අරක්කු සමාගමක් කෝටි 18ක බදු පැහැරහැරලා
ජනතාවගෙන් බදු පිට බදු අයකරගන්නා ආණ්ඩුව, අරක්කු සමාගමක් විසින් රුපියල් කෝටි 18ක බදු ගෙවීම පැහැරහැර තිබුණද,මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව දූෂණ විරෝධී හඬ සංවිධානය සඳහන් කරයි.
පසුගිය වසර අදාළව මෙම බදු මුදල ගෙවිය යුතුව තිබෙන බවත්, අදාළ බදු මුදල ගෙවීම පැහැර හැරියොත් වාර්ෂිකව බලපත්‍රය අලුත් කිරීමට කටයුතු කිරීම නවතා දැමිය යුතු වුවද,අදාළබදු මුදල ගෙවීම පැහැරහැර තිබියදී, වාර්ෂික බලපත්‍රය අලුත් කර තිබෙන බවත් එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.
මීට අමතරව අරක්කු බෝතලයට ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙන බවත්, අදාළ ස්ටිකරය රුපියල් දෙකක මුදලකට මිලදී ගැනීමට හැකියාව තිබියදී, එම ස්ටිකරය රුපියල් පහක මුදලකට මිලදී ගැනීමට කැබිනට් පත්‍රිකාවක් සකස් කර තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
විදේශීය සමාගමක් හරහා මෙම ස්ටිකරය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ටෙන්ඩරය ලබාදී තිබෙන බවත්, මේ හරහා රට වර්ෂයකට රුපියල් මිලියන අටදහසක මුදලක් අහිමි වී යන බවත් ඔහු පැවසීය.
අදාළ ස්ටිකරය නිෂ්පාදනයට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනුයේ 2015 නොවැම්බර් මාසයේදී බවත්, එය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනුයේමෙම මාසයේ සිට බවත් ඒ මහතා සඳහන් කළේය.

popular news
-
Champa Tuesday, 05 February 2019 02:36 PM
කතාව ඇත්ත. බලපත්‍රය අලුත් නොකර ඉන්න ඕනේ. ලංකාවේ ජනගහනයෙන් 10% ක් පමණ වන ධනපතියෝ කවුරුවත් හරියට බදු ගෙවන්නේ නැහැ. ඒව ගන්නේ නැතුව එන එන පාලකයෝ 90%ක් වන සාමාන්‍ය ජනතව වෙත බදු බර පටවනවා. අර ස්ටිකර් කතාවත් ඇත්ත. දේශීය සමාගම් අඩු මුදලට දෙන්න පුළුවන් කියත්දී ඒ ගැන නොසලකා හරින්නේ එතකොට කොමිස් ගහන්න බැරි හින්ද. රුපියල් දෙකේ ස්ටිකර් එක රුපියල් පහට ගන්න කොට එක ස්ටිකරයකින් රුපියල් 2ක් අදාළ ඇමතිට යනව වෙන්න පුළුවන්. බදු පැහැර හරින හැමෝටම එහෙම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ දේශපාලන අනුග්‍රහය ලැබෙන නිසා. ලංකාව කවදාවත් හදන්න බැරි වෙලා තියෙන්නේ පහුගිය අවුරුදු 40 වගේ ඉඳන් තියෙන දූෂිත දේශපාලන මාෆියාව නිසා. ඊළඟ පාර නම් මේක වෙනස් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

