අප පවුලට සංවිධානාත්මකව මඩ ගසනවා - කබ්රාල් කියයි
මෑතක සිට, තමාට සහ පවුලේ අයට එරෙහිව යම් කණ්ඩායමක් සංවිධානාත්මකව විශාල මඩ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව පෙනෙන බවත්, සිය පුතා වන චතුර කබ්රාල් කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු සිදු කරන සමාගමේ සේවය කරන නිසා කොළඹ වරාය නගර කොමිෂන් සභා පනතට තමා සහාය දුන් බවට හුවා දැක්වීමට එම කණ්ඩායම උත්සහ කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මෙසේ අදහස් දක්වා තිබේ. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ,
"මෑතක සිට, මට සහ මගේ පවුලේ අයට එරෙහිව යම් කණ්ඩායමක් සංවිධානාත්මකව විශාල මඩ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව පෙනෙනවා. මගේ පුතා වන චතුර කබ්රාල් සේවය කරන්නේ කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු සිදුකරන සමාගමේයි. ඒ නිසා කොළඹ වරාය නගර කොමිෂන් සභා පනතට මම සහාය දුන් බව හුවා දැක්වීමට එම කණ්ඩායම උත්සහ කරන බවද දක්නට ලැබෙනවා.
35 හැවිරිදි චතුර 2010 වසරේදී එක්සත් ජනපද විශ්ව විද්‍යාලයකින් උපාධිය ලැබූ සුදුසුකම් ලත් ඉංජිනේරුවරයෙකු වන අතර, ඔහු 2016 වර්ෂයේ සිට මෙම සමාගමෙහි සේවය කර තිබෙනවා. 2016 වර්ෂයේදී, කිසිදු දේශපාලන හෝ පෞද්ගලික බලපෑමකින් තොරව ඔහු ස්වශක්තියෙන්ම මෙම රැකියාව ලබාගත් බව අප විපක්ෂයේ සිටි බැවින්ම තහවුරු වනු ඇති.
මෙම චෝදනාවට සමානව, මීට පෙරද මගේ දරුවන් ගුවන්තොටුපලේ නිලධාරීන්ට බැණ වැදුණු බවත්, අධිවේගී මාර්ගවල වැරදි ලෙස හැසිරුණු බවත්, රණ්ඩු දබර කළ බවත් කියමින් මගේ දරුවන්ට එරෙහිව මුළුමනින්ම අසත්‍ය හා අභූත චෝදනාවන් එල්ල කර තිබුණා. නමුත් ඒවා සම්පුර්ණයෙන්ම අසත්‍ය චෝදනා බව පසුව ඔප්පු වුණා. එමනිසා, එවැනි ව්‍යාජ ප්රවෘත්ති නිර්මාණය කරනු ලබන්නේ මා සහ මාගේ පවුලේ අය අපකීර්තියට පත්කිරීමට මෙන්ම, මා රාජකාරි ඉටු කිරීමේදී මාගේ අවධානය වෙනතකට යොමු කිරීමටත්, මා අධෛර්යමත් කිරීමටත් වූ විශාල සැලැස්මක කොටසක් ලෙස බව පැහැදිලියි.
මෑත කාලයේ දී ශ්‍රී ලංකාවේ දේශපාලනය පිරිහී ඇති බවට කිසිදු සැකයක් නොමැති අතර යම් පුද්ගලයෙකුගේ පවුලේ සාමාජිකයින්ට එරෙහි පුද්ගලික පහරදීම් සහ මඩ ගැසීම් සිදු කිරීම ඇතැම් පුද්ගලයින්ට අනූව සාධාරණ සහ පිළිගත හැකි ක්‍රියාවක් වී තිබෙනවා. එසේ වුවද, දෙමාපියෙකු ඇමති ධුරයට පත්වීමට පෙර ඔහු/ඇය ලබාගෙන ඇති රැකියාවක නිරත වීමට වැඩිහිටි පුතෙකුට හෝ දියණියට එය නුසුදුසුකමක් නොවිය යුතු බව ඕනෑම නිවැරදි චින්තනයක් ඇති පුද්ගලයෙක් එකඟ වනු ඇති.
අවසාන වශයෙන්, මේ මඩ ගැසීමේ ක්‍රියාවන්හි යෙදෙන පුද්ගලයින් ඔවුන්ගේ දේශපාලන බංකොලොත් භාවය විදහා දක්වන බවත්, එබැවින් මට ඔවුන් ගැන ඇත්තේ කණගාටුවක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැතියි." යනුවෙන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

popular news
-
lakshman Tuesday, 25 May 2021 07:43 PM
bayawenna epa lokka oyalata kawadawath mada wadinne ne.deviyoth oyatlata bayai
Reply : 0 0
Kumar Tuesday, 25 May 2021 09:44 PM
E mahathmayata mada gasnne naha. Ethumama mada gagannawa.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

