saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 1324 hours ago

LATEST

බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුර

calendar_today 2024 නොවැ 25 - 09:00 remove_red_eye - 385  

වටවල ප්‍රදේශයේදී අද (25දා) ලංගම බස්රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

මෙරටට සීනි ආනයනය කිරීම සඳහා 2023 වර්ෂයේ ජනවාරි 01 වනදා සිට දෙසැම්බර් 31 දක්වා කාලසීමාව තුළ රුපියල් මිලියන එක් ලක්ෂ හතළිස් දෙදහස් තුන්සිය එකක මුදලක් වැයකොට ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති කාර්ය සාධක වාර්තාවක් මගින් නොවැම්බර් මස 22වන දින අනාවරණය කරයි.

Read More

පස්සර පොලිස් වසමේ පේරාපදණිය - චෙංකලඩි මාර්ගය (බදුල්ල - බිබිල) මාර්ගයේ කිලෝමිටර් 143 හා 144 කණු අතර ප්‍ර දේශයේ මාර්ගයට පස් කඳු කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනය නවතා දමා තිබුණි.

Read More

විදුලිබල මණ්ඩලය මේ වන විට ලාභ ලබන ආයතනයක් නිසා සේවකයන්ට ප්‍රසාද දීමනාවක් ලබා දෙන ලෙස විදුලිබල මණ්ඩල සභාපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටි බව ලංකා විදුලි සේවක සංගමය සඳහන් කරයි.

Read More

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියේදි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙපළක් වන මහීෂ් තීක්ෂණ හා වනිඳු හසරංග රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් මිලට ගත්තේය.

Read More

ඉදිරියේදී ඇති විය හැකි අයහපත් කාලගුණ තත්ත්වය නිසා ජල මූලාශ්‍ර 12 ක ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි හෙයින් ඒ පිළිබඳව අවධානය යොමු කර කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මාලදිවයින් වෙරළ ආරක්‍ෂක බළකාය අතර සාර්ථක බුද්ධි තොරතුරු වුවමාරු කර ගැනීමක ප්‍රථිපලයක් ලෙස, අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) ක්‍රිලෝ ග්‍රෑම් 344 ක පමණ තොගයක් සහ කොකේන් මත්ද්‍රව්‍ය ක්‍රිලෝ ග්‍රෑම් 124 ක පමණ තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) 2024 නොවැම්බර් මස 23 වන දින, මාලදිවයින් වෙරළ ආරක්‍ෂක බළකාය මඟින් අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත.

Read More

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පත් කිරීම සම්බන්ධයෙන් කිසිදු අර්බුදයක් නොමැති බවත්, එය නිසි කලට, නිසි ක්‍රමවේදයක් අනුව සිදු කරන බවත් සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන වරප්‍රසාද වරදාන ඉදිරියේදී නොලැබී යන විට මාලිමාවෙන් හැර වෙනත් පක්ෂයකින් ඉදිරි මැතිවරණ සඳහා ඉදිරිපත් නොවනු ඇති බවත් මේ රජයේ පාලන කාලය හමාර වන විට එවැනි තත්ත්වයක් උද්ගත වනු ඇති බව කෘෂිකර්ම වාරිමාර්ග හා පශු සම්පත් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

Read More

ජාත්‍යන්තර පොලිසියේ අස්ථාන ගත වූ ලේඛනයෙහි සදහන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන ශ්‍රී ලංකාව හරහා කැනඩාවට පළා යාමට තැත් කළ ඉන්දීය ජාතික තරුණියක ඇතුළු තවත් දෙදෙනෙකු 11/23 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ආපසු පිටුවහල් කිරීම පියවර ගෙන තිබේ.

Read More

ජාතික ජන බල වේගයේ ජයග්‍රහණයට උතුරේ ජනතාව දායක වී තිබෙන්නේ විශාල බලාපොරොත්තු සමුදායක් සමඟ බවත්මීට පෙර කිසිදු පක්ෂයකට එම ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට නොහැකි වූ බවත්මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියෝ පවසයි.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග ක්‍රීඩක වෙන්දේසියේදී මේ දක්වා ක්‍රීඩකයෙක් අලෙවි වූ ඉහළම වටිනාකම බවට රිෂාබ් පාන්ට් බවට පත්විය. ඒ ඔහුව ඉන්දීය රුපියල් කෝටි 27ක මිලකට ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායම මිලදී ගැනීමත් සමගිනි.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග ක්‍රිකට් තරගාවලියට අදාළව මේ දක්වා පැවැත්වූ ක්‍රීඩක වෙන්දේසිවලදී වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට ඉන්දීය ක්‍රීඩකය ෂෙර්යාස් අයියර් වාර්තා අතරට එක්විය.

Read More

මිගමුව කලපුවේ ගමන් කරමින් තිබු කුඩා ධීවර යාත්‍රාවක් 24 දින දහවල් පෙරළි යාමෙන් එහි ගමන් කල පියා සහ දියණීයක් අතුරුදහන්ව ඇති බවත් මෙම යාත්‍රාවේ ගමන් කල ඉතිරි කතෝලික පියතුමේකු ඇතුළු පසු දෙනෙකු බේරා ගෙන ඇති බව මීගමුව මූලස්ථාන පොලිසිය පවසයි.

Read More

මේ අතර යාපනය දිස්ත්‍රීක්කයේ පිහිටි මාර්ග කිහිපය පැවති ගංවතුර තත්වයන් හේතුවෙන් කිඹුල්ලු මාර්ගවල පැමිණ ගෙවතුවල සිටියදී වනජීවි නිලධාරීන් සහ අසල්වසීන් විසින් ඔවුන් අල්ලා මුද හැරීමට කටයුතු කොට ඇති අතර ජනතාවට පරික්ෂාකාරීව සිටින ලෙසට දැනුම් දී ඇත.

Read More

රත්නපුර පොලිසිය තුල පිහිටි වාහන ගාල් කරන ස්ථානය තුල පොලිස් නිළධාරියෙකු වැටි රෝහල් ගත කරන විටත් මියගොස් ඇතිබව රත්නපුර පොලිසිය පවසයි.

Read More

වෙහෙර විහාර සඳහා මිනිසුන් පුජා කරන දේ ධාතු ගර්භ වෙහෙර විහාර වල තිබෙන්නට හෝ නොතිබෙන්නට හැකි බවත් භු විද්‍යාව සම්බන්දව වසර 40 ගනනක පලපුරුද්ද අනුව අඩි 40 ක් 50 යට ගල් හාරා නිදන් තැන්පත් කිරිමේ හෝ ගල් උණු කර දැමිමක් හෝ ගල් ඇලවීමේ තාක්ෂණයක් එදත් අදත් නැති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භු ගර්භ විද්‍යාව පිළිබද සම්මාණිත මහාචාර්‍ය අතුල සේනාරත්න මහතා පවසයි.

Read More

අයි.පී.එල්. 2025 තරගාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසිය අද(24දා) සහ හෙට(25දා) පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

මහරගම කොළඹ පාරේ වත්තේ ගෙදර හන්දිය අසල ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසලක් ඉදිරිපිට නිදා සිටි පුද්ගලයෙකු ඩිපෙන්ඩර් ජීප් රථයකට යටකර බරපතල තුවාල සිදුකර පලා ගිය රියදුරු ඊයේ (23දා) අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු රැගෙන ඒම අලෙවි කිරීම ගබඩා කිරීම ඇසුරුම් කිරීම මෙන්ම ඇතුළත වාහන ක්‍රියාත්මක කිරීම සඳහා නව නීතිරීති ක්‍රියාත්මක කිරීමට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය තීරණය කොට තිබේ.

Read More

කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට මේ දින වල විශාල වශයෙන් එළවළු තොග ලැබීම හේතුවෙන් බොහෝ එළවළු වර්ග වල මිල පහත වැටී ඇතැයි කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙලෙදුන් පවසයි.

Read More

එක අරමුණකින් වැඩ කර අප මාතෘභූමිය මීට වඩා හොඳ රාජ්‍යයක් බවට පත් කිරීමට කැපවෙමු රාජ්‍ය සේවය පිළිබඳ පොදු ජනතාවගේ විශ්වාසය තහවුරු කිරීමකින් තොරව ඉදිරියට යන්න බැහැ මෑත ඉතිහාසයේ මැතිවරණයකදී ලබාදුන් 80%කට ආසන්න වරමක් රාජ්‍ය සේවය ලබා දුන්නේ නව පරිවර්තනය ඔවුන්ගේ ද ප්‍රාර්ථනය නිසයි ජනතා අපේක්ෂාවන් ඉටු කිරීමට දේශපාලන නායකත්වය ලබා දීම හැර ඉන් පිටත කිසිදු අරමුණක් රජයට නැහැ ජනපති ආරක්ෂක අමාත්‍ය ධූරයේ වැඩ භාර ගනිමින් පවසයි

Read More

2010 වසරේ සිට තම ශ්‍රී ලංකා කැරම් කණ්ඩායමට ජාතික පුහුණුකරුවෙකු නොමැති බවත් , එනිසා ශ්‍රී ලංකා කැරම් කණ්ඩායම මහත් අසීරුතා වලට මුහුණ දී ඇති බවත් , ශ්‍රී ලංකා කැරම් කණ්ඩායමේ නායිකා යොෂිටා ජෝශප් , කටුනායක ගුවන් තොටුපොළේ දී මාධ්‍ය හමුවේ අනාවරණයක් ද කළාය .

Read More

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුල පැවැත්විමට කටයුතු කරන බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවැසිය. එම මැතිවරණය පැවැත්වීම සඳහා මේ වසරේ මුදල් වෙන්කර නොමැති බවත් ඔහු පැවැසිය.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක ඩොලර් බිලියන 3ක විස්තීර්ණ ණය වැඩසටහන යටතේ තුන්වැනි සමාලෝචනය සම්බන්ධයෙන් සම්බන්ධයෙන් කාර්යමණ්ඩල එකඟතාවකට පැමිණි බව මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා අද (23දා) කොළඹදි පැවැති මාධ්‍ය හමුවක්දි ප්‍රකාශ කළේය.

Read More

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බවත් එහිදී යම් යම් පරීක්ෂා කිරීම් සහ අඩුපාඩු පෙන්වා දුන් බවත් සඳහන් කරමින් මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්තියක් හුවමාරු වන බව නිරීක්ෂණය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ජනතා අපේක්ෂා ඉටු වන රාජ්‍යයක් නිර්මාණය කිරීමට රාජ්‍ය නිලධාරීන් කැපවිය යුතුයි ජනපති මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගනිමින් පවසයි

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව අද (22) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

Read More

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ජපාන තානාපති අකියෝ ඉසොමාටා (Akio ISOMATA) මහතා අතර හමුවක් අද (22) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.