පුත්තලම පොලිස් අධිකාරි කාර් යාලයේ සේවය නියුතු පොලිස් නිළධාරියකු අද (2දා) දින අලුයම ගමන් කරමින් තිබු යතුරු පැදිය අනතුරට ලක්වී මරණයට පත් වි ඇති බව කරුවලගස්වැව පොලිසිය කියයි.
මෙසේ මරණයට පත්වි ඇත්තේ අඹන්පොල අඹකොලවැව පදිංචි 30 හැවිරිදි දෙදරු පියකු වන ඩි.එම් .ප්රියන්ත රත්න නැමති 83094 නැමති පොලිස් කොස්තාපල්වරයෙකී.
තම නිවසේ සිට අලුයම පුත්තලම පොලිස් අධිකාරි කාර් යාලයේ රාජකාරි සදහා එමින් සිටියදි පුත්තලම අනුරාධපුර මාර්ගයේ තබ්බෝව ජලාශය ආසන්නයේ දි යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට පැන ආරක්ෂිත කොන්ක්රිට් කැටයක ගැටි ඇති බව කියයි.
අනතුරින් බරපතල තත්වයේ පසුවු අදාල පොලිස් කොස්තාපල්වරයා පුත්තලම මුලික රෝහලේ ප්රථිකාර ලබමින් සිටියදි මරණයට පත්වි ඇති බව කියයි.
පුත්තලම හිරාන් ප්රියංකර ජයසිංහ/කරුවලගස්වැව ජයරත්න වික්රමආරච්චි
