ජනතා කැමැත්තට ඉඩදී මහ මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතුයි - කෙහෙළිය
රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනූව ජනතාව උත්තරීතර වන හෙයින් ජනතාවගේ කැමැත්තට ඉඩදී නව පාර්ලිමේන්තුවක් සදහා කඩනමින් මහා මැතිවරණයක් පැවැත්විය යුතුයැයි හිටපු අමාත්‍ය හා රජයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
මහනුවර පිහිටි කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදි හෙතෙම මේ බව පැවසීය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ කෙහෙළිය රඹුක්වැල්ල මහතා ,
රට ඉදිරියට ගෙන යාම සදහා විධායකය,ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන ප්‍රධාන ආයතන ත්‍රිත්වය නිවැරැදිව හා ශක්තිමත්ව ස්ථාපිතව තිබිය යුතු බවත් ඉන් එක් ආයතනයක හෝ ශක්තිය නොමැතිව රට ඉදිරියට ගෙනයාම අපහසු බවත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
කඩිනම් මහා මැතිවරණයක් මේ මොහොතේ නොපැවැත්වුවහොත් එය පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දුන් හැට නව ලක්ෂයක ජනතා ජනවරමට බලවත් ආසාධාරණයක් බවද ඒ මහතා පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තිවල පවතින යම් යම් අඩුපාඩු හේතුවෙන් ඒවා අර්ථ ගැන්වීම් වලදී ගැටලු මතුවී තිබෙන නිසා පවතින තත්ත්වය අවසන් කර රට ඉදිරියට ගෙන යාමට හැකි ඉක්මනින් මැතිවරණයක් පවත්වා නව පාර්ලිමේන්තුවක් බිහි කර ඉදිරියට යා යුතු බවද හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව යනු ප්රජාතන්ත්රවාදී රාජ්‍යක් බැවින් ජනතා කැමැත්ත අනූව සියල්ල සිදුවිය යුතු බවත් එසේ නොවුණහොත් රට ඉදිරියට ගෙනයාම ගැටලුවක් බවත් රඹුක්වැල්ල මහතා පැවසීය.
මහනුවර - මොහොමඩ් ආසික්

popular news
-
Gamage Piyadassana Tuesday, 02 June 2020 01:52 PM
Metiwaranayak tiyanna Janata kemattak ne 225 rassawal nam netiwela tiyanawa
Reply : 0 0
Don Tuesday, 02 June 2020 02:06 PM
මහජනතාවට චන්ද මොකටද? ඔය හාදයොන්න්ට තමයි තදියම.
Reply : 0 0
P.Atukorale Tuesday, 02 June 2020 05:17 PM
මෙතිවරනයක් අවශ්‍ය කියන්නේ දෙසපළුවන් විතරය්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

