ඊයේ වළ දැමූ දේහය අද ගොඩ ගනියි
කොස්ගොඩ දූවේමෝදර පොදු සුසාන භූමියක ඊයේ (7) වළ දැමූ පුද්ගලයකුගේ මළ සිරුර අද (8)බලපිටිය වැඩබලන මහේස්ත්රාත් ලුෂාන් වඩුතන්තී මහතා ඉදිරියේ ගොඩගත්තේය.
වළ දැමූ පුද්ගලයාගේ මාමණ්ඩිය පරදෙනු ලැබූ පොලු පහරකින් ඔහු රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී මිය ගොස් සිටියදී රෝහලෙන් දේහය ගෙනවිත් ඔහුගේ පවුලේ අය පොලීසිය ඇතුලු අදාළ නිලධාරීන් දැනුම්වත් නොකට අවසන් කටයූතු සිදුකොට ඇති බවට කොස්කොඩ පොලීසියට ලැබුණු තොරතුරකට අනුව දේහය ගොඩ ගත්තේය.
සේ ගොඩ ගනු ලැබූවේ කොස්ගොඩ දූවේමෝදර, ඒ 68,පන්සල ඉදිරිපිට පොල්වත්ත පාර ලිපිනයේ පදිංචි එදිරිමාන්නරාල්ලාගේ චින්තක එදිරිමාන්න (49)නමැති දෙදරු පියෙකි.
පවුලේ ආරවුලක් සම්බන්ධයෙන් මිය ගිය බෑණා සහ මාමණ්ඩිය අතර රණ්ඩුවක් ඇතිවී බවත් ඔවුන් දෙදෙනාම පොලු මුගුරුවලින් පහරදී ගෙන ඇති බවත් පොලීසිය කියයි.
දෙදෙනා අතර ඇතිවූ පොලු මුගුරු පහරදීමෙන් මාමණ්ඩිය එල්ල කළ පොලු පහරකින් බෑණා බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බවත් රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී බෑණා මිය ගිය බවත් පොලීසිය කියයි.
රොහලේදී මිය ගිය බෑණා ඔහුගේ භාර්යාව ඇතුලු පවුලේ අය පොලිස් නිලධාරීන් දැනුම්වත් නොකොට ඔහුගේ දේහය රෝහලෙන් ගෙනවිත් වළදමා ඇති බවද පොලීසිය කියයි.
මේ සම්බන්ධයෙන් මිය ගිය අයගේ ඥාතියෙකු කරන ලද පැමිණිල්ලකට අනුව බලපිටිය අධිකරණය දැනුම්වත් කොට අධිකරණයේ නියෝගය මත මේ පුද්ගලයාගේ දේහය අද(8)දහවල් ගොඩගත් බවත් පොලීසිය කියයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

