එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමේ යෝජනාව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරිමේ යෝජනාවට දෙමළ ජාතික සන්ධානයේ සහාය ලැබෙයිද නොදන්නා බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
Read Moreමන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිණි වලේ අද වනවිට සිදු කරන ලද කැනීම් වලදී හමුවූ සිරුරු කොටස් 276 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එම සිරුරු අතර කුඩා ළමුන්ගේ සිරුරු කොටස් 21 ක් දක්වා ඉහළ ගොස් ඇති බවට කැනීම් පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශමින්ද රාජපක්ෂ පැවසීය.
Read Moreමහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේත්, කැබිනට් මණ්ඩලය අදාළ අමාත්‍යධූරවලත් කටයුතු කිරිම වළක්වාලන්නැයි රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලූ පෙත්සම් විභාගය 2019 වසරේ ජනවාරි මාසය තෙක් කල් තබා ඇත.
Read Moreයාපනය සරසවියේ විද්‍යා අංශයේ සිවුවන වසරේ සිංහල සිසුන් සහ දෙවන වසරේ සිංහල සිසුන් දෙපිරිසක් අතර ඊයේ රාත්‍රීයේ ඇති වූ ගැටුමකදී දෙවන වසරේ සිසුන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කොට ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරන යෝජනාවට ද්‍රවිඩ ජාතික සන්ධානය කටයුතු කරන්නේ නම් ඔවුන්ට විපක්ෂනායක ධූරයේ කටයුතු කිරීමේ අයිතියක් නොමැති බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
Read Moreඓතිහාසික ගාල්ල කොටුවේ පිහිටි පැරණි උපතැපල් කාර්යාල ගොඩනැගිල්ලේ කොටසක් ඊයේ (11දා) සවස කඩා වැටී තිබේ. මෙම ගොඩනැගිල්ලේ වහලයේ කොටසක් මෙසේ කඩා වැටී ඇති අතර, එහි සුන්බුන්වලට යට වී ඒ අසළ නවතා තිබූ ත්‍රිරෝද රථයකට දැඩි හානි සිදුව තිබෙන බව ගාල්ල පොලීසිය පවසයි.
Read Moreපාර්ලිමේන්තු සභා ගර්භයේදී මන්ත්‍රීවරුන්ගේ නොගැළපෙන හැසිරීම් හේතුවෙන් ඇති වූ ගැටුම්කාරී සිද්ධීන් පිළිබඳ කරුණු සොයාබලන කමිටුව අද (12දා) පාර්ලිමේන්තුවේදී පළමුවරට රැස්වීමට නියමිත අතර, මෙම ගැටුම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිස් කණ්ඩායමේ ප්‍රධානීන්ද පාර්ලිමේන්තුවට කැඳවීමට මෙම පාර්ලිමේන්තු කමිටුව තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
Read Moreගායන ශිල්පී උපාලි කන්නංගර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
Read Moreතම දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙසට වතු සමාගම්වලට බල කරමින් වතු කම්කරුවන් දින 8 පුරා පවත්වාගෙන ගිය වැඩ වර්ජනය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද (12දා) සිට අත්හරින ලෙස ලංකා කම්කරු කොංග්‍රසය වතු කම්කරුවන්ට දැනුම් දි ඇත.
Read Moreවැලිකඩ බන්ධනාගාරයෙන් පැනගිය මත්ද්‍රව්‍ය ජාවම්කරුවෙකු බවට පැවසෙන සුනිල් ශාන්ත නමැත්තා පොලිස් විශේෂ කාර්ය බළකාය
Read Moreජංගම දුරකථන අස්ථානගත වීම හෝ සොරකම් කිරීම පිළිබඳ පොලිස් ස්ථානවලට දිනකට පැමිණිලි අටසියයත් - දහසත් අතර ප්‍රමාණයක් ලැබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. ලංකාව තුළ මිලියන විසිහතරකට අධික ජංගම දුරකථන ප්‍රමාණයක් තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
Read Moreඅද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට එක් නොවීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවට අද (12දා)ඉදිරිපත් කරනු ලබන බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පැවසීය.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරුන් අතර හමුවක් අද පස්වරුවේ ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.
Read Moreඑළැඹෙන උත්සව සමයේ වෙළෙඳපොළ තුළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල කිසිදු හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන ලෙසත්, මිල ඉහළ යාමකින් තොරව සාධාරණ මිලට ආහාර ද්‍රව්‍ය ලබාගැනීමට පාරිභෝගික ජනතාවට අවස්ථාව සලසන ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.
Read Moreනව කෘෂි සංස්කෘතියක් බිහි කිරීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍යාංශය සංවිධාන කරන ’’Harvest 2018’’ නවීන කෘෂිකාර්මික ප්‍රදර්ශනය අද (11) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ කෙරිණි.
Read Moreසිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සම්බන්යෙන් පත්කළ කමිටුවේ වාර්තාව ජනාධිපතිවරයා විසින් වහාම ප්‍රසිද්ධ කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreමඩකලපුව, වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටිය දී ඝාතනයට ලක් වූ පොලිස් සැරයන් නිරෝෂන් ඉන්දික ප්‍ර සන්න විරුවාගේ බිරිද, පුතණුවන් ඇතුළු පවුලේ සාමාජිකයන් අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.
Read Moreයාපනය හා කොළඹ අතර ධාවනය වන බස්රථ 88න් බස්රථ 65කට මාර්ග බලපත්‍ර නොමැති බව යාපනය බස් සංගමය සඳහන් කරයි.
Read Moreපුරවැසි බලය සංවිධානයේ සමන් රත්නප්‍රිය මහතා පසුගිය 06 දා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් රටතුළ අරගලයක් සිදුවන අන්දමේ ප්‍රකාශයක් කර ඇතැ බවට පොලිස් මූලස්ථානයට ඉදීරිපත් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් වන පරික්ෂණ පොලිස් විශේෂ විමර්ශන ඒකකය යටතට පත්කර ඇත.
Read Moreහිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂි වීරවංශ මහත්මියට එරෙහිව රහස් පොලීසිය විසින් ගොනු කර ඇති නඩුවේ විභාගය ජනවාරි පළවනදාට කල් තැබීමට කොළඔ මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියම කළේය.
Read Moreශ්‍රී ලංක දුම්රිය සේවය වෙනුවෙන් ඉදිරියේදී බලවේග කට්ටල 14ක්, එන්ජින් 21ක්, මැදිරි 160ක්, තෙල් ටැංකි 30ක් එක්වීමට නියමිතය.
Read Moreදයන්තන් ස්ටැන්ලි මොහාන්රාජ් නැමැති 19 හැවැරිදි පුද්ගලයෙක් ට මෙසේ සිර දඬුවම් නියම වී තිබේ.
Read Moreහිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කිරිම වළක්වමින් කෝවෝ වොරොන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
Read Moreදුම්රිය රියැදුරු, නියාමක, දුම්රිය පාලක, ස්ථානාධිපති හා අධීක්ෂණ කළමණාකරුවන් ලබන 26දා මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.
Read Moreත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ හා හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා 19 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඔ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට විශේෂ රැස්වීමක් සඳහා පැමිණෙන ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් දන්වා ඇත.
Read Moreකිළිනොච්චිය ඉරණමඩු ජලාශයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඉවත් කරන ලද සේනානායක මහත්වරුන්ගේ පැරණි සමරු ඵලකය පැය 24 ක් තුළ තිබූ ස්ථානයේම නැවත ස්ථාපිත කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උපදෙස් ලබා දුන් බවට උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය නිවේදනය කරන ලදි.
Read Moreබිග් බෑෂ් ලීග තරගාවලියේදී කාසියේ වාසිය විමසා බැලීමේ අවස්ථාව සඳහා කාසිය වෙනුවට ක්‍රිකට් පිත්තක් යොදා ගැනීමට සැලසුම් කර තිබේ.
Read More