මීගොඩ මංසන්දිය ආසන්නයේ දන්සල් පෝලිමක සිටි පිරිසක් අනතුරට ලක් කර පුද්ගලයින් 06 දෙනකු ජීවිතක්ෂයට පත් කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් අදාල කැබ් රථයේ හිමිකරු සහ තවත් අයෙකු ලබන 16 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස හෝමගම වැඩ බලන මහේස්ත්රාත් රොෂාන් කුරුප්පුආරච්චි මහතා අද (06) දින නියෝග කළේය. සැකකරුවන් මීගොඩ පොලිසිය වෙත නීතිඥයකු සමග පැමිණීමෙන් පසු අත් අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණි.