E- ග්‍රාම නිලධාරි ව්‍යාපෘතිය සදහා 2024 වර්ෂය තුල රුපියල් මිලියන 1,150ක මුදලක් වෙන්කර තිබුණද එම මුදලින් ව්‍යාපෘතියේ අරමුණු සදහා වැයකොට ඇත්තේ රුපියල් මිලියන 117ක මුදලක් බැව් විගණකාධිපතිවරයා විසින් නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සදහන් වේ.
මෙරට රබර් නිෂ්පාදනය ඉකුත් වර්ෂයේ (2025) ජනවාරි මස සිට නොවැම්බර් මස දක්වා වු මාස 11ක කාලය තුලදි කිලෝග්‍රැම් මිලියන 61.5ක දක්වා සියයට 4.9කින් පහත වැටි ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
Read Moreරජයේ වෛද්‍ය නිළධාන්ගේ සංගමය විසින් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන (23) දින ආරම්භ කල සංකේත වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි ලෙස පීඩාවට පත් වී ඇත.
Read Moreවසර 17කට ආසන්න කාලයකට පසුව නුවරඑළිය නගර සීමාව අභයවල පට්ටිපොළ ලෝකාන්තය ඇතුළු ප්‍රදේශවලට සෙල්සියස් අංසක 05ට අඩු දැඩි සීතලක් සහිතව සෙන්ටිමීටරයක පමණ උසකින් සුදු වර්ණයෙන් මල් තුහින පතිත වී තිබීම අද (23) උදෑසන දක්නට ලැබින.
Read Moreඅද සවස් කාලයේ සිට උතුරු, උතුරු-මැද, නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකර්මාන්තපුර 09ක් සංවර්ධනය කිරිම සදහා රජය විසින් රුපියල් මිලියන 1542ක මුදලක් වැයකොට තිබුණද 2024 වර්ෂය අවසන් වනවිටත් එවායේ කිසිදු කර්මාන්තයක් ආරම්භකර නොතිබු බව අනාවරණය වි ඇත.
Read Moreඅහංගම තිත්තගල්ල කැරෑන ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් ඉදි කිරීමේ වැඩබිමකදී අද ( 22) සවස පස් කන්දක් කඩා වැටීමෙන් පස් කන්දට යටවු තිදෙනෙකු මිය ගොස් ඇත.
Read Moreරාජකීය ඕමාන නාවික හමුදාවට අයත් ‘AL SEEB’ යුද නෞකාව සැපයුම් හා සේවා සපුරා ගැනීම සඳහා අද (2026 ජනවාරි 22) දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
Read Moreනුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 3.5 දක්වා අද (22) පහත බැස පැවති බව නුවරඑළිය දිස්ත්‍රික් කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreනුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 3.5 දක්වා අද (22) පහත බැස පැවති බව නුවරඑළිය දිස්ත්‍රික් කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමෑත ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් මෙන්ම වැඩිම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් වසර 2025 වසර බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුඩ්ලර් මහතා සඳහන් කරයි.
Read Moreඅධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වූ පිරිස්වලට අද රට පුරාම විරෝධතාවයක් ගොඩ නැගෙමින් ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය. අද(22) පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
Read Moreහෙට දිනයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර පළාත්වලත් මාතලේ හා නුවරඑළිය දිසරික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.උතුරු, උතුරු මැද පළාත්වලත් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් සරථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreදොඹගහවෙල පොලිස් වසමට අයත් ඇල්ල ලන්ද ප්‍රදේශයේ කපමින් තිබූ තේක්ක ගසක් අදිමින් සිටි අයෙකුගේ හිස මතට ගසේ අත්තක් වැදීමෙන් බරපතළ තුවාල ලබා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු (21) වෙනිදා රාත්‍රී මිය ගොස් ඇත.
Read Moreනුවරඑලිය ප්‍රදේශයේ ස්ථාන කිහිපයකම (22) දින අලුයම මල් තුහිණ පතිත වී තිබුණි.නුවරඑලිය ග්‍රෙගරිවැව පරිශ්‍රය, තුරග තරග පිටිය, ගොල්ෆ් ක්‍රීඩාංගණය සහ වික්ටෝරියා උද්‍යානය, එලවලු වගා භූමි සහ තේවතුවල මල් තුහිණ පතිත වී තිබුණි.
Read Moreඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI SULTAN ISKANDAR MUDA - 367’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අද (2026 ජනවාරි 22) දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීම කොළඹ වරායේදි සිදු කෙරිණි.
Read Moreවත්මන් නීතිපතිවරයා ධූරයෙන් ඉවත් කරනවා යන්න පිළිබදව අද දිනයේත් මාධ්‍ය කිහිපයක් මගෙන් විමසීම් සිදු කරනු ලැබුවා. සමාජ මාධ්‍ය තුළ කුමන ආකාරයේ වාර්තා පළ වුවත් නීතිපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තුළ කිසිදු සාකච්ඡාවක් සිදු කර නැහැ. නීතිපතිවරයා ආරක්ෂා කළ යුතු බවට සමාජ මාධ්‍ය අදහස් පළ වෙනවා. ඔහු ඉවත් කළ යුතු බවට සමාජ මාධ්‍ය වාර්තා පළ කරනවා.
Read Moreහබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති වරයා ලෙස කටයුතු කල ( ජාතිකජනබලවේගය) හර්ෂ පුංචිහේවා මහතා සියධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වි ඇති හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපතිධුරයේ වැඩ බැලිම සදහා නියෝජ්‍ය සභාපති තක්ෂීන රවිශාන් ගමගේ මහතා පත්කරනු ලැබ තිබේ.
Read Moreගාල්ල දිස්ත්‍රිකය නියෝජනය කල හිටපු අමාත්‍යවරයකුවූ රමේශ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ලෙස පත්විය. මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අතින් අද දින (22.01.2026) පත්වීමේ ලිපිය ලබාගත්තේය.ඒ නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදීය.තවද රමේශ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ කැදවුම්කරු ලෙසද පත් කර ඇත.
Read Moreබූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රභල සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මන්නා රමේෂ් නමැත්තා රදවා සිටින ඒ කොටසේ අංක විස්ස සිර මැදිරියේ තිබී ස්මාට් වර්ගයේ ජංගම දුරකතනයක් ඇතුලුව බන්ධනාගාරය තුළට ගෙන යාමට තහනම් කොට ඇති ද්‍රව්‍ය තොගයක් ඊයේ(21)සිදු කළ විශේෂ මෙහෙයුමකදී සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
Read Moreදිට්වා සුලි කුණාටුවෙන් නායයෑමට ලක් වූ නුවරඑලිය රේන්දපොළ ජනපදයේ පස්වලට යට වී ඇති වාහන කිහිපයක් ගොඩ ගැනීමට සහයෝගය දක්වන ලෙස එම වාහන හිමියන් වග කියයුතු නිළධාරින්ගෙන් ඉල්ලා සිටියි.
Read Moreහබරාදුව ප්‍රාදේශිය සභාවේ සභාපති හර්ෂ මනෝජ් ගාර්දිය .පුංචිහේවා මහතා (ජාතික ජන බල වේගය)සබාපති ධුරයෙන් ඉල්ලා අස්වි තිබේ.
Read Moreතරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා එංගලන්ත පළමු එක්දින තරගය අද ආරම්භ වීමට නියමිතය. පස්වරු 2.30ට ආරම්භ වන මෙම තරගය දිවා රාත්‍රී තරගයක් ලෙසින් කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වෙයි.
Read More2026 වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් සම-සත්කාරකත්වය දරනු ලබන ICC පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කුසලානය මෙරට ප්‍රදර්ශනය කරමින්, කරනු ලබන සංචාරය නිල වශයෙන් ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
Read Moreඉදිකිරීම් සහ ඉඩම් පරිහරණය, කෘෂිකර්මාන්තය සහ සත්ව පාලනය, පරිසර සංරක්ෂණය ආදී ක්ෂේත්‍රවලට අදාළ ආයතන වියුක්තව ක්‍රියාත්මක වීම දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත් මධ්‍යම කඳුකරය යථා තත්ත්වයට පත් කිරීමේදී බාධාවක් බවත්, මධ්‍යම කඳුකරය කඩිනමින් සුරක්ෂිත කර යළි ගොඩනැගීම වෙනුවෙන් අදාළ සියලු පාර්ශ්ව ඒකාබද්ධ කරගත් නව ව්‍යුහයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
Read Moreහෙට (23දා) දින සිට, පවතින වියලි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත් අද දිනයේදී දිවයනේ බොහෝ ප්‍ර දේශවල වියළි කාලගුණ තත්ත්වයක ්පවතින බවද එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
Read Moreඅධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී මතුව ඇති ගැටලු විසඳීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විශේෂඥයන් ඇතුළු සියලු පාර්ශ්වයන් ඒකාබද්ධ කරගත් නිසි නෛතික රාමුවක් සහිත යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
Read Moreබහින්බස්වීමක් දුර දිග යාමෙන් පුද්ගලයෙකුට පහරදී තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තිදෙනකු අත්අඩංගුවට ගත් බව කාත්තන්කුඩි පොලිසිය පවසයි.
Read Moreකොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව ( සංශෝධන) පනත් කෙටුම්පත සඳහා 2026.01.20 දින සිය සහතිකය සටහන් කළ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (21) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.
Read Moreශ්‍රී ලංකාවේ විශාලතම සමූහ ව්‍යාපාරයක් වන CBL සමූහය, ඇමරිකානු ඩොලර් මිලියන 25 කට අධික ආයෝජනයක් සහිතව ඉන්දුනීසියේ විශාලම පොල් සැකසුම් සමාගමක් වන PT Tri Jaya Tangguh Indonesia (TJT) උපායමාර්ගිකව අත්පත් කර ගෙන තිබේ. සමාගමේ සේවක සංඛ්‍යාව 800 කට ආසන්න වෙයි.
Read More