saravita-anim2

2026 අප්‍රේල් මස 18 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 18 වන සෙනසුරාදා

Latest News - timelapse 9364 hours ago

LATEST

මී උණ හා ඩෙංගු ව්‍යාප්තිය පාලනය සුව ඇමතිනියගේ විශේෂ අවධානයට

calendar_today 2020 ජුනි 02 - 17:09 remove_red_eye - 212  

මදුරුවන්ට ඇදිරිනීතිය දැමිය නොහැකි නිසා මදුරු දෂ්ඨනයෙන් හැකිතාක් ආරක්ෂා වන ලෙසත්, ඉදිරි වැසි සමය සමග ඩෙංගු වසංගත තත්ත්වයක් ඇති විය හැකි බැවින් මදුරු මර්දනයට අවධානය යොමු කරන ලෙසත් සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

කොව්ඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිංගප්පූරුවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 291 අද දින දිවයිනට පැමිණ තිබේ.

Read More

දිවුලපිටිය බස් නැවතුම්පොළ අසල දී කෝටි එකහමාරකට ආසන්න වටිනා හොරෙයින් මත්කුඩු යතුරු පැදියකින් රැගෙන යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් අද (02) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි .

Read More

බේරුවල ප්‍රදේශයේ කනිෂ්ඨ විදුහලක විදුහල්පති නිල කාමරයේ තිබූ පරිගණකය පාසල් නිවාඩු කාලයේදී ජනේලය කඩා සොරකම් කරන ලද බාලවයස්කාර සිසුන් දෙදෙනකු බේරුවල පොලීසිය අද (02) සිය භාරයට ගෙන තිබේ.

Read More

’’වෙරළ තීරය රකිනවා කියලා ජනතාව රවටන්න ඉඩ දෙන්න බැහැ, ගල්කිස්ස වෙරළ ආරක්ෂණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා’’

Read More

චිනයෙන් මෙරටට ආනයනය කරන ලද එස් 14 වර්ගයේ බලවේග කට්ටල සහ මැදිරි සහිත දුම්රියක් පරික්ෂණ චාරිකාවක් සදහා අද (02) දින කොළඹ කොටුවේ සිට හැටන් දුම්රිය ස්ථානය දක්වා ධාවනය කල බව මධ්‍යම පළාත් දුම්රිය ප්‍රවාහන අධිකාරි ආනන්ද කරුණාරත්න මහතා පැවසිය.

Read More

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මැතිවරණ කොමිසම මැතිවරණයට දින නියම කිරීම සම්බන්ධයෙන් ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබේ.

Read More

හදිසි අවස්ථාවක් පැන නැගුන හොත් කොවිඩ්-19 අසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා නවීකරණය කෙරුණ තෙල්දෙණිය දිස්ත්‍රික් රෝහලට අදාල රෝගීන් ඇතුළත් කර ප්‍රතිකාර ලබා දීම ආරම්භ කළ බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය අර්ජුන අර්ජුන තිලකරත්න මහතා පවසයි.

Read More

තවත් කොව්ඩ්-19 ආසාදිතයින් 12 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ පී.සී.ආර්.පරීක්ෂණ සිදු කිරීම ඊයේ (01දා) සිට ආරම්භ කර තිබේ. ඒ අනුව මුලින්ම ඒ සඳහා යොමු කර තිබුණේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් සහ කාර්යය මණ්ඩල සාමාජිකයන් පිරිසකි .

Read More

බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉදිරියේදී ඉහළ නැංවීමට සිදුවන බව බේකරි නිෂ්පාදකයින් සඳහන් කර සිටියි.

Read More

පාර්ලිමේන්තුව විසුරුවා හැර අදට මාස 3ක් ගතවී ඇති බවත් ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි වගන්තිය දැන් ප්‍රශ්නාර්ථයක් බවත් හිටපු කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

Read More

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සහ කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හි සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 08 දෙනෙකු ජුනි මස 01 සහ 02 යන දිනයන්හි එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

Read More

ඉදිරි දින කිහිපය තුළ මහජන හැසිරීම මෙන්ම කොවිඩ් 19 වසංගත තත්ත්වය හා සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන උපදෙස් සැලකිල්ලට ගනිමින් ලබන සඳුදා සිට අප රටේ පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය අද දින (02) තීරණය කළේය.

Read More

වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම පිළිබඳ නියෝගය හෙට (3) දිනයේ ලබා දීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා තීරණය කර තිබේ.

Read More

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනූව ජනතාව උත්තරීතර වන හෙයින් ජනතාවගේ කැමැත්තට ඉඩදී නව පාර්ලිමේන්තුවක් සදහා කඩනමින් මහා මැතිවරණයක් පැවැත්විය යුතුයැයි හිටපු අමාත්‍ය හා රජයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

පාතාල නායකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට කරන අපරාධ මෙහෙයුම් වහාම නතර විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කරයි.

Read More

දුම්රියෙන් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම සඳහා ආයතනික මට්ටමෙන් ලියාපදිංචි නොවූ මගීන් ජුනි 10 වන දාට පෙර එම කටයුතු අවසන් කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි.

Read More

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඩ නඟන බොහෝ පාර්ශව දේශපාලනයේ කාන්තා නියෝජනය පිලිබඳ මුනිවත රැකීම කනගාටුවට කරුණක් බව කැෆේ සංවිධානය පෙන්වා දෙයි.

Read More

මඩකලපුව කාත්තාන්කුඩි පොලිස් වසමේ කාත්තාන්කුඩිහි පදිංචි පුද්ලයෙකු පිළිස්සුම් තුවාල සහිතව මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ජිවිතක්ෂයට පත්විය.

Read More

කෝවිඩ් - 19 ආසාදනය වී සුවය ලැබූ නාවික නාවික හමුදා සාමාජිකයන් ගණණ 415 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

රජය ගෙන ඇති තීරණයක් අනුව විදෙස් ගත ශ්‍රමිකයන් විශේෂයෙන්ම මැද පෙරදිග ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම තවදුරටත් කාලය ගත වන බව පෙනෙන්නට තිබේ.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානි ආචාර්ය අයි. එච්. කේ. මහනාම මහතා විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කළේය.

Read More

පුත්තලම පොලිස් අධිකාරි කාර් යාලයේ සේවය නියුතු පොලිස් නිළධාරියකු අද (2දා) දින අලුයම ගමන් කරමින් තිබු යතුරු පැදිය අනතුරට ලක්වී මරණයට පත් වි ඇති බව කරුවලගස්වැව පොලිසිය කියයි.

Read More

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගන්නා පිළිකා රෝගීන් අදාල ඖෂධ වර්ග නැතිකමින් දැඩි පීඩනයකට පතිව ඇතැයි ආරංචි මාර්ග පවසයි .

Read More

පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් මුලතිව් වට්ට්‍රාපලෙයි කන්නගි අම්මාන් හින්දු කෝවිලේ වාර්ෂික දේව මෙහෙය මෙවරද පැවැත්වීමට කෝවිල් භාරකාර මණ්ඩලය විසින් පියවර ගෙන ඇත.

Read More

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක නියෝජිතයන් විසින් රට තුළට ගෙන එන සංචාර සදහා සේවා සැපයීම වැට් බද්දෙන් නිදහස් කෙරේ. එය මේ වසරේ අප්‍රේල්01 වන දින සිට ක්‍රියාත්මක වේ.

Read More

විදුලිබල හා බලශක්ති හා ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර හා ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා අතර සාකච්ඡාවක් ඊයේ (01) පස්වරුවේ දී පැවැත්විනි.

Read More

සෞදි අරාබියේ කොවිඩ්-19 ආසාදිතයන් 87,142 දෙනෙකු වාර්තා වන අතර, එරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 525කි.

Read More

මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන මහතා 55 වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් පත්කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.