අතුරුදහන් වූවන් හා දේශපාලන සිරකරුවන් වෙනුවෙන් විරෝධතාවක්
යුද සමයේදී අතුරුදහන් වූවන් වෙනුවෙන් සාධාරණයක් ඉල්ලා සහ සිරගත කොට ඇති දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා රජයට බලකරමින් යාපනයේදී විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.
යාපනය ප්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපිටදී ඊයේ (04) දින මෙම විරෝධතාවය සම අයිතිය පිළිබඳව ව්‍යාපාරය විසින් සංවිධානය කොට තිබුණි.
විරෝධතාවයට සහභාගී වූවන් කියා සිටියේ,
‘යුද්ධය අවසන් වී වසර 10 ක් ගතවීමට ආසන්න වුවද මේ වන විටත් යුද්ධය හේතුවෙන් අතුරුදහන් වූවන් වෙනුවෙන් පිළිගත හැකි විසඳුමක් ලබා දීමට රජය අපොහොසත් වී ඇති අතරම ජාත්‍යන්තරය රැවටීමට පමණක් අතුරුදහන් වූවන්ගේ කාර්යාල ආරම්භ කර ඇති බවයි. ඒම නිසා අතුරුදහන් වූවන් වෙනුවෙන් සාධාරණයක් සිදුවී නොමැති අතර හැකි ඉක්මනින් අතුරුදහන් වූවන් වෙනුවෙන් පිළිගත හැකි විසදුමක් ලබා දෙන ලෙසටය.
එමෙන්ම දිවයිනේ විවධ බන්ධනාගාරයන්හි දේශපාලන සිරකරුවන් නඩු ඇසීමකින් තොරව දීර්ඝ කාලයක් රඳවා සිටි හෙයින් යුද්ධය අවසන් වී ඇති මොහොතක ඔවුන් සියලු දෙනාම නිදහස් කිරීමට රජය විසින් පියවර ගත යුතු බවටය.



popular news
-
Champa Tuesday, 05 February 2019 01:44 PM
අතුරුදහන් වූවන් ඔක්කොම ඉන්නේ පිටරට. හරිම ලේසියි විසඳුමක් දෙන්න. ඉන්දියන්, බටහිර, උතුරු ඇමරිකන් සහ නොර්ඩික් රටවල් වලට කියන්න ඕනේ පහුගිය කාලය ඇතුලත විශේෂයෙන් 2005 සිට ඒ ඒ රටවලට ආපහු දෙමල සංක්රමනිකන් ගැන තොරතුරු දෙන්න කියලා. එතකොට ඔප්පු කරන්න පුළුවන්. එක කියන විදිහට 2009 වෙනතුරු අවුරුද්දකට ඩොලර් මිලියන 200ක් එවල තියෙනවා පිටරට වල ඉන්න දෙමල ජාතීන් එකට. ඊළඟට ජර්මන් එකක් කිව්වා ඒ ගැන අවුරුද්දකට ඇමරිකන් ඩොලර් මිලියන් 300කටත් වැඩියි කියලා. කොහොමද හරියටම හොයා ගෙන තියෙන්නේ දන්නවද? ලෝකේ පුරාම ඉන්න දෙමල මිනිස්සු ලංකාවට එවපු වලින්. අනිත් කතාව, දෙමල සිරකරුවන් කියලා ජාතියක් නැහැ. ඔවුන් ත්රස්තවාදීන්. ඔවුන් නිදහස් කරන්න නෙමෙයි ඔවුන් කරපු යුධ අපරාධ වලට යුධ අධිකරණයක් ඉදිරියට ගෙනියන්න ඕනේ ලෝකේ අනිත් ත්රස්තවාදීන්ටත් යුධ අපරාධ නොකරන්න ආදර්ශයක් විදිහට. මේ දවස් වල "ආවා කල්ලියට" සුදු හුණු ගැන ව්‍යාපාරයකුත් ගෙනියනවා, ත්රස්තවාදීන් සාන්තුවරයන් කරන්න හදනවා වගේම. එම දෙකටම නීති ගරුක මහජනතාව විරුද්ධ වෙන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

