ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා
කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබූ MV X-PRESS PEARL නැමති බාහාලුම් ප්‍රවාහන නෞකාවෙහි ඉදිරිපස ඇති වූ ගින්න මේ වන විට පාලක මැදිරිය පිහිටි නෞකාවේ පිටුපස දෙසට ව්‍යාප්ත වෙමින් පවතී. කාළගුණික තත්වයේ වෙනස් වීම මත දැඩි වූ සුළං ප්‍රවාහය මෙලෙස ගින්න තවත් වර්ධනය වීමට හේතුවී ඇති අතර, මේ වන විට නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය සහ ගලවා ගැනීමේ සමාගමේ විශේෂඥ පිරිස නිරුපද්‍රිතව නෞකාවෙන් ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කෙරිණි.
ඇතිවී තිබෙන මෙම තත්ත්වය සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ දැනුම් දීම මත ඉන්දියානු වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් සාගර පරිසර හානි වැළැක්වීමේ හා ගිනි නිවීමේ හැකියාවෙන් සමන්විත නෞකාවක් අද රාත්‍රිය වන විට මෙම ආපදාවට පත් නෞකාව ආසන්නයට පැමිණීමට නියමිතය.
මීට අමතරව ගිනි නිවීමට භාවිතා කරනු ලබන රසායනික ද්‍රව්‍ය සහ තෙල් හානි වළක්වන රසායන ද්‍රව්‍ය රැගත් ඩෝනියර් ගුවන් යානාවක්ද ඇතිවන ඕනෑම අවස්ථාවකදී ප්‍රතිචාර දැක්වීම සඳහා සූදානම් කර තිබේ. එසේම බටහිර නාවික විධාන මූලස්ථානයේ මෙහෙයුම් මැදිරියෙහි නිරීක්ෂණයක නිරත වූ නාවික හමුදාධිපති, බටහිර නාවික විධානයේ ආඥාපති සහ නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම් සමඟ තත්ත්වය පිළිබඳ සමාලෝචනයක නියැලුනු අතර ඉදිරියේදී ගත යතු ක්‍රියාමාර්ග සම්බන්දයෙන් උපදෙස් ලබා දෙන ලදි.
තවද, පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් ඇති වූ මුහුදේ රළු ස්වාභාවය මත මේ වන විට නෞකාව දකුණු පසට මදක් ඇලවී පවතී. ඒ හේතුවෙන් නෞකාවේ ඇති ඇතැම් බහාලුම් මුහුදට වැටී ඇති අතර, ඉන් සමහරක් මුහුදේ ගිලී යන්නට ඇති බව විශ්වාස කෙරේ. මේ හේතුවෙන් මෙම ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරත වන ධීවර ප්‍රජාවට මෙම මුහුදු ප්‍රදේශය මඟ හැර තම ධීවර කටයුතු වල නිරත වන ලෙස නාවික හමුදාව දැනුම් දෙනු ලබයි.
popular news
කොස්තාපල් අත්අඩංගුවට ගන්න නියෝග කළේ අධිකරණයයි
නුවරඑළිය එළවළු පහතරට වැවීමෙන් නුවරඑළිය ගොවීන් ගැටලුවක
නොරොච්චෝලේ අළු වලින් හැදූ පුත්තම අධිකරණය
කහකෝනා මල් පිපිලා වතුකරයම සිරියාවයි
ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මාරු කරයි
මොරගහකන්දෙන් දෙවැනි දිනටත් දහසකට ආසන්න ජිව පතොරම් හමුවෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd