ඉදිරි දින දෙක තුන තුළදී පසුගිය ආණ්ඩුව කළ ඝාතන පිළිබද හෙළිදරව්වක් සිදුවන බවත් එම ඝාතන සිදු කළ අයුරු ඇසූ විට තමන්ට කෑම කා ගැනීමට පවා නොහැකි වූ බවත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
එසේම ඒ පිළිබඳව කාන්තාවක් සවන් යොමුකළානම් ඇය සිහිසුන් වන බවත් අමාත්‍යවරයා පැවැසී.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවැති රණවිරු ප්රඥප්තිය එළිදැක්වීමේ මාධ්‍ය හමුවේදී අද (07දා) කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ දී ඔහු මේ බව පැවැසීය.
“පසුගිය රජයේ හිටපු ආරක්ෂක ලේකම්වරයා රණවිරුවන් නොයෙකුත් ඝාතන ක්‍රියාවලට යොදා ගත්තා. එම රණවිරුවන් අසරණ වුණා. අවසානයේ සිරබත් කන්න සිදු වුණා. ඒවාට නියෝග දුන්න අය අධිකරණය අවුරුදු 04 ක් මගහැරියා. ඉහළ උසාවි වලට ගියා මෙම තීන්දු වෙනස් කරන්න වෛද්‍ය සහතික දුන්නා. බැරිම තැන විදෙස් ගත වුණා. අහිංසක රණවිරුවන් පවා දිලා හැංගිලා අවසානයේ රජයටම චෝදනා කළා රණවිරුවන් අත්අඩංගුවට ගත්තා කියලා.
එදා රාජපක්ෂවරු මරන්න හිතුන අය මැරුවා, විරුද්ධවාදීන්ට ශාරීරික වධහිංසා කළා. ඒක මේ රටට කළු පැල්ලමක් වුණා. ජාත්‍යන්තරය ඒ සිද්ධින් අහලා අපේ රට කෙළෙසුවා. මෙවැනි කුරිරු වධහිංසා මෙවැනි ප්රජාතන්ත්රවාදී රටක සිදු වෙනවා කියලා කවුරුත් හිතන්නේ නැහැ.
මේ රටෙන් පිටස්තර කෙනෙක් මේ රට ප්රජාතන්ත්රවාදී, නිදහස්, ස්වාධීන නීතිගරුක රාජ්‍යක් කියලා පිළිගන්නේ නැහැ. ඒ ඝාතන කරපු අයගෙන් ඒ කථා මම ඇහුවාම මට කෑම කන්න පවා බැරි වුණා. කාන්තාවක් වගේ ඇහුවනම් සිහිසුන්ව වැටෙනවා. මිනිස් සිරුරකට එතරම් වද හිංසා කරන්න පුළුවන් ද, කාගේ වුවමනාවට ද මේවා කළේ. එදා රාජපක්ෂවරුන්ගේ අණ පරිදි නියෝග පරිදි අපරාද සිදු කළ රණවිරුවන් අද කම්පා වෙනවා. දුක් වෙනවා.
අත්අඩංගුවට ගත්තේ ආණ්ඩුව නොවෙයි ලැබුණු වාර්තා අනුව අධිකරණය. අධිකරණය අද නිවැරදි තීන්දු තීරණ ලබාදෙනවා. තමුන්නාන්සේලාට තව දවස් දෙක තුනක් යන විට ලොකු හෙළිදරව්වක් ඇතිවෙයි. මේ සිදු වූ ඝාතන ගැන. ඒ ඝාතන කළ පුද්ගලයින් මේ රටට ඇවිල්ලා කියයි. මෙතෙක් මේ ගැන හිතන්න විඥානය නොතිබුන අයට එතකොට විඥානය පහළ වෙයි. ඔවුන් කොච්චර අසරණ වුණාද ඒ දුන්න නියෝග අනුව කියලා. ඔවුන් ඒවා කරන්න ගිහින් කොච්චර අසරණ වුණා ද කියලා.”
