saravita-anim2

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

Latest News - timelapse 10309 hours ago

LATEST

යාපනය ගුවන් තොටුපොළින් අදත් කරන්නේ පරීක්ෂණ ධාවනයක්

calendar_today 2019 නොවැ 08 - 08:57 remove_red_eye - 637  

මෑතකදී විවෘත කළ යාපනය ගුවන් තොටුපොළ හරහා අද දිනයේදීත් පරික්ෂණ ගුවන් ගමන් ධාවනයක් සිදුකිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරීය කටයුතු කර තිබේ.

සංචාරකයන්ට පහසුකම් සැපයීම සඳහා කැනඩාවේ , ටොරොන්ටෝ වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය , ඉන්දීය ගුවන් සේවය සමග සංකේත හුවමාරු ගිවිසුමක් ඇති කර ගෙන තිබේ.

Read More

සමාජ මාධ්‍යවල බොරු ගොතලා ජනතාව මුලා කරන විශාල අභූත චෝදනා කරමින් නැවතත් ජනතාව මුලා කරන්න උත්සාහ කළාට බුද්ධිමත් ජනතාව මුලා වෙන්නේ නැහැ.

Read More

කොළඹ හිටපු එක්සත් ජාතික පක්ෂ නගරාධිපතිවරයෙක් මෙන්ම වත්මන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ බිරිඳ වන්නේ ෆෙරෝසා මුසම්මිල් මහත්මියයි.

Read More

සජිත් ප්‍රේමදාස හැර වෙනත් කෙනෙකුට අපි ඡන්දය ලබා දෙන්නේ නම් අනාගතයේදී පරම්පරා විනාශයට පත් වීම කිසිවෙකුට වැළැක්විය නොහැකි බව අපි දැනගත යුතුයි.

Read More

කළු ගඟ ජලාශය ඉදිකිරීම සඳහා ඉවත් කෙරුණු වසම් 11ක පවුල් 1062 ඒ සඳහා තවමත්සි යලු ජල අවශ්‍යතාවයන් බවුසර මගින් සැපයෙන බවත් ආහාර සලාක ක්‍රමයට බෙදාදීම සිදු කෙරෙන බව ජනතාව පවසති.

Read More

අපවත්වී වදාළ අති පූජ්‍ය මාඳුළුවාවේ සෝභිත නාහිමියන් කැපවූ සාධාරණ සමාජයක් ඉටු කිරීමේ කාර්යය තවමත් පූර්ණ ලෙස ඉටු කිරීමට නොහැකිවීම කණගාටුවට කරුණක් බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

රජයේ අමාත්‍යංශ විසිහතරක් (24) ජනාධිපතිවරණ අපේක්ෂකයින් දෙදෙනෙකුට සහය දක්වමින් සිටින බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.

Read More

අතිනවීන පහසුකම් සහිතව ඉදිකරන ලද ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (08) විවෘත කෙරේ.

Read More

තම කීර්තිනාමයට අපහාස කළ බැවින් මංගල සමරවීර අමාත්‍යවරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත්, රුපියල් මිලියන 500ක් වන්දි ඉල්ලා එන්තරවාසියක් යවන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

අනුරාධපුර රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේට පළඳවන රන් පාදම සහිත නව චූඩාමාණික්‍ය එළැඹෙන 25 දා මහ සෑ රජුන් මත පළඳවන බවත් රන් ආලේපිත කොත් වහන්සේ නොවැම්බර් 26දා නිරාවරණය කරන බවත් රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන හිමියෝ පවසති.

Read More

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමට සමගාමීව පුද්ගලික අංශයේ වැටුප් වැඩිවන වැඩපිළිවෙලක් ඉදිරි රජයක් තුළ ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

මාධ්‍ය වඩා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළ යුතු බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.

Read More

ඒ ඝාතන කරපු අයගෙන් ඒ කථා මම ඇහුවාම මට කෑම කන්න පවා බැරි වුණා. කාන්තාවක් වගේ ඇහුවනම් සිහිසුන්ව වැටෙනවා. මිනිස් සිරුරකට එතරම් වද හිංසා කරන්න පුළුවන් ද, කාගේ වුවමනාවට ද මේවා කළේ. එදා රාජපක්ෂවරුන්ගේ අණ පරිදි නියෝග පරිදි අපරාද සිදු කළ රණවිරුවන් අද කම්පා වෙනවා. දුක් වෙනවා.

Read More

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට, පළාත් සභා මන්ත්‍රීවරුන්ට හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිය ප්‍රදේශ සංවර්ධනය කිරීම සදහා ජනාධිපතිවරයා හරහා වෙනමම විමධ්‍යගත අරමුදල් ලබා දෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

ඇතිවු සිද්ධිය ඉතාමත් සුළු සිරිම් තත්ත්වයක් ඇතිවු සිද්ධියක් බවත් කෙසේ හෝ තම ආරක්ෂක භටයින් බිමට හෝ වෙඩි තැබිමක් සිදු නොකර සිටියා නම් හොඳ බව තමා සිතන බවත් මේ සිද්ධිය සම්බන්ධව තමා දැඩි ලෙස කනගාටු වන බවත් මීට ආදාළව සාධාරණ පරික්ෂණයක් පවත්වන ලෙස පොලීසියෙන් හා ආරක්ෂක අංශ වලින් තමා ඉල්ලා සිටින බව එස් බි දිසානායක මහතා පවසයි.

Read More

කොළඹ නගරයේ දූවිලි අංශු ප්‍රමාණය මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබෙන බවත්, එහෙත් මේ මස 13 වැනි දින යළිත් එම තත්ත්වය ඉහළ යා හැකි බවත් ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරයි.

Read More

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ සිරකර තැබීම සඳහා පැහැරගෙන යෑමට කුමන්ත්‍රණය කළ බවට යුද හමුදා ලුතිනන් කර්නල්වරුන් දෙදෙනෙකු ඇතුළු හමුදා බුද්ධි නිලධාරීන් 07 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා හෝමාගම මහාධිකරණය හමුවේ අද (07දා) නඩු පැවරීය.

Read More

ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසන්නේ නවතම බුද්ධි අංශ වාර්තා අනුව දිස්ත්‍රික්ක 22කින් දිස්ත්‍රික්ක 16ක ජය ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගන්නා බවයි.

Read More

කොළඹ නගරයේ ගෝඨාභය තව අවුරුදු දහයක් හිටියානම් මේ කොළඹ නගරයෙන් බිම් අඟලක්වත් ඉතුරු කරන්නේ නෑ. විදේශිකයින්ට විකුණලා තමන්ගේ පොකට් පුරවගත්ත එක තමයි කළේ.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට කරන ලද සමික්ෂණයන්ට අනුව 60% වඩා ප්‍රතිශතයකින් ඉදිරියෙන් සිටින බව මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

Read More

ගිනිගත්හේන පොලිස් වසමට අයත් ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේදි තරුණයන් දෙදෙනෙකුට වෙඩි තබා තුවාල සිදු කරේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලීසිය මගින් අද (07) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරින් දෙදෙනා හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ජෙ.ස්ට්‍රොස්කි මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනා මේ මස 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළහ.

Read More

මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමේ නරක පෙන්වා ඇති බවත් දැන් මංගල සමරවිර මහතාට දේශපාලනයෙන් ඉවත්විය හැකි බවත් පාර්ලිමේන්තු මන්ති‍්‍ර විමල් විරවංශ මහතා පැවසිය.

Read More

වසර හතකට පෙර කටුවන ජනතා විමුක්ති පෙරමුණේ රැස්විමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීම හා තවත් අයෙකුට මරණීය තුවාල සිදු කිරීමේ චෝදනාවට වැරදි කරු වු මිද්දෙණිය ජුලම්පිටියේ පදිංචි ජී.ජී. අමරසිරි නොහොත් ජූලම්පිටියේ අමරේට තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද මහතා අද (07) මරණීය දණ්ඩනය නියම කෙරුණි.

Read More

මන්නාරම, ඉරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ නාවික හමුදාව හා මන්නාරම පොලිස් කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් සිදු කළ විශේෂ සෝදිසි කිරීමකදී නීතිවිරෝධී ලෙස හක් බෙල්ලන් 2,432ක් ළඟ තබා ගත් පුද්ගලයෙකු ඊයේ (06) සවස අත්අඩංගුවට ගෙන ඇත.

Read More

මෙවර ජනාධිපතිවරණයේ ප‍්‍රධාන පක්ෂ දෙකේ ම අපේක්ෂකයන් රසායනික පොහොර නොමිලයේ ලබාදෙන බවට කර ඇති යෝජනාවට තමා එකඟ නොවන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

නොවැම්බර් 16 දා පැවැත්වීමට නියමිත ජනපතිවරණයේදී මේ දක්වා පැමිණිලි 3083ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Read More

නැවත කිසිම දිනක එක්සත් ජාතික පක්ෂයට යෑමේ සූදානමක් නොමැති බව බවත් තමන්ට එල්ල වන කැපිලි ඉවසීමට නොහැකි බවත් රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පැවැසීය.

Read More

වවුනියාව, හොරොව්පතාන ඒ 32 මාර්ගයේ කුඩිරිප්පු මංසන්ධිය අසලදි වයස අවුරුදු 9ක පාසල් දැරියක් මාර්ගයේ ගමන්ගත් ටිපර් රථයකට යටවි ඊයේ (06) සවස ජීවිතක්ෂයට පත්ව ඇති බවට වවුනියාව පොලීසිය පවසයි.

Read More

මැතිවරණ ඉලක්ක කර ගනිමින් ඉදිරි දිනවලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් බෝම්බ ප්‍රහාරයක් සැලසුම්කර ඇති බවට කිසිඳු ප්‍රභවයක් නොමැතිව රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා එල්ල කළ චෝදනාව ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.