නාමයෝජනා ලබාදිමේදි කාන්තාවන්ට ඇත්තේ අඩුු ඉඩක් - කැෆේ
ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් හඩ නඟන බොහෝ පාර්ශව දේශපාලනයේ කාන්තා නියෝජනය පිලිබඳ මුනිවත රැකීම කනගාටුවට කරුණක් බව කැෆේ සංවිධානය පෙන්වා දෙයි.
එම සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය සඳහන් කළේ මෙවර ඡන්ද හිමියන්ගේ දිනය සමරන මේ මොහොත මෙරට දේශපාලනය තුළ කාන්තාවට ඇති අවකාශය පිළිබඳ කථා කිරීම වඩා සුදුසු බවයි.
මෙරට ඡන්ද හිමියන්ගෙන් වැඩිම ප්‍රතිශතය කාන්තාවන් වන නමුත් කාන්තා නියෝජනයට ලැබී ඇත්තේ අවම ඉඩ පරාසයක් බවත් ඇය සඳහන් කරයි.
ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී කාන්තා නියෝජනය සඳහා වන සම්මතයන් ගොඩනගා තිබූ බවත් සියලු දේශපාලන පක්ෂ ඊට අනුගතව කටයුතු කළ බවත් පෙන්වා දෙන සුරංගි ආරියවංශ මහත්මිය කියාසිටියේ මහ මැතිවරණ නාමයෝජනා ලබාදීමේදී කිසිදු දේශපාලන පක්ෂයක් කාන්තා නියෝජනය සඳහා පුළුල් අවස්ථාවක් ලබා නොදීම කනගාටුවට කරුණක් බවයි. ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙන් තේරී පත්වන ආණ්ඩුව කාන්තා නියෝජනය අවම මට්ටමක පවතින ආණ්ඩුවක් වන ඇති බව ඇය කියා සිටියාය.
මෙරට ආර්ථික සඳහා වැඩිම දායකත්වය සපයන්නේ කාන්තාවන් විසින් බව ඇය සඳහන් කරයි. විශේෂයෙන් මැද පෙරදිග රටවල සේවයේ නිරත වැඩි පිරිස කාන්තාවන් වන අතර මෙරට ඇඟලුම් ක්ෂේත්රයේ ද වැඩිම ශ්‍රම දායක්වය කාන්තාවන්ගෙනි. එමෙන්ම තේ, රබර් වැනි බෝග වගා සඳහාද වැඩිම ශ්‍රම දායකත්වය කාන්තාවන් විසින් සපයන බව පෙන්වා දෙන ආරියවංශ මහත්මිය කියාසිටියේ පාලන බලය සඳහා පමණක් කාන්තාව දායක කර නොගැනීම කනගාටුදායක තත්වයක් බවයි.
මේ නිසා පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය තහවුරු කිරීමේ අවශ්‍යතාව සියලු දේශපාලන පක්ෂ විසින් වටහා ගත යුතුව ඇති බව ද ඇය සඳහන් කරයි.

popular news
-
Deepal Nirosh Tuesday, 02 June 2020 02:07 PM
මොකද්ද මේ වසංගතයක් මැද්දෙ හදිස්සියෙම මතුවෙච්ච ප්රශ්නය? මේ රටේ පාලනයේ ඉහළම තනතුරු හැමෙකක්ම වගේ කාන්තාවන් හොබවා තිබෙනවා. ඒ්ත් රාජ්‍ය සේවයේ සමහර ඉහළ තනතුරුවලටත් තවම කාන්තාවන් පත්ව නැහැ. ජනතාවට නියෝජිතයකු පත් කර ගැනීමේ දී ප්‍රධානම අවශ්‍යතාව තෝරනු ලබන නියොජිතයාට හෝ නියෝජිතවරියට හෝ ඒවැනි නියෝජනයක් කිරීමට ඇති හැකියාව හා සුදුසුකම මිසක ඔහුගේ / ඇයගේ ලිංගය, ජාතිය, ආගම , කුලය වැනි වාර්ගික සාධක නොවේ. ඒ්වත් බලපාන අවස්ථා තිවෙනවා. ලංකාවෙ පත්වුවත් තාම අමෙරිකාවේ ජනාධිපති ධුරයට කාත්තාවක් මෙතෙක් පත් වී තිබෙනවා ද? ඒවැන්නක් පෙනෙන අනාගතයක තිබෙනවා ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

