සජිත්ගේ ගෝඨාගේ යෝජනාවට ජනපති එකඟ නොවෙයි
මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන පක්ෂ දෙකේ ම අපේක්ෂකයන් රසායනික පොහොර නොමිලයේ ලබාදෙන බවට කර ඇති යෝජනාවට තමා එකඟ නොවන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
කලු ගඟ ජලාශයේ දියවර මංගල්‍යය හා අඹන නව නගරය ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක්වෙමින් ජනපතිවරයා මේ බව පැවැසීය.
රසායනික පොහොර භාවිතය වකුගඩු රෝගය ඉහළයාමට ප්‍රධාන හේතුවක් වී ඇති බවට මේ වන විට තහවුරු වී ඇති බවත් ගොවි ආර්ථිකය ශක්තිමත් කිරීම සහ ගොවීන්ට පහසුකම් සැලසීම දේශපාලන නායකයන්ගේ වගකීම වුව ද සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීමට බාධාවක් වන තීන්දු තීරණවලට කිසිවිටෙකත් එළැඹිය යුතු නොවන බවද ජනපතිවරයා පැවැසීය.
සෞඛ්‍ය සම්පන්න නීරෝගි ජාතියක් වෙනුවෙන් රසායනික පොහොර භාවිතයෙන් බැහැරව කාබනික පොහොර භාවිතා කිරීමේ ප්‍රතිපත්තියක් කරා රට ගමන් කළයුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

popular news
-
Champa Thursday, 07 November 2019 03:45 PM
එල. ප්‍රධාන පක්ෂ දෙකෙන් දාපු දෙන්නම රටේ නියම ප්‍රශ්න අඳුරන්නේ නැහැ. ජාතික ප්‍රශ්න ගැන සහ ගොවියන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්න පටන් ගත්තේ චන්දෙට ඉල්ලන්න. නැත්නම් දැනගන්න එපැයි මේ රටේ බොහෝ දෙනෙක් දැන් කාබනික පොහොර දාපු එළවලු සහ හාල් වලට වැඩි කැමැත්තක් දක්වන බව. මම ඕකට විරුද්ධව ඒවා කියපු දවසෙම ලිව්වා. ගොවීන්ට පොහොර නිකම් දීමෙන් පොහොසත් වෙන්නේ බහු ජාතික සමාගම්. 1965 හරිත විප්ලවය කියල කලේ එතෙක් ස්වභාවික ක්‍රම වලට හුරු වෙලා හිටපු ගොවීන්ට රසායනික පොහොර යොදන්න බල කිරීම. මේ තාක් ජනාධිපති ධූරයට ඉල්ලපු කිසි කෙනෙක් කිව්වේ නැහැ ගොවීන්ව සම්පුරණයෙන් රසායනික ක්‍රම වලින් මුදොගෙන ස්වභාවික පොහොර වලට යොමු කරනවා කියල. ඒ මොකොද කිව්වා නම් ජනාධිපතිවරු සහ ජනාධිපති අපේක්ෂකයෝ දන්නේ නැහැ එහම කරන්නේ කොහොමද කියල.
Reply : 1 6
Nandana Thursday, 07 November 2019 09:14 PM
මේ ජන්දිපතිට තව දවස් කීයද ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

