සඳුදා වෙද්දී වෘත්තීය සමිති රට වහනවලු
සිකුරාදා වන විට රජය රට වැසීමක් සිදු නොකලහොත්, සදුදා සිට වෘත්තිය සමිති ලොක් ඩවුන් කිරීමකට සියල්ල සූදානම් බව රාජ්‍ය, අරධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් පවසයි.
“භාගෙට ප්‍රතිශක්තිය හදා ගත් මහ ජනතාව, අනවශ්‍ය නිරාවරණයකට ලක් කර "ශ්‍රී ලාංකේය කොවිඩ් ප්රභේධය" නිර්මාණය කරන තුරු බලා නොඉද, ආණ්ඩුව ලොක් ඩවුන් නොකරන්නේනම්, වෘත්තීය සමිති ඒකාබද්ධ ලොක් ඩවුන් කිරීමක් සඳහා සියළු වෘත්තීය සමිති සූදානම්” බව ඔහු පවසයි
ලොක්ඩවුන් කිරීම විද්‍යාත්මක ලොක ඩවුන් කිරීමක් ලෙස සාර්ථක කර ගැනීමට අදාල අවශ්‍යතා රට තුළ සම්පූර්ණ කිරීමටද මෙම "ලොක් ඩවුන් වර්ජන ක්‍රියා මාර්ගයෙන්" ආණ්ඩුවට බල කරන බවත් ඔහු සදහන් කරයි
ඒ අනුව
1. දින 10ක විද්‍යාත්මක ලොක් ඩවුන් කිරීමක් සිදු කරන්න
2. අවම වශයෙන් එම කාළය තුල කොවිඩ් PCR, රැපිඩ් PCR, ක්ෂණික ප්‍රතිපාදන ජනක ඇතුළු කොවිඩ් පරීක්ෂණ ලක්ෂයක් සිදු කරන්න
3. ආසාදිතයින් වෙන් කරන්න.සාමාන්‍ය රෝග ලක්ෂණ සදහා නිවසේ ප්‍රතිකාර සැලසුම් කරන්න
4. රෝග ලක්ෂණ සහිත අතර මැදි ප්‍රතිකාර අවශ්‍ය අය සදහා ඇදන් ලක්ෂයක අතරමැදි මධ්‍යස්ථාන සූදානම් කරන්න
5. අත්‍යවශ්‍ය ප්‍රතිකාර සදහා ඇදන් 10000ක් වෙන්කර තබන්න
6. විද්‍යාත්මක ආවේක්ෂණයක් හරහා රෝගය නිවැරදිව පුරෝකථණය කිරීම සැලසුම්.කරන්න
7. එම කාලය තුල සංචාරකයින් ගෙන්වීම වලක්වන්න.
8. සියළු විදේශ වල සිට පැමිණෙන ආගමනිකයින්ගේ ප්‍රභේද පිළිබද සැලකිලිමත් වන්න
9. රට තුල හමුවන රෝගීන්ගේ ප්‍රමාණය අනූව කොළ, තැඹිලි, රතු කලාප හදුනා ගැනීම සහ කොළ- තැඹිලි කලාප ආරක්ෂා කරමින් වැඩි දියුණු කිරීම.
10. ලොක් ඩවුන් කාලය තුල ජන අවශ්‍යතා පිළිබදව රජයේ වගකීම ඉටු කරන්න
popular news
-
Prabath Wednesday, 18 August 2021 09:55 PM
Niyama OT paara neda Kumudesh Modaya and Saman Booruwa. Gon rala thopita RP inna thibbe. Prabath
Reply : 0 0
Prabath Wednesday, 18 August 2021 10:00 PM
Sathosa, Samupakara and Supiri Welandasal okkoma aniwaryen arinna. Munta kanna nethuwa marenna kiyanna. Balu haththa. Prabath
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

