වෙරළ රකිනවා කියා ජනතාව රවටන්න ඉඩ දෙන්න බැහැ - නාමල්
"වෙරළ තීරය රකිනවා කියලා ජනතාව රවටන්න ඉඩ දෙන්න බැහැ, ගල්කිස්ස වෙරළ ආරක්ෂණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා" යැයි හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ අද (02දා) මුල්කිරිගල රාජමහා විහාරයේදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
"පසුගිය යහපාලන ආණ්ඩුවෙන් කැබිනට් පත්‍රිකා තුනක් මේ සඳහා දමා තිබෙනවා. ඒ කැබිනට් පත්‍ර තුනෙහි අනුමැතිය අනුව තමයි පසුගිය කාලයේ එහි සංවර්ධන කටයුතු සිදුව තිබෙන්නේ. තාක්ෂණ ඉංජිනේරුවරුන් කියන විදියට ක්‍රමවේදයෙන් බැහැරව කිසිදෙයක් එහි සිදුව නැහැ.
බැලූ බැල්මට අප සියලු දෙනාටම සාධාරණ සැකයක් තිබෙනවා සාමාන්‍ය ක්‍රමවේදයෙන් ඔබ්බට ගිය සිදුවීමක් සිදුව ඇති බවට සැකයක් තිබෙනවා. මේ නිසා අප ජනාධිපතිතුමාට කියනවා පැහැදිලි පරීක්ෂණයක් කරන්න. වෙරළ ඛාදනය වැළැක්වීමට අප පියවර ගන්න ඕනෑ. මෙම ව්‍යාපෘතිය මුලින්ම පටන් ගත්තේ කළුතර කැලිඩෝ වෙරළ තීරයෙන්.
මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කැබිනට් පත්‍ර ඉදිරපත් කළේ කවුරුන්ද. කොන්ත්‍රාත්කරුවන් තෝරාගත්තේ කවුද. තාක්ෂණ වාර්තාව දුන්නෙ කවුද. පරිසර තක්සේරු වාර්තාවක් තිබෙනවද. වෙරළ සංරක්ෂණයෙන් මෙයට අවසර දෙනකොට නිරීක්ෂණයක් කළාද. නිරීක්ෂණයක් නොකළා නම් ඇයි නොකළේ.
මෙවැනි දෙයක් සිදුවුණොත් කොන්ත්‍රාත් සමාගම මේ සඳහා දෙන වගකීම කුමක්ද යන්න පරීක්ෂණයක් කළ යුතුයි. මෙ එක් පැත්තකින් මහා නාස්තියක්. වෙරළ තීරය රකිනවා කියලා ජනතාව රවටන්න ඉඩ තියන්න බැහැ. මෙහි අකටයුත්තක් සිදුව තිබෙනවා නම් නිලධාරින් කෙසේ කීවත් ඒ පිළිබඳව පැහැදිලි පරීක්ෂණයක් කළ යුතුයි"
අනීෂා මානගේ

popular news
-
Champa Tuesday, 02 June 2020 04:40 PM
මේක එයාගෙම පෞද්ගලික වැඩක්නේ. ඇඳිරි නීතිය උපරිමය සහ කොරෝනා තියෙත්දිත් මේ ව්‍යාපෘතියේ වැඩ පරික්ෂා කරන්න ජනාධිපතිවරයා ගල්කිස්සට ගිහින් තිබ්බේ ඒකනේ. අනික මේක කලෙත් යුද්ධයක් කරනවා වගේ හමුදාව හතර වටේටම යොදාගෙන කාටවත් යන්න බැරි වෙන්න. ගොයම කාල තියෙන්නේ වැටයි නියරයි නම් නියරෙන් සාක්කි ඉල්ලලා වැඩක් තියෙනවද? වෙන තැනකත් කිව්වා වගේ පැහැදිලිවම කුමන්ත්‍රණයක් යනවා ඇතුළෙන්ම විපක්ෂයට ඊළඟ චන්දෙදි කතා කරන්න සටන් පාඨ හදලා දෙන්න. මැද පෙරදිග ශ්‍රමිකයන් නොගේන්විම, කොමිස් බලාගෙන ඕස්ට්‍රේලියාවේ ලෙඩ හරක් ගෙන්වීම, ගල්කිස්ස කෘත්‍රිම වෙරළ හරහා එළිපිටම කොමිස් ගැහීම, තව මට මතක නැහැ අනිත්වා. අගමැතිතුමාට හිතන්න හුඟක් දේ තියෙනව.
Reply : 0 0
Don Tuesday, 02 June 2020 04:59 PM
අය්යෝ, සිරිසේනට කතාකරාම කියාවි, හොයන්න දෙයක් නැහැ. එයාගේ යටතේ පරසර අධිකාරියේ අනුශාසකත්වයෙන් මේ රජයේ ආනුභාවයෙන් තමයි බිස්නස් එක කරන්නේ.
Reply : 0 0
Appachchi Tuesday, 02 June 2020 06:24 PM
Kollo meka සිද්ද වෙන්නේ ඔහෙලගෙ ආණ්ඩුව කාලෙ. තමුන්ලා හිතනවද මේ රටේ ඉන්න හැමෝම ගොන්නු කියල . ඕගොල්ල නැවත පත් කළේ Hitapu Aya හොඳ නැති නිසානේ . නිකන් බොරු කෙලින්න එපා ළමයෝ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

