තද වැසි පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයින පුරා පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තෙම්න්තුව දන්වා සිටියි.

Read More

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත උල්ලංඝනය කරමින් නීත්‍යානුකූල නොවන ලෙස විදේශ රැකියාවලට පිටත්ව යන ශ්‍රමිකයින් සහ එම මිනිස් ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් ගුවන් තොටුපොලේදී හඳුනාගෙන නීතිය හමුවට පැමිණවීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය විශේෂ පියවර ගෙන තිබේ.

Read More

ප්‍රවීණ සිනමා සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී ඥානාංග ගුණවර්ධන මහතා අද (04දා) අභාවප්‍රාප්ත විය.

Read More

අයර්ලන්තයට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේදී දැක්වූ දක්ෂතා සමඟ ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබේ. ඒ අනුව ඔහුට ICC ටෙස්ට් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ 13 වන ස්ථානයට පත්ව තිබේ.

Read More

යාපනයේ කාබනික පොහොර ආශ්‍රයෙන් වගාකෙරුනු ඇඹුල් කෙසෙල් කිලෝ 25,000 ක් සතියකට වරක් ඩුබායි වෙතට යැවීමට පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය විසින් පෙන්වා දෙයි.

Read More

ඉරාන ජනරජය විසින් ඇමරිකන් ඩොලර් මිලියන 1.8 ක ට අධික පිළිකා ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ශ්‍රී ලංකා රජය වෙත අද (04) පෙරවරුවේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ප්‍රදානය කෙරිණි.

Read More

කාමර කුලියට දෙන මුවාවෙන් විශ්‍රාමික පොලිස් නිලධාරිවරයෙක් විසින් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් ‍ඊයේ ( 3දා) වැටලූ කුරුණෑගල මූලස්ථාන පොලීසියේ නිලධාරීන් ගණිකා වෘත්තියෙහි නිරතව සිටි තරුණියන් හය දෙනෙකු සමඟ පුද්ගලයන් සිවු දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

හෝමාගම සිට අඳුනක් බලමින් දුරකථනය ඔස්සේ ලබා දෙන උපදෙස් අනුව කිරිවත්තුඩුව මැද්දහේන වත්ත ප්‍රදේශයේ තාප්පයකින් වටවූ නිවසක් ඉදිරිපිට නිධානයක් හාරමින් සිටි කාන්තාවන් සිව් දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.

Read More

ජනතාවට සවන් දෙමින් ‍උසස්‍පෙ‍ළ වි‍භාගයේ ‍උත්තරපත්‍ර පර‍ික්‍ෂා කිර‍ිමට කටයුතු කරන බව වි‍ශ්වවිද‍්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසයි. කො‍ළඹද‍ි පැවැති මා‍ධ‍්‍ය හමුවකචදී ‍ඔවුන් මේ බව පැවැස‍ිය. කෙසේ වෙතත් වෘත්ත‍ිය ක්‍රියාමාර්ගය වෙනත් පැතිකඩ ‍ඔස්සේ ඉදිරියට ගෙන යන බවත් ඔවුන් සඳහන් ක‍‍ළේය.

Read More

ශ්‍රී ලංකා මහබැංකු පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ලබන 11 වැනි බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Read More

මැයි 5 වන පුර පසලොස්වක දින රාත්‍රියේ සූර්යයා සහ චන්ද්‍රයා අතරින් පෘථිවිය පිහිටන විට පෘථිවියේ සෙවනැල්ල සඳ මතට පතිත වීම ඇරබිමත් සමග ඡායා චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

Read More

අයිඑම්එෆ් සාකච්ඡා වලදී ආණ්ඩුව මුල සිටම දැරූ ස්ථාවරය වූයේ දේශීය ණය ප්‍රතිව්‍යුහකරණය නොකරන බව වුවද මේ වන විට දේශීය ණය ප්‍රතිව්‍යුහකරණයට එකඟ වී ඇති අතර එය විදේශීය ණය ප්‍රතිව්‍යුහකරණයට පූර්ව කොන්දේසියක් බවටද පත්ව ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.