saravita-anim2

2026 මාර්තු මස 11 වන බදාදා

2026 මාර්තු මස 11 වන බදාදා

Latest News - timelapse 184 hours ago

LATEST

එක්දින ශ්‍රේණිගත කිරීම්වල ලංකාව එක් ස්ථානයක් පසු පසට

calendar_today 2026 ජන 28 - 17:39 remove_red_eye - 303  

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව පස්වන ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකා කණ්ඩායම 6 වැනි ස්ථානය දක්වා පහත බැස තිබේ.

ජපාන රජයේ අරමුදල් සහාය ඇතිව , ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය ( I.O.M.) විසින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘයක් මගින් , ඇමෙරිකානු ඩොලර් මිලියන 8.4 ක් වටිනා ශ්‍රී ලංකාවේ පළමු , ස්වයංක්‍රීය දේශසීමා පාලන පද්ධතිය (Automated Border Control ( E - Gate ) System ) 01/27 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ තුළ ස්ථාපිත කිරීම සිදු කෙරුණි .

Read More

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලන්ඩන් ගමනට අදාළ විමර්ශන කටයුතු මාසයක් තුළ අවසන් කර මාර්තු මස නඩු පැවරීමට කටයුතු කරන බව නීතිපතිවරයා අද (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

Read More

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීම සඳහා මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

Read More

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා එළැඹෙන පෙබරවාරි මස 11 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද (28) කිරීමට නියෝග කළේය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලන්ඩන් සංචාරයට අදාළව විභාග වෙමින් පවතින නඩුව වෙනුවෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටිමෙන් අනතුරුව ඔහු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

Read More

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයීය කීර්තිමත් ආදිශිෂ්‍ය යෙක් වන ලුතිතන් කොයාන් චමිත මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ජීවිතයෙන් සමුගෙන තිබේ. අද දිනයේදී ඔහු මෙසේ සිය ජීවිතයෙන් සමුගෙන තිබේ.

Read More

අම්බලන්ගොඩ , ගලගොඩ සුනාමි ගම්මානයේ ඊයේ රෑ සිදුවූ වෙඩි තැබීමකින් මිය ගිය පුද්ගලයාගේ ඝාතකයන් අත් අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් අටක් පමණ යෙදවූ බව අම්බලන්ගොඩ මූලස්ථාන පොලීසිය කියයි. වෙඩි තැබීමෙන් අම්බලන්ගොඩ ,ගලගොඩ , රොටරි සුනාමි ගම්මානයේම පදිංචි දිමුතු සම්පත් නමැති විසිනව හැවිරිදි තරුණයකු බවද පොලීසිය කියයි.

Read More

පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුවට ඉදිරිපත් වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ.

Read More

එංගලන්ත හිටපු තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී දේශීය ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමෙන් විශ්‍රාම ගැනීමේ තීරණය වෙනස් කර තිබේ.

Read More

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ භික්ෂුන් වහන්සේ සිව්නම ඇතුළු සැකකරුවන් දසදෙනා පෙබරවාරි 02 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය අද (28දා) නියෝග කර තිබේ

Read More

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමති අජිත් පවර් ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊවේ පැවැත්වූ රැස්වීමේදී එක්දින ප්‍රතිපත්ති අනුපාතය (OPR) වත්මන් මට්ටමේම ඒනම් 7.75% ක් ලෙස පවත්වා ගැනීමට තීරණය කළ බව මහ බැංකුව නිවේදනය කරයි.

Read More

අඟුලාන, සයුරපුර මහල් නිවාස සංකීර්ණයේ පහරදීමක් හේතුවෙන් කාන්තාවක් මියගොස් ඇති බවට අඟුලාන පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.මරණකාරිය අවුරුදු 24 ක් වූ කුඩාවස්කඩුව, වාද්දූව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

Read More

අස්වැසුම පළමු අදියර සහ දෙවන අදියර සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ජනවාරි මස දීමනාවන් මෙන්ම අදියර දෙකටම අදාළ ජනවාරි මස වැඩිහිටි දීමනා අද (28) දිනයේදී එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

අම්බලන්ගොඩ , ගලගොඩ ටොටරි සුනාමි ගම්මානයේ ඊයේ (27)රෑ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

දිත්වා සුළි කුණාටුව හේතුවෙන් නියමිත දිනට රියදුරු බලපත්‍ර අලුත් කර ගැනිම සඳහා ඉදිරිපත් විමේ දුෂ්කරතාවන්ටමුහුණ දුන් රියදුරන් වෙනුවෙන් රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ සියලු ආගමික සිද්ධස්ථාන එම පෞරාණිකත්වය ආරක්ෂා කර ගනිමින් යළි ගොඩනැඟීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

කිසිදු වෘත්තියෙකුගේ බියවැද්දිම් හා තර්ජන මත තීන්දු තීරණ නොගන්නා බවත්, රට තුළ රැදී සිටිමින් සේවා සපයන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් උපරිම පහසුකම් සපයන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

Read More

වැඩිම පිරිස කුවේටයට 77,500 ඊශ්‍රායල්, ජපන්, කොරියා 33,500

Read More

කොළඹ වරායේ සිට බහාලුම් 323 ක් අනිවාර්‌ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සෑම බදාදා දිනකම රැස්වීමට තීරණය කෙරේ

Read More

මූලික වැටුප් වැඩිවිමක් සිදුකර ඇති අවස්ථාවක තම ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන් හා අහින්සක රෝගින් ප්‍රාණ ඇපයට තබාගනිමින් වෛද්‍යවරුන් පිරිසක් වැඩ වර්ජනයක් සිදු කිරීම කිසි සේත්ම සාධාරණ නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

Read More

විදුලිබල නිෂ්පාදනය සඳහා මෙරටට ආනයනය කරනු ලබන ගල් අඟුරු තොග පිළිබඳව යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී විමසා බැලේ. • ආනයනය කළ ගල් අඟුරු නෞකා තුනක අඩංගු ගල් අඟුරු ගැන ප්‍රමිති වාර්තා ලබා දෙන්න - කාරක සභාව

Read More

දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ පැවති සාකච්ඡාවලින් පසු යුරෝපා සංගමය සහ ඉන්දියාව සන්ධිස්ථානීය නිදහස් වෙළඳ ගිවිසුමක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදය විසින් දෙපාර්ශ්වයට ඇති කර ඇති පීඩනය මධ්‍යයේ ඉන්දියාව හා යුරෝපය මෙම ගිවිසුමට අත්සන් කිරීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ නවක පශු වෛද්‍ය නිලධාරීන්, පර්යේෂණ සහකාර හා පශු සම්පත් සංවර්ධන නිලධාරීන් වෙත පත්වීම් ලිපි සහ සේවා අනුයුක්ත ලිපි ප්‍රදානය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. මෙහිදී පශු වෛද්‍යවරු 23 දෙනෙකු, පර්යේෂණ සහකාර නිලධාරීන් 04 දෙනෙකු සහ පශු සම්පත් සංවර්ධන නිලධාරීන් 11 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය කරන ලදී.

Read More

සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනයකට අදාළව අද දිනයේදී මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙස සඳහන් කළද තමන්ට ඒ වෙනුවෙන් සති දෙකක කාලයක් අවශ්‍ය බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලිපියක් මගින් දැනුම් දී තිබේ.

Read More

ස්වාධීන රාජ්‍යයක් ලෙස ඉන්දියාවේ මංගල ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් පැළඳ සිටි කොළ පැහැති තොප්පිය, ගෝල්ඩ් කෝස්ට් වෙන්දේසියකදී නිර්නාමික ගැනුම්කරුවෙකු විසින් ඕස්ට්‍රේලියානු ඩොලර් 460,000 (ඇමරිකානු ඩොලර් 320,000) කට මිලදී ගෙන ඇත.

Read More

සංචාරක එංගලන්ත කණ්ඩයම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින තරගය අද (27දා) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතය. තරගාවලිය මේ වන විට 1-1ක් ලෙසින් දෙපිළටම විවෘතව පවතී.

Read More

පසුගිය වසරේ ඇති කරගත් වෙළඳ ගිවිසුමට අනුව කටයුතු නොකරන බවට චෝදනා කරමින් දකුණු කොරියානු ආනයන සඳහා තීරුබදු 25% දක්වා ඉහළ නංවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේය.

Read More

කොළඹ පැවති දෙවන එක්දින තරගයේදී ආර් ප්‍රේමදාස පිටියේ තණතීරුව තමන් ක්‍රීඩා කළ නරකම තණතීරුව බවට එංගලන්ත නායක හැරී බෲක් කළ ප්‍රකාශයට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක අද පිළිතුරුදුන්නේය.එංගලන්ත නායකයාගේ ප්‍රකාශය ප්‍රශ්න කරමින් චරිත් පැවැසුවේ එම තරගයේදී කණ්ඩායම් දෙකම ලකුණු ලකුණු 440ක් රැස් කළ බවයි.

Read More

ප්‍රථම වරට 2025 වර්ෂයේ දී ශ්‍රි ලංකාවේ සමස්ථ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 17.2 ඉක්මවා ඇති බව අපනයන මණ්ඩලයේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පවසයි .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.