ඇමෙරිකාවත් ඉරානයත් සටන් විරාමය බිඳ දමයි
එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇති අස්ථාවර සටන් විරාමය දෙපාර්ශ්වය විසින්ම බිඳ දමා තිබේ. ඇමරිකානු හමුදා ඉරාන ඩ්‍රෝන යානා සහ රේඩාර් ස්ථාන ඉලක්ක කර ගනිමින් සහ ඉරානය ගල්ෆ් කලාපයේ ඇමරිකානු කඳවුරු වෙත මිසයිල ප්‍රහාර එල්ල කරමින් මෙසේ සටන් විරාමය බිඳ දමා තිබේ.
හෝර්මුස් සමුද්‍ර සන්ධිය දෙසට දියත් කරන ලද ඉරාන "ඒක-මාර්ග ප්‍රහාරක ඩ්‍රෝන යානා" හතරකට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාර එල්ල කළ බව එක්සත් ජනපද හමුදාව පැවසූ අතර එය "කලාපීය සමුද්‍ර ගමනාගමනයට ක්ෂණික තර්ජනයක්" බව එහි සඳහන් විය.
ඉරානය කුවේටයේ එක්සත් ජනපද ගුවන් කඳවුරු දෙකකට සහ බහරේනයේ එක්සත් ජනපද නාවික හමුදා කඳවුරුවලට බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් ප්‍රතිප්‍රහාර එල්ල කළ බව ඉරානයේ ඉරිබ් ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.
බහරේනය සහ කුවේට් ප්‍රහාර හෙළා දුටු අතර, ඩ්‍රෝන යානා සහ මිසයිල ප්‍රහාරය සාර්ථකව මැඩ පැවැත්වු බව පැවසීය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කටාර් රාජ්‍යය ඔවුන්ගේ ගල්ෆ් අසල්වැසියන්ට එල්ල කරන ලද ඉරාන ප්‍රහාර හෙළා දුටුවේය.
සිරික් සහ කෙෂ්ම් දූපතේ රේඩාර් ස්ථාපනයන්ට එක්සත් ජනපදය එල්ල කළ ප්‍රහාර සටන් විරාමය "දැඩි ලෙස" උල්ලංඝනය කිරීමක් බවත් "ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජාතික ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවයට පහරදීමක්" බවත් ඉරාන විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

