ඩඩ්ලි සිරිසේනගෙන් ඉඟියක්
තමන් බොහෝ පිරිසකට උදව් කර ඇති බවත් එම වැඩපිළිවෙළ රට පුරා රැගෙන යාමට අදහස් කරන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයෙක් මෙන්ම මෙරට ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙක් වන ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරයි. සිය ෆේස්බුක් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන් ඒ සඳහා යොදා ගන්තේ තම පෞද්ගලික මුදල් බවත් බවත් තම ව්‍යාපාර හා සහෝදරයාගේ දේශපාලනය පටලවා නොගන්නා ලෙසත් ඔහු පවසයි.
තම සහෝදරයේ දේශපාලනයට සම්බන්ධ හෙයින් තම ව්‍යාපාර දේශපාලනීකරණය කිරීමට කටයුතු කරන බවත් එද පුද්ගලික කෝන්තරයක් හා දේශපාලන වශයෙන් පිරිමසා ගැනීමක් බවත් ඔහු පවසයි. තම අරලිය සහල් ව්‍යාපාරය නියෝජනය කරන්නේ සමස්ත සහල් වෙළඳපොළනෙ 15%ක ප්‍රමාණයක් බවත් ඔහු පවසයි.
උපුටා ගැනීම
"ගොඩක් අය මුහුණුපොත ඇතුලෙ මගේ හාල් මාෆියාවක් ගැන කතා කරනවා. එක්කො මගේ හාල් ඒකාධිකාරයක් ගැන කතා කරනවා. ඒ අය මට අපහස කරන්නෙ, ගරහන්නෙ කවුරිහරි කියන දෙයක් අල්ලගෙන මිසක් මේකෙ ඇතුලෙ තියන කඳුලු කතාව සහ කැපකිරීම් ගැන නොදැනයි.. අනික් කාරණය තමයි, මගෙ සහෝදරයා මේ රටේ ජනාධිපති වීම හරි නිසා ගොඩක් අය මගේ ව්‍යාපාරත් දේශපාලනීකරණය කරන්න හදනවා.
ඒක හුදෙක්ම පුද්ගලික කෝන්තරයක්, දේශපාලනමය වශයෙන් පිරිමසා ගැනීමක්.. මගේ අරලිය සහල්, ලංකාවෙ සමස්ථ වෙළඳපොලෙන් නියෝජනය කරන්නෙ 15% ක කොටසක් පමණයි. එහෙව් මටද මේ ඒකාධිකාරයක් තියනව කියන්නෙ ?
අඩුම ගණනෙ මට බණින මිනිස්සු දන්නවද වී කිලෝ 60ක් මම ගත්තොත්, ඒකෙ බොල්, රොඩු, ගල් , වැලි ඉවත් කළාම මට හාල් වශයෙන් අරගන්න පුලුවන් 40KG ක ප්‍රමාණයක් පමණයි කියලා ? ඒ අය දන්නවද දකුණු ආසියාවෙ තියන ඉහළම වගේම මිළ අධිකම තාක්ෂණය යොදා ගෙන වැඩි පිරිවැයකින් සහ උපරිම ප්‍රමිතියෙන් තියෙන්නෙ මගේ සහල් පමණයි කියලවත් ?
මම කාටවත් බලෙන් හාල් කවන්නෙ නෑ.. මිනිස්සු බැණ බැණ මගේ ඒව ගන්නෙ, දැනට වෙළඳපොළේ පවතින හොඳම හාල් "අරලිය" නිසා. ඒ නිසා මම යටතේ ඉන්න සේවකයො දසදහසට සමච්චල් කරන්න එපා. ඒ මිනිස්සු තමයි මාත් එක්ක මේ ගමන එදා ඉඳන් ආවෙ. අද මම යම් තැනක ඉන්නවද, ඒ ඔක්කොම ඒ පොඩි මිනිහ නිසා. ඒකයි මම ඒ අයගෙ ශ්‍රමය සූරගෙන නොකා, එයාලගෙ සුභසාධනය වෙනුවෙනුත් ලොකු මුදලක් මගේ ආයතන වලින් වෙන් කරල තියෙන්නෙ. අනික මම වෙන ව්‍යාපාරිකයො වගේ දේශීය ශ්‍රමයෙන් හම්බ කරන මුදල් පිටරටවල ආයෝජනය කරල නෑ. මගේ සල්ලි මම ව්‍යාපාර වශයෙන් ආයෝජන කරන්නෙ ලංකාවෙ විතරයි. මොකද මම දේශියත්වයට ගරු කරන මිනිහෙක් නිසා.
ඒ නිසා මම ගැන නොදන්න අය මට චරිත සහතික ලියන්න එපා. මම හොඳට ගමේ පාසලට, ගමේ පන්සලට , ගමේ මිනිහට උදව් කළ කෙනෙක්. එයින් නොනැවතී මේ ගමන මම මුලු රට පුරාම ගෙනියන්නයි ඉන්නෙ. ඒ මගේ සල්ලි වලින් මිසක, කවුරුත් පස්සෙන් ගිහින් හොයාගත්ත මුදලින් නෙමෙයි. ඒ නිසා නැවතත් මම කරුණාවෙන් කියන්නම්.., මේ ඩඩ්ලි සිරිසේනගෙ ව්‍යාපාරයි, සහෝදරයගෙ දේශපාලනයයි පටලව ගන්න එපා."
හැමෝටම,
තෙරුවන් සරණයි.
ඩඩ්ලි සිරිසේන.

popular news
-
anura Tuesday, 05 February 2019 12:31 PM
කවුද බොලේ මේ මිනිසා . මෙය කටින් බතල සිටුවන ලොකු කෙරුමෙක් වගේ !! චන්දය කිට්ටු වෙන කොට මේ වගේ සින්දු අපට හොඳට පුරුදු වෙනවා. !!
Reply : 0 0
Champa Tuesday, 05 February 2019 02:18 PM
අනිවාර්යයෙන්ම පටලව ගන්න වෙනවා. ඒ මොකොද ඔබේ ව්‍යාපාරයට දේශපාලන අනුග්‍රහය නොඅඩුව ලැබුණු නිසා. ඔබ විතරක් නෙමේ තවත් එහෙම අය ඉන්නවා. අනික ඔබ දේශපාලනය සහ ඔබේ ව්‍යාපාර එකට පටලව ගන්න කොට අනිත් මිනිස්සු ඒ ගැන කතා කරන එකේ වරදක් මට නම් පේන්නේ නැහැ. සහෝදරයාගේ දේශපාලනයට ඔබ කෙලින්ම සම්බන්ධයි. ඒ මොකොද ඔබේ සහෝදරයා ඥාති සංග්‍රහයට විරුද්ධව ගල් බෝර පත්තු කරන නිසා. ඔබේ මුදල් ඔබට ඕනේ විදිහට වියදම් කරන්න එපා කියලා කවුරුවත් කියනවා මම දැක්කේ නැහැ. හැබැයි ඔබ ප්‍රසිද්ධියේ සහයෝගය දෙන ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා කොහොමටවත් දිනන්නේ නැහැ. ඒ මොකොද කිව්වා නම් එයා දිනුවොත් එයා පස්සේ ඉන්නේ කවුද කියල මිනිස්සුන්ට පේන නිසා. චන්දයක් ලංවෙන කොට සියලු වර්ගයේ සත්ගුණවත් මුදලාලිලා පරහිතකාමී වෙලා තමන්ගේ සල්ලි වීසි කරන්න එන එක ලංකා දේශපාලනයේ සාමාන්‍ය දෙයක්. ඒ මොකොද තමන්ගේ ව්‍යාපාර තවත් දියුණු කරගන්න තමන්ට වාසි සහගත දේශපාලකයෙක් ඉන්න කොට පුළුවන් කියල හිතන නිසා. හැබැයි ලංකා දේශපාලනයේ ප්‍රථම වතාවට ඊලඟ ජනාධිපති කවුද කියලා තීරණය කරන්නේ මුදලාලිලා නෙමෙයි, සාමාන්‍ය ජනතාව. බලා ඉන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

