වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ වැඩිහිටි නිවාස 136ක්
මෙරට වැඩිහිටි නිවාස ලියාපදංචි කළයුතු බවට ගැසට් නිවේදනයක් මගින් ප්රසිද්ධියට පත්කොට වසර 12ක් ගතවි තිබුනද මෙරට ක්රියාත්මක වන වැඩිහිටි නිවාස 456 අතුරින් වැඩිහිටි මහලේකම් කාර්යාලයේ ලියාපදිංචිකොට ඇත්තේ වැඩිහිටි නිවාස 136ක් පමණක් බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
2011 අංක 15 දරණ වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරිමේ පනතේ 34 වැනි වගන්තිය ප්රකාරව මේ සම්බන්දයෙන් සමාජසේවා ඇමතිවරයා විසින් නියෝග සාදනු ලැබ තිබුණි. එම නියෝග යටතේ යම්කිසි ආයතනයක වැඩිහිටි තැනැත්තන් 05 දෙනෙකුට වඩා නේවාසිකව සිටින්නේනම් වහාම එම ආයතනය ලියාපදිංචි කිරිම සදහා ඉල්ලිමක් ඉදිරිපත් කළයුතු බවට නියෝග කර තිබුණි මෙම නියෝග ගැසට් නිවේදනයක් මගින් ප්රසිද්ධියට පත්කොට වසර 12ක් ගතවි ඇති බවද මෙම විගණන වාර්තාවේ සදහන් වේ.
රජය මගින් වැඩිහිටි තැනැත්තන් සදහා සේවා සපයනු ලබන සියලුම ආයතන නියාමනයට අදාළ මාර්ගෝපදේශ සහ නියෝග සකස් කිරිම සදහා පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කොට ඇති බැව් වැඩිහිටි තැනැත්තන් සදහා වු ජාතික සභාව පවසයි.
පසුගිය වර්ෂයේ මැයි මස 30 වැනිදින මෙම කමිටුව පත්කොට ඇති අතර එම කමිටුව විසින් ඉදිරි කටයුතු සිදුකරගෙන යන බව ද වැඩිහිටි තැනැත්තන් සදහා වු ජාතික සභාව පෙන්වාදෙයි. මෙරට මුළු ජනගහනයෙන් වැඩිහිටි ජනගහනය සියයට 18කි. අසරණ වන වැඩිහිටි ප්රජාවගේ රැකවරණය සලසාදිම හා ඔවුන්ගේ අභිවෘද්ධිය සදහා වැඩිහිටි තැනැත්තන් සදහා සේවා සපයනු ලබන සියලුම ආයතන නියාමනය කළයුතුවේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

