විදෙස්ගත ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම තවදුරටත් කල් යයි
රජය ගෙන ඇති තීරණයක් අනුව විදෙස් ගත ශ්‍රමිකයන් විශේෂයෙන්ම මැද පෙරදිග ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම තවදුරටත් කාලය ගත වන බව පෙනෙන්නට තිබේ.
ඒ ගුවන් මගින් ලාංකිකයන් ගෙන්වා ගැනීමේදී ඒ සඳහා වැඩි කාල පරතරයක් ඇති කිරීමට රජය තීරණය කර ඇති හෙයිනි.
අද දිනයේදී සිංගප්පූරුවේ සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් ගෙන්වා ගැනීමට නියමිත අතර පසුව එළැඹෙන 6 දා යළිත් එංගලන්තයේ සිට ලාංකිකයන් පිරිසක් ගෙන්වා ගැනීමට නියමිත බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා හිරු රූපවාහිනය හා සාකච්ඡායකට එක්වෙමින් පැවැසීය.
“විශේෂයෙන්ම කුවේට් රාජ්‍ය යේ හා අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණෙන අයගේ ආසාදිත තත්ත්වය වැඩි බව අපි හැමෝම දන්නවා.ඒ නිසා රජය තීරණයක් ගනු ලැබුවා ගුවන් මගින් ගෙන එන සංඛ්‍යාව ඒ පරතරය වැඩි කිරීමට.
අද දින සිංගප්පූරු ගුවන් යානයක් පැමිණෙනවා. ඉන් අනතුරුව 6 වැනිදා එක්සත් රාජධානියේ ගුවන් යානයක් තමයි එන්නේ. ඔබට පේනවා ඇති අපි වෙනදට දිනපතා හෝ දිනකට පසු දිනයක් ගුවන් යානා ගෙන්වනු ලැබුවා.
ඒ තත්ත්වය දැන් අඩුවෙනවා. ඒ නිසා විදේශයෙන් ඇතිවන තර්ජනය යම් කිසි ආකාරයකට පාලනය කිරීමේ හැකියාවක් ඇතිවෙනවා”
popular news
-
Lokka Tuesday, 02 June 2020 11:55 AM
Okun genna gannath epa, unge salli illznnath epa.
Reply : 0 0
sandra roshel soysa Thursday, 11 June 2020 09:51 AM
Ane api dubai wala inne. Apiwa ikmanata genna ganna kiyala thamai kiyanna thiyenne. Apita kannath na inna thanenuth apita yanna kiyala thiyenne. Maasa 3ka room rent gewala na. Athe satha pahak wath na. Api ganath balanna. Apita thawa tika dawasakin maha paarata bahinnai wenne. Dawasatama eka welak kaala innawa. E kanneth roti witharamai. Athe salli nathi nisa hal wath ganna widiyak na. Apita mehe embassy walin kisima aadarayak laben naha. Apita kauru hari puluwan kenek innawa nam pihita wenna. Mamai mage mahaththayai inne. Apita rassawal wath na. Ane pin sidda wei apiwath balanna. 0559671403
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

