රුපියල් මිලියන 13ක පීසීආර් පරීක්ෂණ කට්ටල
ඇමෙරිකාවෙන් රු.මිලියන 13ක PCR පරීක්ෂණ කට්ටල 4700ක් ශ්‍රී ලංකාවට ලබාදීමට ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය අද (25 දා) කටයුතු කළේය.
ඒ අනුව එම පරීක්ෂණ කට්ටල ඇමරිකානු තානාපති කාර්යාලය වෙනුවෙන් පැසිෆික් කමාන්ඩ් ඔග්මන්ටේෂන් කණ්ඩායමේ අධ්යක්ෂ බ්රැඩ්ලි එල්ඩර් සහ සිවිල් මිලිටරි සපෝර්ට් එලිමන්ට් අධ්යක්ෂ ටෝනි ක්ෂූ යන මහත්වරුන් විසින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සහ ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සංකේතාත්මකව බාරදෙන ලදි.
මෙම ප්රදානය සදහා ඇමෙරිකානු තානාපති කාර්යාලයේ සිවිල් මිලිටරි සපෝර්ට් එලිමන්ට් (CMSE) සම්බන්ධීකරණයෙන් ආධාර කර ඇත්තේ මානුෂීය ආධාර සහ ආපදා ප්‍රතිචාර අරමුණු සඳහා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව මගිනි.
popular news
-
මුණසිංහ Wednesday, 26 May 2021 07:24 AM
අපේ රටත් හිඟන්නන්ගෙනුත් ණය ගන්නා අන්ත හිඟන රටක් උනේ ඇයි ?රටකට ගිය කලක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

