වට්ටක්කාවලින් අතුරු නිෂ්පාදන කිරීමට තාක්ෂණය
වට්ටක්කා අස්වැන්න අපතේ යෑම වැළැක්වීම හා ස්ථාවර මිලක් ලබාදීමේ අරමුණින් වට්ටක්කාවලින් අතුරු නිෂ්පාදන සිදුකළ හැකි තාක්ෂණය සොයාගෙන තිබෙන බව ජාතික කෘෂි තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය සඳහන් කරයි.
අදාළ දැනුම ඉදිරියේදී ගොවිජනතාවට හා ව්‍යාපාරිකයන්ට ලබාදීමට සැලසුම් කර තිබෙන බවද එම මධ්‍යස්ථානයේ මාධ්යප්රකාශක, සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ සනත් බණ්ඩාර මහතා සඳහන් කළේය.
වට්ටක්කා ගෙඩිය තීරුවලට කපා වියළීමකට ලක්කර, එම පිටිවලින් රොටී, පිට්ටු, සුප්, නූඩ්ල්ස්, බිස්කට් හා බයිට් වර්ග නිෂ්පාදනය කළහැකි බවද හෙතෙම පවසා සිටියේය.
වට්ටක්කා ඉතා පෝෂ්‍යදායී ආහාරයක් බවත්, පිටි සකස් කිරීමේදීත් එම තත්ත්වය රැකගෙන පිටි සකස් කිරීමේ තාක්ෂණය සොයාගෙන තිබෙන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මීට අමතර පිටිමගින් ආහාර සකස් කර ගැනීමේ තාක්ෂණයද සොයාගෙන තිබෙන බවත්, අදාළ ආහාර සකස් කිරීම පිළිබඳ ව්‍යාපාරිකයන්ට දැනුම ලබාගතහැකි බවත් පැවසූ ඒ මහතා, තම නිවසේ ආහාර සකස් කර ගැනීමට ගොවිජනතාවට මෙම තාක්ෂණය ලබාදීමට සූදානම් බවද පවසා සිටියේය.
වට්ටක්කා අස්වැන්න වෙළෙඳපොළට පැමිණෙනවිට මිල අඩුවීම හා වට්ටක්කා ගෙඩියක් දීර්ඝ කාලයක් තබා ගැනීමට නොහැකිවීම හේතුවෙන් ගොවිජනතාව යම් ගැටලුවකට මුහුණ දී සිටි බවත්, එහෙත් මෙම තාක්ෂණය හරහා එම ගැටලුවලට විසඳුම් ලැබෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

popular news
-
Kumar Tuesday, 05 February 2019 08:26 AM
ලංකාවේ වට්ටක්ක වගාව අඩු කලොත් තම හොඳ. මම ඉන්න අමෙර්කාවේ වට්ටක්ක හෙක්ටරේ දහස් ගණන් වවනවා. මේ වැවෙන් සියට 90, October 31 වෙනි දින මුහුණු කපන්න යොදාගන්නවා. පසුදින මුහුණු කැපු වට්ටක්ක කසලබදුන්වල තැන්පත් කරනවා. අන්තිමට කසල රැගෙනයන දිනය ගෙනගොස් කොම්පෝස්ට් වලට පරිවර්තනය කරනවා. මම කියන්නේ වට්ටක්ක වැඩිපුර වැවීමෙන් පලක් නැති වගයි. අපේ ඉඩමේ පිටුපස ඉබේ සදුන වැලේ ගෙඩි 10ක් පමණ හටගෙන තිබුණා. අපි ආහාරය ගත්තේ ගෙඩියකින් පළුවක් පමණි. ඉත්රිය අනෙක් ලාංකිකයන්ට දුන්න.
Reply : 0 0
Champa Tuesday, 05 February 2019 07:25 PM
වට්ටොක්ක වලට හොඳ අනාගතයක් තියෙනව. වවන එක නතර කරන්න එපා. එක පැත්තකින් සාමාන්‍ය ජනතාවට ගණන් පුළුවන් මිලක්. අනික හොඳ පෝෂ්‍යදායක එළවළුවක්. ලෝකේ වැඩියෙන්ම වට්ටොක්ක ආනයනය කරන්නේ ඇමෙරිකාව. ගෙන්නන්නේ මෙක්සිකෝව, කැනඩාව, නවසීලන්තේ සහ අප්‍රිකානු රටවල් වලින්. ඇමරිකාව හැරුනහම ඉතාලිය සහ තව රටක් මට නම මතක නැහැ, මෙක්සිකෝවෙන් වට්ටක්ක මිලට ගන්නවා. හැබැයි ලෝකේ වැඩියෙන්ම වට්ටොක්ක වගා කරන්නේ චීනේ. ඔක්කොම කන්නේ චීන්නුමයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

