කහඉරේදී හිමිනමක් අනතුරකට පත් වෙයි
අම්බලන්ගොඩ -ඇල්පිටිය මාර්ගයේ කරන්දෙණිය කොස්වතුමානාන ප්‍රදේශයේ කහ ඉර මතින් සිය විහාරස්ථානයට වඩිමින් සිටි සාමනේර භික්ෂූන් වහන්සේ නමක් අද (18) යතුරු පැදියක ගැටී බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කල බව කරන්දෙණිය පොලීසිය කියයි.
මෙසේ අනතුරට ලක්වී ඇත්තේ කරන්දෙණිය කොස්වතුමානාන ශ්‍රී සුධර්ශනාරාම විහාරස්ථානයේ වැඩ වාසය කරන කරන්දෙණියේ සුධීර සාමනේරයෝය.
උන්වහන්සේ අවශ්‍යතාවකට සිය විහාස්ථානයෙන් පිටව ගොස් යලි විහාරස්ථානයට වැඩීම සදහා කහ ඉර මතින් පාර මාරුවෙමින් සිටියදී අම්බලන්ගොඩ සිට ඇල්පිටිය දෙසට තරුණයින් දෙදෙනෙක් ගමන් ගත් යතුරු පදියක ගැටී මේ අනතුරට ලක්වී තිබේ.
මේ රිය අනතුරට ලක්වූ යතුරු පැදිය පැදවූ තරුණයා සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි. කරන්දෙණිය පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
popular news
-
රවීන්ද්‍ර බාලසූරිය Sunday, 22 August 2021 01:19 PM
සම්පූර්ණ වැරැද්ද ඇත්තේ, ඉර කැපෙන සේ මාර්ග නීති උල්ලංඝනය කරමින් 3-රෝද රථය නතර කර තිබීමයි. එවිට දෙපාර්ශවයටම ඇස ගැටීම අවම වී ඇත.
Reply : 1 3
Ranjan Tuesday, 24 August 2021 07:21 PM
pare kaha ira thiya moka uda giyath depathha nobala me hamuduruwo duwnawa ahppena eka ahannath deykda
Reply : 0 2
janahitha Wednesday, 15 September 2021 05:15 PM
uda panima nisa sidu una anathurak 3 wheel ekada vaga kiva yuthuva atha ikman suvaya pathamu
Reply : 1 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
