ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය මාදගල් සිට පේදුරුතුඩුව දක්වා වූ මුහුදු ප්‍රදේශයේ 2021 ජූලි 27 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 417යි ග්‍රෑම් 200ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
කොව්ඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සිදුකළ මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් තිදෙනා (03) වයස අවුරුදු 20ත් 40ත් අතර වසේ පසුවන තොන්ඩමන්ආරු සහ ගුරුනගර් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, මෙම සැකකරුවන්, කේරළ ගංජා සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉලවාලි පොලීසිය වෙත භාර දීමට නියමිතව ඇත.