saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 7256 hours ago

LATEST

ඩුබායි හා අබුඩාබි හි අවතැන්ව සිටි සියල්ලන්ම යළිත් ලංකාවට

calendar_today 2021 මාර් 09 - 16:20 remove_red_eye - 647  

එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේ සංචාරයක නිරත තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය සංචාරය අතරතුර එහි රැකියාවලට ගොස් විවිධ හේතූන් මත අවතැන්ව තානාපති කාර්යාලය අසළ උද්‍යානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිස හමුවී ඔවුන්ගේ තොරතුරු විමසා බැලීය.

කොවිඩ් වෛරසය හේතුවෙන් කඩා වැටී තිබූ සංචාරක කර්මාන්තය නැවත ආරම්භ කිරීමෙන් පසු ප්‍රවර්ධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත.

Read More

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ දී මන්ත්‍රී රංජන් රාමනායක සමග සෙල්ෆි ජායාරූපයක් ගැනිමට මන්ත්‍රී හර්ෂණ රාජකරුණා හට ඉඩ සැලසු බව කියන ජේලර්වරයාගේ වැඩතහනම් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 19 හැවිරිදි හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචිකාරියක මියගොස් ඇති බව පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි .

Read More

කොවිඩ් නිසා බලපෑමට ලක්වූ අන්තර් පළාත් බස් රථ හිමියන්ට තවදුරටත් සහන ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

මාර්තු 15වන සඳුදා දින බස්නාහිර පළාතේ 05වන ශ්‍රේණිය, 11වන ශ්‍රේණිය සහ 13වන ශ්‍රේණිය සඳහා පමණක් පාසල් විවෘත කරන බව අමාත්‍ය ජී.එල්. පරිස් මහතා පැවැසීය.

Read More

මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ස්වයං නිරෝධායනට ලක් කොට ඇති සිසු සිසුවියන් සිව්දෙනෙකු රැගෙන යාමට අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලට අද (9දා) පැමිණි බලපිටිය මූලික රෝහලේ ගිලන් රථයේ ඉදිරි පස වීදූරුවට පහරදුන් අයෙකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව අමබලන්ගොඩ පොලීසිය කියයි.

Read More

මුදල් මුද්‍රණයට රට යොමු වෙන්න ප්‍රධාන හේතුව පසුගිය ආණ්ඩුව මහ බැංකුව මංකොල්ල කෑමේ ප්‍රථිපලය බවත් මහින්ද රාජපක්ෂ රජය සමයේදී රටේ ආර්ථික වර්ධනය වේගය දෙවැනි වූයේ චීනයට පමණක් බවත් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිරි මහතා පැවැසීය.

Read More

රජය අපහසුතාවට පත් කරමින් අසත්‍ය තොරතුරු සැපයූ බව කියන සිද්ධියට අදාළව ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක වන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් යන අයට කොළඹ මහාධිකරණය අද අධිචෝදනා භාර දෙනු ලැබිය.

Read More

විදේශ විනිමය උපයා ගැනීමට හැකි සාර්ථක ව්‍යාපෘති සැලසුම් කරන්නැයි මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ 08 උපදෙස් දුන්නේය.

Read More

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම් කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.

Read More

ඇල්පිටිය පොලිසියේ නිලධාරීන් 03 දෙනකු හා බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 17 දෙනකු කොරෝනා ආසාදිත බව අද (09) තහවුරු වී ඇතැයි සෞඛය අංශ පවසයි.

Read More

මුලතිව් දිස්ත්‍රීක්කයේ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් විසඳුම් ඉල්ලා ආරම්භ කිරන ලද සත්‍යග්‍රහයට වසර 04 ක් පිරීම නිමිත්තෙන් අද (09) දින අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් කලු කොඩි හා කලු ඇඳුමින් සැරසී දැවැන්ත විරෝධතා පාගමනක් සංවිධානය කොට තිබුණි.

Read More

දේශීය නිශ්පාදන විදේශීය වෙළඳපොළවල් වෙත යොමු කිරීමට නව සමාගමක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ කළමනාකරණ හා නියාමන ජාතික කමිටුව යනුවෙන් කමිටුවක් පත්කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.

Read More

කොළඹ 10 ඩී.ආර්. විජයවර්ධන මාවතේ දැනට ඉදිකෙරෙමින් පවතින මුස්ලිම් ආගමික කටයුතු මා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහා වන ගොඩනැගිල්ල තුළ බුද්ධශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යාශය හා ඒ යටතෙ වන දෙපාර්තමේන්තු ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read More

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ ජනාධිපති කොමිසන් සභා වාර්තාව හෙට (10) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතය.

Read More

එනසාල් වගාව වැඩිපුරම සිදුවන්නේ ඉහළ කඳුකරයේය. කලකට පෙර එසේ එනසාල් වගාකළ ප‍්‍රදේශ මේවනවිට රක්‍ෂිත බවට නම්කර තිබේ. එනිසා රක්‍ෂිතවල එනසාල් අස්වැන්න ලබාගැනීමට මහජනතාවට අවසර නැත. මීමුරේ වැසියන් ද එකී අවසරය නැතිකමින් රක්‍ෂිතවල එනසාල් වගාවන් වල නිරතවීමට නොහැකිව සිටින බව පසුගියදා ගම සමග පිළිසඳරක් වැඩසටහනේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට දැනුම් දී සහන ඉල්ලා සිටියේය.

Read More

ගාල්ල දිස්ත්‍රික් ශ්‍රී.ල.නි.පක්ෂය නියෝජනය කරන ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරු හා වරියන් 12 නෙකුට එරෙහිව විනය විරෝධි කටයුතු කිරිම සම්බන්ධයෙන් පක්ෂයේ මහලේකම් විසින් චෝදනා පත්‍ර ලබා දි ඇති බව ශ්‍රී.ල.නි.පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් නායක හා ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි ෂාන් විජේලාල් ද සිල්වා මහතා පවසයි.

Read More

උඩුගම ශ්‍රි ලංගම ඩිපෝවේ සේවකයින් 08 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ.සිංගාරච්චි මහතා පවසයි.

Read More

නීතිඥවරියක වන රනිතා බලහත්කාරයෙන් අතුරුදන් කරවීමෙන් පීඩාවට පත්වූ පවුල්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පාදක ප්‍රචණ්ඩත්වයට මුහුණ දී දිවි ගලවාගත් අය හා ආගමික හා සුළුතර කණ්ඩායම් ඇතුළු ලංකාවේ වඩාත්ම අවදානම් ජනකොටස් වෙනුවෙන් පෙනී සිටින්නීය.

Read More

මධ්‍යම, සබරගමුව, වයඹ සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 1න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කුවේටයේ රැකියා සදහා ගොස් සිටියදී , එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර කරදර වලට ලක් වී , යළි ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 118 දෙනෙකු 03/08 දින මධ්‍යම රාත්‍රී කුවේට් සිට විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

ගුරු සේවයේ සහ විදුහල්පති සේවයේ ගැටලු රාශියක් මේ වනවිට නිර්මාණය වී ඇති බවත්, ඒවාට නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් ගැටලු තවදුරටත් උග්‍ර වන බවත් එම ගුරුවරු විදුහල්පතිවරු චෝදනා කරති.

Read More

ගෝලීය වසංගතයක් බවට පත්වූ කෝවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා හඳුන්වා දුන් එන්නත් මේ වනවිට ලෝකයේ රටවල් රැසක සාර්ථක අයුරෙන් ජනතාව වෙත ලබාදෙමින් සිටී. එන්නත් ලබාගැනීම වෙනුවෙන් ගෝලීය වශයෙන් දැඩි තරගයක් ඇතිවී තිබෙන බැවින් එන්නත අහිමි වන රටවල් වෙනුවෙන් මැදිහත් වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබිණ.

Read More

චීනයේ දැනට කොවිඩ්-19 එන්නත් 17 ක් සායනික අත්හදා බැලීම් කර ඇති අතර, ඉන් 7ක් තුන්වන අදියර සායනික අත්හදා බැලීම්වලට ලක්ව ඇති බව චීන විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වැන්ග් ෂිගාං පැවසීය.

Read More

ස්විට්සර්ලන්ත ජනතාව, එරට මුස්ලිම් කාන්තාවන් පළඳින බුර්කා හෝ නිකාබ් ඇතුළු හිස් ආවරණ ප්‍රසිද්ධියේ පැලඳීම තහනම් කිරීමට ජනමතවිචරණයකින් තීරණය කර තිබේ.

Read More

අප්‍රිකානු මහාද්වීපයේ ඕනෑම රටක වැඩිම එන්නත් කිරීමක් සිදුකර ඇති මොරොක්කෝවේ මිලියන හතරකට ආසන්න පිරිසකට එන්නත ලබා දී ඇත.

Read More

ජනාධිපති අසාද්ගේ වයස අවුරුදු 55ක් වන අතර, ඔහුගේ බිරිඳ ඔහුට වඩා අවුරුදු 10ක් ළාබාලය. ඔවුන්ගේ ධනාත්මක පරීක්ෂණ ප්‍රතිඵල ලැබුනේ සිරියාව ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට එන්නත් ලබාදීම ආරම්භ කර සතියකට වැඩි කාලයක් ගතවීමෙන් පසුවය.

Read More

චීනයේ සීනෝවැක් කොවිඩ්-19 මර්දන එන්නතෙහි පස්වැනි තොගය පසුගියදා චිලී රාජ්‍ය වෙත ළඟවී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.