saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 6992 hours ago

LATEST

ගම්පහ ‌දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිත තත්ත්වය

calendar_today 2021 මැයි 12 - 11:33 remove_red_eye - 516  

කොරෝනා ආසාදිතයින් 644 දෙනෙකු වන වැඩිම සංඛ්‍යාවක් අද (12) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලයක් තුල හමුව ඇති බවත් මෙය ඉතා අහිතකර තත්ත්වයක් බැවින් ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සදහන් කරයි.

විදේශගතව සිට මෙරටට පැමිණෙන සියලු පුද්ගලයින් දින 14ක කාලයක් නිරෝධායනයේ යෙදීම අනිවාර්ය කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

Read More

කොවිඩ් වසංගතය පැතිරයාම වැළැක්වීම වෙනුවෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණ සීමා පැනවීය. මේ මධ්‍යම පළාත තුළ ස්ථාන කිහිපයක ඒය ක්‍රියාත්මක වූ අයුරුයි.

Read More

කෝවිඩ් 19 ආසාදිත විමෙන් බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පස්සර පොලීසියට අනියුක්තව සේවය කල උප පොලිස් පරික්ෂකවරයකු අද (12) අලුයම මියගිය බව බදුල්ල පොලීසිය පවසයි.

Read More

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සහ සාජා ගුවන් තොටුපළ , සිංගප්පූරුව , ඉතාලිය , පිලිපීනය සහ ඕස්ට්‍රේලියාව වෙත ගුවන් මගීන් රැගෙන යෑම 05/12 අලුයම 00.00 පැයේ සිට අත්හිටුවා තිබේ.

Read More

කොවිඩ් වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායකයෝ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී රැස්වූහ.

Read More

දකුණු ආසියාවේ විශාලතම ආර්ථිකයට හිමිකම් කියන රාජ්‍ය ලෙස ඉන්දියාව අත්විඳ ඇති කොවිඩ්-19 වසංගතයේ දරුණු බලපෑම කෙරෙහි අගමැති මෝදි මෙන්ම, පාලක පක්ෂය දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති පසුබිමක, ඉහළ පෙළේ රාජ්‍ය නායක සමුළුවක් වෙත පැමිණීම මෝදිට රෙදි ඇඳගෙන කළ නොහැක්කක් බව විදෙස් විචාරකයෝ පෙන්වා දෙති.

Read More

සබරගමු පළාතේ ෆාමසි හැර සියලුම වෙළඳසැල් රාත්‍රි 7න් පසු වසා දැමීමට කටයුතු කරන ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පළාත් බලධාරීන් වෙත ඊයේ (11) දා දන්වනු ලැබීය

Read More

බුස්ස බන්ධනාගාරයේ රැදවියන් 08 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට අද (11) තහවුරුවි ඇති බව බූස්ස බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.

Read More

කොවිඩ් රෝගින් වාර්තාවීම අනුව අද (12) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 6ක ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට කටයුතු කර තිබේ.

Read More

සිනෝෆාම් එන්නත් ශ්‍රී ලංකාවේදී නිපදවීම සඳහා මෙන්ම එන්නත් ලංකාවට ඉක්මනින් ලබා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ශෙන්හොන් මහතා හා රජයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

Read More

ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 435 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

’’මගේ මූලික ප්‍රවේශය වන්නේ විද්‍යාව සමග බැඳී සිටීමයි. ඉහළ මට්ටමේ දේශපාලඥයන්ට උපදෙස් ලබාදීම සඳහා මා අසා ඇති හොඳම උපදේශය නම්, ඔවුන් මට නැවත ඒ සඳහා ආරාධනා නොකිරීමට අදහස් කළත්, සැමවිටම සත්‍යයම පැවසීමයි.’’ ඇමෙරිකානු කොවිඩ්-19 සටනේ නියමුවා වෛද්‍ය ඇන්තනී ෆවුසි කියයි.

Read More

මනුෂ්‍ය ඝාතන, කප්පම් ගැනීම්, සංවිධානාත්මක අපරාධ ගණනාවකට සම්බන්ධ නවගමුවේ පදිංචි මෙලන් මාඹුල නොහොත් උරු ජුවා නැමැත්තා පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසිය.

Read More

අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 1305ක් හඳුනාගෙන තිබේ. ඒ අනුව අද දිනයේදී වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2530ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ තවත් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ තහවුරු කරන ලද කොවිඩ් මරණ සංඛ්‍යාව 850ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ආසාදිතයන් හා මරණ ගොඩ ගැසෙමින් තිබියදී බටහිර ගුජරාට් ප්‍රාන්තයේ, චෝගත් ගම්මානයක වැසියන් වෙනුවෙන් පිහිටට පැමිණි ජීතු නම් ඖෂධවේදියෙකු සිය අත්දැකීම් විස්තර කරමින්, ’’මෙහි කිසිවෙකු නැහැ. සෞඛ්‍ය මධ්‍යස්ථානයක් නෑ.වෛද්‍යවරයෙක් නෑ. හෙදියක් නෑ. කොටින්ම මේ ගමේ සෞඛ්‍ය පහසුකම් නෑ. ඒ නිසා මම සුදුසු යැයි පෙනෙන ආකාරයට මේ මිනිසුන්ට යම් පිහිටක් වෙන්න උත්සාහ කරනවා.’’ යැයි කීවේය.

Read More

මත්පැන් අලෙවි හල් හා තැබෑරුම් සෑම දිනකම සවස 6.00 ට වසා දැමිය යුතු බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.

Read More

කටුනායක ප්‍රදේශයෙන් අද දින කොරෝනා ආසාදිතයන් 179 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ,වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය

Read More

දකුණු පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

Read More

අද (11) දිනය තුළ කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 1,225ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

අද (11) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,030ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අද(11) සිට මැයි 31 වැනිදා දක්වා අවලංගු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

කොවිඩි 19 ව්‍යාප්තියේ අවධානම මැඩ පැවැත්විම සදහා රජයේ එන්නත්කරන වැඩ සටහන වේගවත් කිරීමට සහාය වෙමින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව අද දින සිට කොවිඩි 19 එන්නත්කරන වැඩ සටහනට එක්විය.

Read More

දැනට රක්ෂිත බන්ධනාගාරයේ සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇප මත මුදා හරින ලෙසට ඉල්ලා ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සම මැයි මස 19 දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.

Read More

දුම්රියෙන් පාර්සල් ප්‍රවාහනය කිරිම නැවැත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබේ.

Read More

සෞඛ්‍ය අමාත්‍යංශය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සමඟ කළ සාකච්ඡාවක ප්‍රතිඵල අනුව කොවිඩ් එන්නත්කරණය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඉදිරි දින කිහිපය තුළ නව තාක්ෂණයෙන් යුතු ඩිජිටල් හැඳුනුම්පතක් මහජනතාව වෙනුවෙන් නිකුත් කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

ගැබිනි කාන්තාවන් සඳහා කොවිඩ් එන්නත් ලබාදීමට ද මෙහිදී සාකච්ඡා කරන ලද අතර එහිදී ඔවුන්ට එන්නත් ලබාදීම සුදුසු බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ නියෝජිතයන් එහිදී පෙන්වා දී තිබේ.

Read More

විභාග දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

Read More

මොරටුව අලුත් ගාලුපාර පදික වේදිකාවේ වයස අවුරුදු පනහක පමන වන පුද්ගලයෙක්(11) වැටී සිටින බවට සුවිසැරිය ගිලන්රථ සේවයට ප්‍රදේශවාසීන් විසින් සිදු කරනු ලැබූ දැනුම්දීමට අනුව එහි කාර්ය මණ්ඩලය එම වැටී සිටි පුද්ගලයා පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇතැයි පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.