පසුගිය මාස දෙක තුළ ලොව පුරා ආසාදන ඉහළට - WHO
රටවල්, කලාප හෝ බල ප්‍රදේශ 148ක ඩෙල්ටා ප්‍රභේදය වාර්තා වී ඇති හෙයින්, පසුගිය මාස දෙක තුළදී ගෝලීය වශයෙන් නව කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අද (18දා) නිකුත් කළ සතිපතා සමාලෝචන වාර්තාව සඳහන් කරයි.
පසුගිය සතිය තුළ නව ආසාදිතයන් මිලියන 4.4කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, මෙම ප්රවණතාවට බොහෝදුරට හේතු වී ඇත්තේ බටහිර පැසිෆික් කලාපයේ සහ ඇමෙරිකානු කලාපයේ ආසාදන වැඩිවීමකි. එය පෙර සතියට සාපේක්ෂව පිළිවෙලින් 14%ක සහ 8%ක වර්ධනයක් වාර්තා කළේය.
ගෝලීය වශයෙන් වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට මිලියන 206ක් ඉක්මවා ඇති අතර, සමස්ත මරණ සංඛ්‍යාව මිලියන 4.4ක් පමණ වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවට අනුව, ජනගහනය 100,000කට වැඩිම සතිපතා ආසාදිත සිද්ධීන් වාර්තා වන කලාප, ගිය සතියේ පැවති ආකාරයටම පවතී. එනම් ඇමෙරිකානු සහ යුරෝපා කලාපයේ, ජනගහනය 100,000කට පිළිවෙලින් ආසාදන 147.4ක් සහ 121.6ක් වාර්තා වී ඇත.
රටවල් මට්ටමින් ගැනීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ, පසුගිය සතිය තුළ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ එක්සත් ජනපදයෙන් බවයි. එය නව ආසාදන 883,996ක් හෝ 9%ක වැඩිවීමක් වාර්තා කර ඇති අතර, ඉරානය (නව ආසාදිතයන් 269,975ක් හෝ 9%ක වැඩිවීමක්) වාර්තා කර ඇත. ඉන්දියාව (නව ආසාදන 258,121ක් හෝ 7%ක අඩුවීමක්) වාර්තා කර ඇත.
මේ අතර, පසුගිය සතිය තුළ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූයේ ඉන්දුනීසියාව, බ්‍රසීලය සහ රුසියාව යන රටවලින් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේය.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

