saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7011 hours ago

LATEST

සත්කාර පියස සම්මුඛ පරීක්ෂණය තාවකාලිකව නතර කෙරේ

calendar_today 2021 මැයි 02 - 23:06 remove_red_eye - 324  

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික වැටුප් සක්‍රීය කිරීම සඳහා වන සත්කාර පියස සම්මුඛ පරීක්ෂණ තාවකාලිකව නතර කර තිබේ.

ශ්‍රී ලංකාව තුළ කොවිඩ් රෝගීන් වාර්තාවීම වැඩිවීම හේතුවෙන් කොවිඩ් තෙවැනි මට්ටමේ අවධානම තුළ පනවා ඇති සීමාවන් සංශෝධනය කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

තවත් කොවිඩ් මරණ 09ක් අද දිනයේදී තහවුරු කර තිබේ. ඒ අනුවට මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 696ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

පිළියන්දල පොලිස් බලප්‍රදේශයට පනවා තිබූ හුදකලා තත්ත්වය සංශෝධනය කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව පිළියන්දල පොලිස් බල ප්‍ර දේශයටම පනවා තිබූ හුදෙකලා බව ඉවත් කර ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කර තිබේ.

Read More

කටුගස්තොට ග්‍රාමීය රෝහල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වශයෙන් ස්ථාපිත කළ බවත් මධ්‍යම පලාත තුළ ඇති ප්‍රධාන රෝහල් 09 ආශ්‍රිතව ඇති ග්‍රාමීය රෝහල්12 ක් කොවිඩ් ප්‍රතිකාර සඳහා වෙන්කොට එහි ඇඳන් 1456 ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා පැවසීය .

Read More

ප්‍රිය සාද, මංගල උත්සවය ආදිය නිවෙස්වල පැවැත්වීම ද තහනම් බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

මේ අනුව අද දිනයේදී මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 1843ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

’’පළමු රැල්ලේදී අපට වැඩිහිටි රෝගීන් විශාල ප්‍රමාණයක් ලැබුණා. නමුත් දැන් 15 හෝ 17 තරම් තරුණ අය ආසාදනය වී පැමිණීම දැකීම ඇත්තෙන්ම කනගාටුවට කරුණක්. අපි අපේ උපරිමය කරනවා. රෝගියෙකු තුළ එක් හුස්මක් හෝ ඉතිරි වන තුරු ඔහු හෝ ඇය බේරා ගැනීමට අපි උත්සාහ කරනවා.’’ ඉන්දීය හෙදියක වූ විවේකී කපූර් කියයි.

Read More

කොවිඩ් අරමුදල වෙනුවෙන් අරමුදල් රැස්කිරීම සඳහා ශ්‍රී ලංකා ග්‍රේට්ස් කණ්ඩායම හා ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට තිබූ විස්සයි20 තරගය සැලසුම්කළ පරිදි නොපැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

කටුනායක නිදහස් වෙළෙඳ කලාපය සහ එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කොට්ඨාසය තුළින් අද දින කොරෝනා ආසාදිතයන් 18 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

කොවිඩ් නිසා මිය යන පුද්ගලයන්ගේ සිරුරු ආදාහනය කිරීමේදී එය පළාත් පාලන ආයතනවලට අයත් ආදාහනාගාර තුළින් නොමිලයේ සිදුකිරීමට අදාළ චක්‍ර ලේඛනයක් නිකුත් කිරිමට පියවර ගන්නා බව රාජ්‍ය සේවා ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා අස (02දා) මාතලේ දී පැවසිය.

Read More

අද (02) දිනය තුළ මේ මොහොත වන විට කොවිඩ් -19 ආසාදිතයින් 1,228ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

අද තරගය නතර කරන විට බංග්ලාදේශ​ට සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 177කි. තරඟය ජයග්‍රහණය සඳහා බංග්ලාදේශය තවත් ලකුණු 260ක් පසු පසින් සිටියි.

Read More

අද (02) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 764ක් සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

බොරැල්ල ආයුර්වේද රෝහල, යක්කල ආයුර්වේද රෝහල හා නාවින්න ආයුර්වේද රෝහල මේ වෙනුවෙන් යොදා ගැනීමට නියමිත බව ඇය පැවැසුවාය.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ නව ආසාදිතයින් 91ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (02) පෙරවරු 10.00 වන විට 5945 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

Read More

හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සියලු සති පොළ සති දෙකකට වසා දැමීමට තීරණය කළ බව හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ආර් ඩී උඩවත්ත මහතා ප්‍රකාශ කළේය.

Read More

එහි ආසන්නතම සිදුවීමක් ලෙස පසුගිය මාසය අවසාන භාගයේදී ඉන්දීය රජයේ ඉල්ලීමක් පරිදි කොවිඩ්-19 පිළිබඳ ට්විටර් පණිවුඩ කිහිපයක් ඉවත් කිරීමට ට්විටර් සමාගම කටයුතු කළේය.

Read More

කෝවිඩ් 19 හමුවේ ආණ්ඩුව අභ්‍යන්තරයේ තිබෙන පුද්ගලික අරමුණු පසෙකලා රටේ ජනතාව ජීවත් කරන අරගලයට අවධානය යොමු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීම කරන බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ශාඛාව ඇතුළු සෙසු සියලු කාර්යාල නැවත දැනුම්දෙන තුරු වසා දමා තිබේ.

Read More

ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 194ක් ලබා සිටින විට ඉනිම අත්හිටු විය. ​ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 437ක ඉලක්කයක් හිමි වී ති​බේ.

Read More

මන්නාරම මුරුන්ගන් ප්‍රදේශයේ පිහිටි දේවස්ථාන දෙකක් නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ජනතාව රැස්කොට දේව මෙහෙයන් පැවත්වීම හේතුවෙන් අදාල දේවස්ථාන දින 14 කට හුදකලා කිරීමට සෞඛ්‍ය නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.

Read More

පොලොන්නරුව,අරලගංවිල,කන්දේගම පිහිටි සිවිල් ආරක්‍ෂක බළකා අනුඛණ්ඩයට අනුයුක්තව රාජකාරී කරමින් සිටි සිවිල් ආරක්‍ෂක භටයකු අද (02දා) සිහි සුන්ව බිම ඇඳ වැටී මියගොස් ඇතැයි අරලගංවිල පොලීසිය කියයි.

Read More

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ නුෂාඩ් පෙරේරා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. නැවතවරක් පෞද්ගලික අංශයට එක්වීමේ අපේක්ෂාවෙන් ඔහු මෙසේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

තෙල්දෙනිය පොලිස් වසමේ කුඹුක්කදුර ප්‍රදේශයේ සැකකටයුතු වාහනයක් නවතා තිබෙන බවට ලද තොරතුරකට අනුව එම වාහනය පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේදී පොලිස් කැබ් රථයකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී පොලිසියෙන් මිදී පලා යාමට තැත් කළ පුද්ගලයකුට පොලීසිය විසින් සිදුකළ වෙඩි තැබීමක දි ඔහුගේ පාදයට වෙඩි වැදී තෙල්දෙණිය මූලික රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි .

Read More

හිගුරක්ගොඩ මුලික රෝහල කොව්ඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්කර එහි දැනට සමාන්‍ය රෝගින් නේවාසිකව ප්‍රතිකාර ලබන සියලු දෙනා පොලොන්නරුව මහ රෝහල වෙත යොමු කර අද (02) දින සිට කොවිඩ් ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා සූදානම් කර ඇති බව පොලොන්නරුව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක විශේඥ වෛද්‍ය ඩබ්.කේ.ඩබ්. එස්. කුමාරවංශ මහතා පවසයි.

Read More

නුවරඑළිය පොලිසියේ කාන්තා උපපොලිස් පරික්ෂකවරියකට සහ රථ වාහන අංශයේ පොලිස් නිලධාරින් සිව් දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බව නුවරඑලිය පොලිසියේ උසස් නිලධාරියෙකු පැවසිය.

Read More

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හා ඔහුගේ පවුලේ උදවිය ස්වයං නිරෝධානයට ලක්ව තිබේ. ඒ අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියෙක් හා ඔහුගේ රියදුන් දෙදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙනි. අමාත්‍යවරයාගේ පළමු පී.සී.ආර්. පරීක්ෂණය සෘණාත්මක වී තිබේ.

Read More

රුපියල් මිලියන 86ක මූල්‍ය වංචාවකට අදාළව සැකකරුවෙක් කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

දන්කොටුව සෞඛ්‍ය වෛද්‍ය නිළදාරි කාර්යාලයට අනුයුක්තව රාජකා‍රියේ යෙදි සිටි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් දෙදෙනකු කොරෝනා අසාදිත විමෙන් පසු ඊයේ (01දා) රෝහල් ගත කර ආශ්‍රිතයින් සියක් පමණ නිරෝධානයට යොමු කළ බව දන්කොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.